(පාලිත ආරියවංශ)

පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදීම හා මරණීය තර්ජනය කිරීම  යන චෝදනාවලට වැරදිකරු වී වසර එක හමාරක සිරදඬුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී  චමින්ද විජේසිරි  සිය නීතීඥයන් මාර්ගයෙන් අභියාචනා පෙත්සමක් සහ ඇප අයැදුම් පතක්  බදුල්ල මහාධිකරණයට ඉදිරිපත් කළේය.

2019 වසරේ පෙබරවාරි 10 වැනි දා බන්ඩාරවෙල නගරයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක්  ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බව කියන බහින් බස්වීමක් මෙම පහරදීමට  මුල්වී ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.

තමන් පසු කරගෙන ගිය පොලිස් ජීප් රථයේ මඟ හරස් කළ හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස, එහි සිටි නිලධාරීන්ට මරණිය තර්ජනය කර පහරදී තුවාල සිදු කර ඇති බවද මෙම නඩුවේදි නඩු විභාගයේදී පැමිණිලි පාර්ශවය විසින් කියා සිටියේය.

මෙම නඩුව විභාග වන අවස්ථානව වන විට පළමුවැනි විත්තිකරු වූ රියදුරු බන්දුල රත්නායක නමැත්තා මියගොස් ඇති බවද අනාවරණය විය.

රජයේ අධිනිතිඥ ශක්ති ජාගොඩආරච්ච මහතා මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ අතර දෙවැනි විත්තිකිරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ද තෙවැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුජීවන සිල්වා මහතාද පෙනීසිටියහ.