
(පාලිත ආරියවංශ සහ ලුණුගල ප්‍රසන්න පත්මසිරි)
අයුතු අවහිරය , පහරදී කැමැත්තෙන් තුවාල සිදුකිරීම,පුද්ගලයන් දෙදෙනෙකුට මරනීය තර්ජනය කිරීම සහ යන චෝදනාවට වැරදිකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එක හමාරක ලිහි සිරදඬුවමක් ඌව පළාත් බද බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා අද 28 දා නියම කළේය.
මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු තිදෙනකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේදී විභාග වූ නඩුවේ දෙවන විත්තිකරු වු බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ට අවුරුදු එකහමාරක ලිහිල් සිරදඩුවමක්ද , තෙවැනි විත්තිකරු වූ ඔහුගේ ආරක්ෂකයා ලෙස කටයුතු කළ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිළධාරි රසික කරුණාතිලක නමැත්තාට වසර 10 කින් ගෙවියන මාස 1 ක ලිහිල් සිරදඬුවමක් නියම කළේය.
දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා, මෙම නඩුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් හෝ සමථ මණ්ලයෙන් සමථයකට පතකර ගත හැකිව තිබූ නඩුවක්. තෙවන සැකකරු වන රසික කරුණතිලකගේ අවුරුදු 33 වන පොලිස් සේවයේ එතෙක් කිසිම චොද්නාවකට හසු නොවු ප්‍රශංසා ලිපි 71 කට හිමිකම් කිවූ යාපනය මුලිතිව් කිලිනොච්චි ප්‍රදේශවල යුද්ධය කලායේ සේවය කර තිබෙනවා.
නොබෝ දිනකින් වශ්‍රාම ලැබීමට නියමිත බවත් විතිත්යේ නිඥයන් ගේ කරුණු දැක්වීමේදි අනාවරණය වූ බව සදහන් කළ විනිසුරුවරයා මෙම දඩුවම් විශ්‍රාම ලබා දීමට හානියක් නොවන බවද අවධාරණය කළේය.
මෙහි විත්තිකරුවන් වන පලමු විත්තිකරු මියගොස් සිටිනවා,දෙවන විත්තිකරු පාරිලිමේන්තු මන්ත්‍රිවරයෙක් ඇතැම් මන්ත්‍රිවරු වරප්‍රසාදවලට මුවා වෙලා පාර්ලිමේන්තුවේදි සෙන්කොළය පවා උදුරාගෙන දුවනවා, ගහගන්නවා,මිරිස්කුඩු ගහගන්නවා,නමුත් ඒ අය පාර්ලිමේන්තුවෙන් පිටතදි එවැනි ක්‍රියාවන් වල නිරත වුණාම තමයි ප්‍රශ්නය. මේවා කොහොමද අනුමත කරන්නේ.කවුරුත් එවැනි සිද්ධි අනුමත කරන්නේ නෑ,අධිකරණයෙන් ලබාදෙන දඩුවම සමාජයට ආදර්ශයක් වෙනවා,ව්‍යවස්ථාදායකයත් මෙතන පැමිණ ඉන්නවා.
මෙතන විත්තිකරුවකු වන පොලිස් නිළධාරියා වසර 34ක සේවා කාලයක් රාජකාරි සිදුකර තිබෙනවා , ආරක්ෂකයා වුණාම ප්‍රභුවරයාගෙන් ජනතාවට සිදුවන හානිය වළක්වා ගත යුතුයි,
මෙම නඩුවේ දෙවන විත්තිකරු වන චමින්ද විජේසිරි මහතා අයුතු අවහිරය, පහරදි කැමැත්තෙන් තුවාල සිදුකිරීම පුද්ගලයන් දෙදෙනකුට මරණීය තර්ජය එල්ල කිරීම යන චෝදනා හතරටත් ඔහුගේ ආරක්ෂක නිළධාරියා ලෙස කටයුතු කළ ඇමති ආරක්ෂක අංශයේ රසික කරුණාතිලක නමැති තෙවැනි විත්තිකරු අයුතු අවහිරය සහ මරණිය තරජන එල්ල කිරීම යන චෝදනා වන්ටත් වරදකරු බව මෙම නඩු විභාගයේ තීන්දුව දැනුම් දෙමින් මහාකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා ඉකුත් 2026-මැයි මස 25 වනදා තීරණය කර තිබිණ.
ඡායා ප්‍රසන්න පද්මසිරි සහ පාලිත ආරියවංශ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
SJB එකේ අතිශයින්ම නීතිගරුක ප්‍රාදේශීය සභා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මර්දනය හෙලා දැකල, නැවතත් හෙලා දකිමු! එම හෙලා දැකීම්ද හෙලා දකිමු!
ඒ පසුවූ සොඳුරු යුගයේ ජනාධිපති, මැති ඇමැතිවරුන් පාරේ ගිය හැටි ජනතාවට තවමත් ලාවට වගේ මතක ඇති.
මාලිමා රජය යටතේ අවිනිත ඉස්සර සෙල්ලම් දැන් බැහැ.ඇතුලට ගිහිල්ලා හොදට විදලා එන්න.රට නිතිගරැක වෙන්නෙ මෙන්න මේ විදියට.ඔය හොරකම් මැරකම් කරන ඔක්කෝටම නියම දඩුවම දෙන්න…රට දැන් ලස්සනට හැදෙනවා.අපි මාලිමාවට දුන් චන්දෙ කොටියක් වටිනවා.
ඉතාම හොඳයි. මේ වගේ අයගේ සහය ඇතිව තමයි පාතාලය හැදෙන්නේ.
මේ අයගෙන් වැඩකුත් නැති එකේ හිරගෙදරින් කුඹුරු කොටන්න, හාන්න යවන්න. නිකං කන්ඩ බොන්ඩ දෙන්න එපා. සජිත් මහත්තයගේ කට්ටිය අපූරුවට ගැලපෙනවා කුඹුරු හාන්න.
අයියෝ හොඳටම මදි.
යහපාලනය කියා ගත් පුට්ටු පාලන කාලයේ මොවුන් හිටියේ අඩි ගණනක් උඩින් ! දැන් බිමට වැටිලා, කෙරුව පවු ගෙවන කාලය ඇවිල්ලයි තියෙන්නේ.
සතුටුදායක පුවතක්, ඒ් වුනාට මෙතුමාට හිර ගෙදර ඉඳලා පා්ර්ලිමේන්තු එන්න පුලුවන් නේද? -
චන්දෙ කාලෙට ගෙවල්වලට ඇවිල්ලා වැඳලා පුදලා චන්දේ හිඟා කාලා ජරා සභාවට ගියාට පස්සේ උන්ට වඩා ලොකු කවුරුවත් නැහැ. මහජන නියෝජිතයෝ වුණාට උඹලා හැසිරෙන්නේ නීතියට යටත් නැති රස්තියාදුකාරයෝ වගේයි. දීපු දඬුවම ලිහිල් වැඩියි. අඩුම ගානේ අවුරුදු 5ක්වත් ඇතුළට දාන්න ඕනා. හොඳ නිහතමානී හැදිච්චකමක් තියෙන හොඳ මහජන මන්ත්‍රීවරු ඉන්නවා. එගොල්ලන්ට අපගේ ආචාරය.
බලයෙන් ඔලුව උදුම්මගෙන වැඩ කෙරුවේ.හොඳ වැඩේ.
අධිකරනයට ප්‍රනාමය, නීතියට උඩින් සිටි මෙවැනි මධාවියන්ට , නියම දඩුවම දීම ගැන
සමාජයට ආදර්ශයක් වෙන්නනම් බරපතල වැඩ ඇතුව මාස 180ක හිර දඬුවමක් දෙන්න තිබුණා. මාස 18ක ලිහිල් දඬුවම කිසිසේත්ම ආදර්ශයක් නොවේ.
දැන් ඒ ආණ්ඩු යටකේ ඇමති කෙනෙක් වරදක් කළත් නීතිමය ක්‍රියාමාර්ග අරගෙන මෙහෙම දඬුවම් දෙනවා.. දැන් මේ ආණ්ඩුවෙ ඇමති කෙනෙක් තමන්ගෙ ගංජා හේනක් අල්ලන්න ගිය පොලිස් නිළධාරියෙකුට පහර දුන්නා නේද? කෝ එවට නීතිය ක්‍රියාත්මක වෙලා නඩුවක් දාලද තියෙන්නෙ...වෙනස සැපයි නේද ???