
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් මිලියන 2ක මුදලක් ලබා ගැනීමේ අල්ලස් සිද්ධියේ සැකකරුවන් සහ සාක්ෂිකරුවන් සොයා අල්ලස් කොමිසමේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ විශේෂ පොලිස් කණ්ඩායමක් ඕස්ට්‍රේලියා බලා යෑමට නියමිතය.
එයාර් බස් අල්ලස් ගනුදෙනුවේ මුදල් හුවමාරු වූයේ යැයි කියන ගිණුම් හිමි ඕස්ට්‍රේලියාවේ පදිංචි සැකකාර , සාක්ෂිකාර පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර සාක්ෂි අනාවරණය කිරීම සඳහා මෙම ඒකාබද්ධ මෙහෙයුම දියත් කොට ඇත.
මෙම අල්ලස් මුදල් ප්‍රේෂණය වූයේ යැයි කියන බැංකු ගිණුමක හිමිකරුවකු බව කියන ඩබ්ලිව්. ඩි. නිමල් පෙරේරා යන අය ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින බව අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකාර මියගිය හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක හා හිටපු ඇමති චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ සැකකරුවන් විදේශගතව සිටින අතර ඔවුන්ට මේ වන විට කොළඹ හා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කොට ඇත.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම අල්ලස් කොමිසම මගින් සිදුකොට ඇති අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව රහස් පොලිසිය මගින් ගොනුකොට ඇත.
බෘනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා ප්‍රකට යුරෝපීය සිවිල් ගුවන්යානා සමාගමකින් (European Aeronautic Defence and Space company (EADS)) යූරෝ 1,454,645.54 ක(ඇමරිකන් ඩොලර් මිලියන දෙකක ) අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුලවන් තරම් ඉක්මන් කරන්න, සෑම සාක්ෂියක්ම නිසි පරිදි ගන්න, දුෂිතයන්ට උපරිම දඩුවම දෙන්න