
(මනෝප්රිය ගුණසේකර)
දෙහිවල ප්රදේශයේ අවන්හලක කළහාකාරී ලෙස හැසිරෙමින් පිස්තෝල පෙන්වා එහි සේවකයන්ට පහරදී අනර්ථය කිරීම සහ දේපළ කොල්ලකෑම ඇතුළු චෝදනාවන්ට වරදකරුවන් වු පොලිස් සැරයන්වරු දෙදෙනෙකු ඇතුළු තිදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා වසර 09 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
මීට වසර 18කට පෙර විත්තිකාර පොලිස් නිලධාරීන් ඇමති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරමින් සිටියදී මෙම අපරාධය කර ඇති බව පැමිණීල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විත්තිකරුවන්ට අදාළ දඬුවම් පැමිණ වු විනිසුරුවරයා එම දඬුවම් කාලය වසර 03ක කාලයක් තුළ ගෙවී යන අන්දමට ක්රියාත්මක කිරීමට නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස ද`ඩුවම් නියම වුයේ ඇමති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ මේ වන විට මීගමුව පොලිස් කොට්ඨාශයේ පොලිස්ථාන වල සේවය කරන පොලිස් සැරයන්වරුන් වන ලියනගේ වසන්ත ජයකොඩි” චමින්ද බණ්ඩාර සකලසුරිය ඇතුථ තිදෙනෙකුටය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට තීරණය කළ විනිසුරුවරයා පොලිස් සැරයන්වරු දෙදෙනෙකු ඇතු`ථ විත්තිකරුවන්ට වසර 09 බැගින් බරපතල වැඩ සහිත සිරද`ඩුවම් නියම කර එම ද`ඩුවම වසර 03ක කාලයකින් ගෙවී යන අන්්දමට ක්රියාත්මක කිරීමට නියම කළේයග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd