
(සුජිත් හේවාජුලිගේ)
ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් නීතිඥ සහ අධිකරණ ක්ෂේත්රයේ මතුව ඇති අර්බුදය තවදුරටත් උඩු දුවන ලකුණු පහළ වෙමින් පවතී.
ඊට හේතුව ඇත්තේ තවත් නීතිඥ සංගම් සහ බහුජන සංවිධාන එම විරෝධයට තවදුරටත් එක්වෙමින් සිටීම බව අධිකරණ ක්ෂේත්‍ර ආරංචි මාර්ග සඳහන් කළේය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය පිළිබඳව සිය දැඩි කනස්සල්ල සහ අපේක්ෂාභංගත්වය පළ කරන බව ශ්‍රී ලංකා ඇන්ග්ලිකන් සභාව( CHURCH OF CEYLON ) නිවේදනය කළේය.
කොළඹ රදගුරු දුෂාන්ත රුද්‍රිගු සහ කුරුණෑගල රදගුරු නිශාන්ත ප්‍රනාන්දු යන පියතුමන්ලාගේ අත්සනින් යුතුව ඊයේ මෙම නිවේදනය නිකුත් කෙරිණ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීති ප්‍රජාව සහ සිවිල් සමාජය පෙන්වා දී ඇති නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටීමේ බරපතළ අවධානම කෙරෙහි රජය කන්දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන් වේ.
මේ තීරණය වහා හකුලා ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට පෙරේදා දැනුම් දුන්නේය.
ඒ අධිකරණ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදීය.
ඒ අනුව ඔහු නීතිඥ සංගමයේ මතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරන බව අධිකරණ අමාත්‍යවරයා එම සංගමයට පොරොන්දු විය.
අධිකරණ අමාත්‍යවරයා එම දැනුවත් කිරීම අද හෙටම කරනු ඇතැයි දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසන්නේ මෙම තීරණය හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අදාලව ඇති වූ සිදුවීමටත් වඩා බරපතල ගැටලුවක් බවයි.
ආසියානු සංවර්ධන බැංකුව සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව විනිසුරුවන්ගේ ද උපදෙස් ලබා ගනිමින් සකස් කළ වාර්තාවේ කිසිදු ස්ථානයක විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කළ යුතු බවට නිර්දේශ කර නැති බවද ඔහු සඳහන් කළේය.
නිසි අධ්‍යයනයකින් තොරව ගෙනවිත් ඇති මෙම යෝජනාව නීති ක්ෂේත්රය තුළ ගැටළු සහගත තත්ත්වයක් නිර්මාණය කර ඇති බව රජීව් අමරසූරිය මහතා කීය.
මෙම යෝජනාවට නීතිඥයන් සියලු දෙනාම විරුද්ධ හෙයින් ආණ්ඩුව ජනමත විචාරණයකට යා යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් කරුණු දක්වන ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා විනිසුරුවරුන්ගේ සේවා කාලය හෙවත් විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි.
එය අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් බව ඔහු පෙන්වා දුන්නේය.
ඉහළ උසාවි වල නඩු කඩිනම් කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ප්‍රකාශ කරන නමුත් නඩු තදබදය පවතින්නේ ඉහළ උසාවිවල නොව පහළ උසාවි වල බව පීරිස් මහතා සඳහන් කරයි.
ඉහළ උසාවිවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගත් කැබිනට් තීරණය සම්බන්ධයෙන් එන සතියේ පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස හඬ නැගීමට සමග ජන බලවේගය ප්රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.
මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී අදහස් දැක්වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයා දැනුවත් කළ බවය.
එම යෝජනාවලිය පිළිබඳව ලබන සඳුදා කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
anglican සභාව? හා හා හා... රනිල් හැම තැනක්ම අල්ලගෙන අවුස්සනවා වගේ.
අන්ත අන්ධ කුලී මාලිමා හෙංචයියකුට පවා හෘදය සාක්ෂිය දශමයක් වත් ඇත්නම් ආංඩුවේ මෙම භයානක උත්සාහයට පක්ෂපාතී ව ලිවිය කොමෙන්ටු ලිවිය නොහැක.
සාමාන්‍ය විදියට කරගෙන ගියා නම් මෙතන කිසිම අර්බුදයක් නැහැ, නැති අර්බුදය මැව්වෙ මේ ආණ්ඩුව.
මේ වගේ දෙයක් කරන්න ඉස්සරවෙලා අධ්‍යනයක් කරලා අදාළ පක්ෂ වලින් අදහස් විමසලා කල යුතුව තිබුන . එහෙම කළා නම් මේ අවුල් මොකුත් නැහැ . මේ යෝජනාවේ වාසි ගොඩක් තිබෙනවා . ඒවගේම අවාසිත් තියෙනවා . ඒක නිසා තමයි අධ්‍යනයක් කල යුතුව තිබුනේ .
සාමාන්‍ය විදිහ වෙනස්කරල, පාදඩකරනය වෙච්ච රට වැදගත් විදිහට හදන්න තමයි මිනිස්සුන්ට ඕන උනේ. ඒකයි හිටපු හොරු, මිනීමරුවන්ව එලවලා, මේ ආණ්ඩුව පත්කරගත්තේ.
රනිල්ලා, රාජපක්ෂලා, සජිත්ලා ඇතුලු Status Quo පාර රාජ්‍යය තමන්ට පුළුවන් උපරිම උත්සාහය දරනවා මේ ආණ්ඩුව වට්ටන්න. හේතුව මේ අවුරුදු පහ ඇතුලේ ආණ්ඩුවට වැඩකරන්න දුන්නොත් ඒ අයට අනාගතයක් නැතිවෙනවා. කරල තියෙන දේවලට හිරේ ලගින්න වෙනවා.
චාමර භයානක උත්සහය ඇත්තෙ රජයට නෙමෙයි එය ඇත්තෙ , නඩු තියෙන විපක්ෂෙ ගොයියන්ට, මෙය කල යුතු දෙයක්මයි, හොරුන්ට පගාමරුවන්ට දඩුවම් කරන්න
ලුම්බිනි මෙය කල යුතු දෙයක් , නිතිඤ්ඤ සංගමය මෙයට විර්ද්දව තිබ්බ රැස්විමෙ හිටියෙ 600 පමන නිතිඤ්ඤයො, නිතිඤ්ඤ සංගමයෙ ඉන්නව 14000 කට වඩා සමාජික පිරිසක් , රටේම ඉන්නව 26000 පමන නිතිඤ්ඤයො, පේනව නේද මෙම විරුද්ද පිරිස කොතරම් අඩු ප්‍රමානයක්ද කියල, මෙයට විරුද්ද පොහොට්ටුවෙ , ස ජ බෙ නඩු තියෙන හොරු රැල. ඒ අතර දයාසිරි ජයසේකර, නාමල් , රනිල් , මුලිකයි , මෙම රජය රටට අගතියක් වන කිසි දෙයක් කරන්නෙ නැ. ජනතාවට එම විශ්වාසය තියෙනව
හොරුන්ට , කප්පම් නාරයන්ට බඩ යනව , දැන් කවුරුත් නීතියට යටයි, මේ විනිශ්ච කාරවරු කිසිම නඩු තීන්දුවක් නීතියට පටහැනිව දෙන්නෙ නැ , මේ රජයට අවශ්‍ය නැ මිනිසුන් නිකරුනේ දඩයම් කරන්න, මේ රජය නීතියට ඇගිලි ගහනව නම් අද හරක් කටාගෙන් කප්පම් අරගත්ත විජේදාස රාජපක්ෂගෙ පුතාට. හොරන ස ජ බ සංවිධායකට ඇප ලැබෙන්නෙ නැ . විනිශ්චකාරවරුන්ගේ සේවා කාලය දික්කල යුතුමයි
හරේ හිරගෙවල් පිරිල දොරේ ගලනව , මෙහේ විපක්ෂෙ හොරු රැල පල පුරුදු නඩුකාරයන් ගෙදර එලවන්න හදනව , කාලෙ හරි කියල
අනුර කිව්ව නඩු අහන කොට කෙදිරිගාන්න එපා කියල. ඒ එක්කම කිව්ව නයා මුගටිය එක කොටේට නගිනව කියල. දැන් ඒ කියපු දේ ඇස් පනා පිට රග දැක්වෙනව
මේකෙ උඩු දුවන්න දෙයක් නෑ , මොකද රටම දන්නව මෙම ප්‍රශ්නෙන් යන එනමන් නැතිව ඉන්නෙ මීට පෙර නීතිය සතපහකට මායිම් නොකල විපක්ෂයේ මන්ත්‍රිල කියල.මේ කලබලය ජනතාවගෙ නෙමෙයි , දුෂිත දේශපාලුවන්ගෙ
මේවට විරුද්ධ වෙන කවුරුත් පිළිගන්න පුළුවන් හේතු කියන්නේ නැහැ. ආණ්ඩුවට චන්දේ දුන්න මිනිස්සු දුන්නේ මේවා හරියට හදන්න තමයි. මෙගොල්ලොන්ට අධිකරණයේ මොන දේ කළත් අකමැතියි. ඒවගේ රජ කරගෙන ඉන්නේ.
කරුණාකර අදහස් යාවත්කාලීන කර, මේ පිළිබඳ නවතම තොරතුරු පළ කරන්න.
බංකොලොත් දේශපාලන පක්ෂවල ඉන්න පෙරකදෝරුවෝ ඇරෙන්න ඇති අය සහ බහුතර ජනතාව මේකට කැමතියි.
මෙතන අර්බුධය ඇත්තේ, විපක්ෂයට සහ නඩු ගොඩ ගැසුණු දේශපාලනයේ ඉන්නා පිරිසටයි, රට්ටුන්ට නම් එහෙම අර්බුදයක් නොපෙනේ...
ලංකාවේ අනවශ්‍ය ආධිපත්‍යයන් තබාගෙන කටයුතු කරන සංවිධාන ගැන විශාල අපුලක් එන්නේ. මෙහෙම ගියාම යහචේතනාවකින් තීන්දු තීරණ ගන්නා වූ රජයකට යම් යම් තීරණ ක්‍රියාත්මක කරලීමේ හැකියාව නැතිව යනවා. ආයු අපේක්ෂාව 72-76 දක්වා වැඩිවූ රටක විශ්‍රාම වයස හැම ක්ෂේත්රයේම ඉහළ නැංවීමේ වරදක් පේන්නේ නැහැ. රටේ ජනතාවට හෝ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබද මතුවන ගැටළුවක් මේ යෝජනාව ඔස්සේ අර්ථ දැක්වීම කිරීමම පුදුමයක්...
කිසිම උඩු දිවිල්ලක් නැහැ. රටේ දේපළ හොරා කෑවා සහ වෙනත් අපරාධ වලට සම්බන්ධ දේශපාලඥයින් සහ ඔවුන්ට ආවඩන සුළු පිරිසක් හැර රටේ අති මහත් බහුතරයක් මේ සංශෝධනට කැමැතියි. එක නිසා ආණ්ඩුව මෙය අනිවාර්යෙන් ගෙන ආයුතුයි...
මහාචාර්ය ප්‍රතිභා මහානාමගේ වටිනා ලිපියක්/සාකච්ඡාවක් තියෙනවා මේ සයිට් එකේ. ඒක කියවලා අදහස් දක්වන්න.
සම්පූර්ණ නම/තනතුර මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා.
හරේ දයාසිරි විපරිත වෙලා, නාමල් කියන දෙයක් තේරෙන්නෙ නැ, වැලිකඩ හිනෙනුත් පේනව. ඒ කාලෙ නිතියෙ දෙවගනට උඩින් සිටි පිරිසයි මෙම කටයුත්තට විරුද්ද
මෙයට විරුද්ද දූෂිත දේසපාලුවෝ සහ උන්ගේ වහල්ලූ .නඩු වැටිච්චි ,ඇප පිට ඉන්න, හිරේ යන්ඩ වෙන බව දන්න උන් කැමතිම නැහැ.
මේ රටේ පුවත් පත් පෙන්වන්නෙ මෙයට විරුද්ද පැත්ත විතරයි , ඒ අය නිතිඤ්ඤ සංගමයෙ ඔක්කොම විරුද්දයි කියනව මෙම සේවා දිගුවට, නිතිඤ්ඤ සංගමයෙ සාමාජික සංඛාව 14000 කියල පත්තර කියන්නෙ නැ, නිතාඤ්ඤයො 26000 පමන රටේ ඉන්නබව හෙල්කරන්නෙ නැ, ඒ එක්කම පෝ්ය දවසෙ තිබුන නිතිඤ්ඤ සංගමයෙ රැස්විමට පැමින හිටියෙ 600 පමන ප්‍රමානයක් බව කියන්නෙ නැ, ඒ තොරතුරු ජනතාවට වසංකරනව, පුවත් පතකින් විය යුතු සේවය ඔවුන් අමතක කරනව. ජනතාව දැනුවත් , ජනතාව මුලාකරන්න අපහසුයි