
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු පොලිස්පති සි. ඩි. වික්‍රමරත්න මහතා වෙනුවෙන් පූර්ණ පොලිස් ගෞරවාචාර සහිතව අවසන් කටයුතු එළඹෙන 20 වැනි සඳුදා බොරැල්ල කනත්තේදී සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා පැවසීය.
හිටපු පොලිස්පතිවරයා මාලඹේ තලා හෙන පරාක්‍රම මාවතේ නිවසේ සිටියදී ඉකුත් 17 වෙනිදින වෙඩි වැදීමෙන් මියගොස් තිබිණි.
පොලිස් ආචාර ධර්ම අනුව සීය දිවි නසා ගැනීම්වලදී කිසිදු පොලිස් නිලධාරියකුට පොලිස් උත්තමාචාර හිමි නොවන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන පවත්වන බවත් අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නැතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
සි ඩි වික්‍රමරත්න මහතා මෙරට 35 වෙනි පොලිස්පතිවරයායි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂලාට බයේ වැඩකෙරුවා වුණත් හිටපු ලොක්කානේ. ඉතින් ගෞරවය දුන්නට කමක් නෑ වගේ. හැබැයි එක එක්කෙනාගේ කීමට වැඩකෙරුවාම ඒ කරපුවාට කවදහරි වන්දි ගෙවන්න වෙන එක නියතයක්...
සම්ප්රදාය නම් සම්ප්‍රසාදය අනුවම සිදුවිය යුතුයි යනු මගේ හැඟීමයි. එය පුර්වාදර්ශයක් නොවිය යුතුයි.
එතකොට පොලිස් ආචාර ධර්ම මෙතුමාට බලපානවද?
"පොලිස් ආචාර ධර්ම" ගරුකරනවා කියන ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තු දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙන බව, දැන් දැන් එහි තුළ සිදුවන විශ්මය ජනක දේවල් මගින් පැහැදිලිවම පෙනෙනවා. කවුද ඇත්ත කියන්නේ කියලා ඇතුලේ ඉන්නා පොලිස් ලොක්කන් වත් දන්නවද කියා මගේ ආච්චි අහනවා... නැත්නම් එක් එක් කෙනාට ඕන විදියට නීතිය නමනවාද කියා සීයා ප්‍රශ්නයක් මතු කළා. පොලිසිය බාර ඇමැතිවරයා මොකද කියන්නේ?
දැන් මෙයා සියදිවි නසා ගත්තා කියලා ඔප්පු වුනොත් දීපු පොලිස් ගෞරවාචාර උත්තමාචාර අයින් කර ගන්නේ කොහොමද?
මම හිතන්නේ අත්වැරදීමකින් පිස්තෝලය පත්තු වෙලා. ඔහුට නිවන් සුව පතමි.