(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මරණීය දඬුවම් ඊයේ (31) නියම කළේය.

පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන සහ තරු හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව හේතූවෙන් පුද්ගලයින් 261 දෙනෙකුගේ මරණ සිදුකිරීම සහ තවත් පුද්ගලයින් 526 දෙනෙකුට බරපතල තුවාල කර ඔවුන්ගේ මරණ සිදුකිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණී.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව බහුතර තීන්දුවකින් තීරණය කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල රටේ පුරවැසියන් ආරක්‍ෂා කිරීමේ වගකීම පවරා තිබු විත්තිකරුවන් එම නෛතික වගකීම් නිසි අන්දමින් ඉටුකර නොමැති බවට තීන්දු කරමින් මෙලෙස දඬුවම් නියම කෙරිණී.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ආරක්‍ෂක ලේකම්වරයකු සහ පොලිස්පතිවරයකුට මරණීය දඬුවම් නියම වු ප්‍රථම අවස්ථාව වශයෙන් මෙය ඉතිහාස ගත වේ.

මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ලියනගේ (සභාපති), සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගේ බහුතර තීන්දුවෙන් විත්තිකරුවන් වරදකරුවන් කෙරුණු අතර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය මහතා බෙදුණු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව සඳහන් කළේය.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම යටතේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබු චෝදනාවන් මීට පෙර විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනාවන් පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව සඳහන් කරමින් විත්ති වාචක නොකැඳවාම විත්තිකරුවන් 2022 පෙබරවාරි 18 වැනිදා නඩුවෙන් නිදහස් කරන ලදී.

ඊට එරෙහිව නීතීපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචයක් විභාග කිරීමෙන් අනතුරුව විත්තිකරුවන් නිදහස් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දී තිබු නියෝගය ප්‍රතිශෝධනය කරමින් විත්තිකරුවන්ගෙන් විත්ති වාචක කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කෙරිණී.

ඒ අනුව යළිත් වරක් මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විභාග කෙරිණී.

2019 අප්‍රේල් 07 වැනිදාත් 21 වැනිදාත් අතර කාලයේ ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතු`ථ එහි සාමාජිකයින් පිරිසක් කොළඹ ඇතු`ථ නගරවල කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට ප්‍රමාණවත් හා විශ්වාස කළ හැකි බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීමෙන් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැර පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණ සිදුකිරීම සහ 500කට ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම මඟින් මිනී මැරීම හා මනී මැරීමට තැත් කිරීම ඇතුළු චෝදනා 855 ක් යටතේ නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණී.

ඒ අනුව මුලින්ම හිටපු පොලිස්පති පුජිත් සේනාධි බණ්ඩාර ජයසුන්දර මහතාට එරෙහි නඩුව දහවල් 1”45ට පමණ ආරම්භ කෙරුණු අතර නඩු විභාගය ආරම්භ කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා අධිකරන්‍ය අමතමින් තුනෙන් දෙකට වශයෙන් බෙදුණු තීන්දුවක් ප්‍රකාශයට පත්කරන බබව දැනුම් දුන්නේය.

කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය” කටුවාපිටිය සාන්ත සෙබස්කතියන් දේවස්ථානය” මඩකලපුව සියෝන් දේසවස්ථානය” කොළඹ සැංග්‍රිලා” කිංස්බරී” දෙහිවල ට්‍රොපිකල් ඉන් යන හෝටල් ඇතු`ථ සිථාන අටකට පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් මඟින් එම ස්ථාන වල සිටි පුද්ගලයින් 261 දෙනෙකුගේ මරණ සිදුකිරීම සහ තවත් පුද්ගලයින් 526 දෙනෙකුට බරපතල තුවාල කර ඔවුන්ගේ මරණ සිදුකිරීමට තැත් කිරීම ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 855ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති බව විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.

නඩුවේ පළමු සාක්කිකරු වශයෙන් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සාක්කි දෙමින් මෙම බෝම්බ ප්‍රහාර එල්ල කෙරුණූ 2009 අප්‍රේල් 21 වැනිදාට දින දෙකකට පෙර සිටම බුද්ධි තොරතුරු 08ක් මඟින් දැනුම් දී තිබුණත් එම තොරතුරු අනුව විත්තිකරුවන් කටුයුතු කරමින් ප්‍රහාරයන් වළක්වා ගැනීමට කටයුතු කර ඇති බවක් අනාරණය වී නැතැයි නඩු විභාගයේදී අනාවරණය වු බව සඳහන් කළ විනිසුරු මඩුල්ල මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ පිරිසක් කටයුතු කරන බවට වසරක පමණ කාලයකට පෙර සිටම සිදුවු විවිධ සිද්ධීන් ගෙහැර දක්වමින් දැනුම් දී තිබු බව නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සාක්කි දෙමින් හෙළි කර ඇතැයිද පෙන්වා දුන්නේය.

තොරතුරුක් සීයයට සීයයක්ම බුද්ධි තොරතුරක් වන්නේ නැති බවත් තොරතුරක් බුද්ධි තොරතුරක් දක්වා වර්ධනය කර ගැනීම පොලිස්පතිවරයාගේ වගකීමක් බවත් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් ඇතුළු පහසුකම් ඔහුට සපයා ඇති බවත් නඩුවේ සාක්කි දුන් හිටපු පොලිස්පතිවරුන් ්වන දේශබන්ධු තෙන්නකෝන් සහ චන්දන වික්‍රමරත්න මහත්වරු සඳහන් කර ඇති බව අවධාරණය කළ විනිසුරු මඩුල්ල මෙම බෝම්බ ප්‍රහාරයන් එල්ල කරන තුරුම එම ප්‍රහාර වළක්වා ගැනීම සඳහා විත්තිකරුවන් කිසිදු පියවරක් ගෙන නොමැති බවද ඒ අනුව විත්තිකරුවන් නීතීවිරෝධී නොකර හැරීම මඟින් මනුෂ්‍ය ඝාතනයන් කිරීම සඳහා ආධාර අනුබල දී ඇතැයිද අවධාරණය කළේය.

ප්‍රහාරයන්ගෙන් පසු විත්තිකරුවන් දැක්වු සක්‍රීය දායකත්වය ප්‍රහාරයන් එල්ල වීමට පෙර දැක්වුයේ නම් මෙම ප්‍රහාරයන් එල්ල වීම වළක්වා ගැනීමට හැකියාව තිබු බවත් විත්තිකරුවන් අතින් සිදුව ඇති වැරදි මානුෂීය අත්වැරදි නොවන බවත් තීන්දුවේ සඳහන් කළ විනිසුරු මඩුල්ල තමන් සමඟ හිටපු ජනාධිපතිවරයා අමනාපයෙන් පසුවු බව විත්තිකාර පොලිස්පතිවරයා සඳහන් කළත් ජනාධිපතිවරයා ඔහු සමඟ අමනාපයෙන් පසුවුයේ නම් ඔහුට පොලිස්පතිධුරයෙන් ඉවත්ව යෑමේ හැකියව තිබුණත් ඔහු එසේ නොකර පොලිස්පතිධුරයේ වරප්‍රසාද භූක්ති විඳීම මඟින් පෙනී යන්නේ ඔහුට ජනාධිපතිවරයා සමග වැඩ කිරීමට නොහැකි තත්වයක් නොතිබු බව යැයිද සඳහන් කළේය.

ප්‍රහාරයන් එල්ල කෙරුණු දිනවල නිවාඩු දිනයන් යෙදී තිබුණු බව පොලිස්පතිවරයා සඳහන් කළත් එය පොලිස්පතිවරයකුගෙන් බලාපොරොත්තු විය හැකි අන්දමේ නිදහසට කරුණක් නොවන බවද මේ තත්වය යටතේ විත්තිකරුවන්ගේ ප්‍රකාශ පිළිගැනීමට හැකියාවන් නොමැති බවද සඳහන් කළ විනිසුරු මඩුල්ල පොලිස්පතිවරයා වශයෙන් බලය හා හැකියාව තිබියදී ප්‍රහාරයන් වළක්වා ගැනීමට ගතහැකිව තිබු පියවරයන් නොගැනීම නිසා විත්තිකරුවන්ට සමාව දීමේ කිසිඳු හැකියාවක් නැතැයිද සඳහන් කළේය.

එම තත්වයන් යටතේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කළේය.

ඉන් අනතුරුව බෙදුණු තීන්දුව ප්‍රකාශයට පතකළ සාමාජික විනිසුරු විරාජ් වීරසුරිය මහතා නඩුවට පාදක වු මෙම ප්‍රහාර සිද්ධීන්ට පෙර කාතන්කුඩි අයියාර් හන්දියේදී ජාතික තව්හිද් ජමාද් සම්බන්ධ ප්‍රහාරය” වව්නියාවේ ප්‍රහාරය” මාවනැල්ල බුදු පිළිම සිද්ධිය” වනාතවිල්ලුව සිද්ධිය” නවසීන්ත ක්‍රයිස්චර්ච් සිද්ධිය සහ කාතන්කුඩි ප්‍රහාරය ආදී වශයෙන් සිද්ධීන් 06ක් සිදුව ඇතැයි අවධාරණය කළේය.

2009 අප්‍රේල් 20 වැනිදා සවස 4”16 දුන් තොරතුර සහ අප්‍රේල් 21 වැනිදා දුන් සිද්ධිය හැරණු විට අනෙකුත් තොරතුරු බුද්ධි තොරතුරු නොවන බව සාක්කිකාර නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසින් පිළිගෙන ඇතැයි තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා ලැබුණු තොරතුරු පොලිස් උපදෙස් පන්ති ආදී තැන් වලදී හෙළි කිරීම මඟින් අදාළ තොරතුරු සම්බන්ධයෙන් කටයුතු නොකළ බවට විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා පිළිගැනීමට හැකියාවක් නැති බවද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පත් කෙරුණු විශේෂ කමිටුවේ මහජන අදහස් දැකීමට දී ඇති දිනය සම්පුර්ණ වීමටත් පෙර නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවත් අසම්පුර්ණ වාර්තා අනුව යුහුසළුව විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවත් පෙන්වා දුන් විනිසුරුවරයා අසම්පුර්ණ වාර්තා අනුව කටයුතු නොකර එම අසම්පුර්ණ වාර්තා සම්බුර්ණ කර විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කිරීම නීතීපතිවරයාගේ වගකීමක් බවත් විනිසුරුවරයා අවධාරණය කළේය.

නීතීපතිවරයාගේ යුක්ති පසිඳලීමේ ක්‍රියාවලිය ස්වාධීන කළ යුතු බවත් එවිට දේශපාලන පීඩනයකින් තොරව නීතීපතිවරයා කටයුතු කරනු ඇති බවට අපේක්‍ෂා කිරීමට හැකියාව ඇති බවත් සඳහන් කළ විනිසුරුවරයා එසේ නොවුනහොත් යුක්තිය පසිඳලීම අපගමනය වනු ඇති බවත් අවධාරණය කළේය.

කෙසේ වුවත් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව පැමිණීල්ල විසින් ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරුවරයා සිය`ථම චෝදනා වලින් විත්තිකරුවන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කළේය.

හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රෝෂාන් දෙහිවල මහතා කරුණු දක්වමින් වසර 35ක නොකැලල් සේවයක් ඇති තම සේවාදායකයාට මෙම සිද්ධියට පාදකව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබු මුලික අයිතිවාසිකම් නඩු සඳහා රුපියල් මිලියන 750ක වන්දි මුදලක් ගෙවීමට සිදුවු බවත් ඔහුට එරෙහිව මෙම සිද්ධියට පාදකවම මේ වන විට සිවිල් නඩු 299ක් පවරා ඇති බවත් පෙන්වා දුන්නේය.

මෙම තත්වයන් හේතූවෙන් විත්තිකරුගේ බිරඳ හා දරුවන් දෙදෙනා බොහෝ මානසික පීඩයන්ට පත්ව ඇති බවත් තම සේවාදායකයා විවිධ රෝගාබාධයන්ගෙන් පෙළෙන හෙයින් හැකි අවම දණ්ඩනයක් නියම කරන්නැයි නීතීඥ රෝෂාන් දෙහිවල මහතා අධිකරණයෙන් ඉල්ලි සිටියේය” පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතා කරුණු දක්වමින් මෙම සිද්ධියේදී මරාගෙන මැරුණු බෝම්බකරුවන්ගේ ප්‍රහාර හේතූවෙන් ඝාතනයට ලක් වුවන් සිටියේ තම තමන්ගේ ආගම අදහමින් යැයි කීය.

විත්තිකරුවන්ගේ නොසැළකිල්ල නිසා තම තමන්ගේ ආගම අදහමින් සිටි අයට මිය යෑමට සිදුවු බවත් එහෙයින් විත්තිකරුට දැඩි දඬුවම් නියම කරන්නැයි තිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව සවස 5.00ට පමණ විත්තිකාර හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඇමතූ විනිසුරු මඩුල්ල තමා වරදකරු කර ඇති චෝදනාවන්ට මරණ දඩුවම නියම කළ යුතු හෙයින් එලෙස මරණ දඬුවම නියම නොකිරීමට හේතූ ඇත්නම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය” ඒ අනුව අධිකරණය ඇමතූ විත්තිකාර හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ‘මං හිකලා කිසිම මීනී මැරමක් කලේ නැහැ’ යැයි කීය.

හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් අධිකරණය අමතමින් මෙසේද පැවසීය” ‘මං පොලිසියට බැඳුණු දිනයේ සිය උපරීමයෙන් පොලිසියට කටයුතු කළා” මෙම සිද්ධිය ආරම්භයේ පටන්ම විජිත් මලල්ගොඩ කමිටුවේ සිටම මට අසාධාරණයක් වු බව මට හැගෙනවා” මං වැඩකළේ තවත් නිලධාරීන් සමුහයක් සමඟයි” මං වගේම වගකීම් තිබු අනෙකුත් නිලධාරීන් මේ සිද්ධියෙන් මුදාහැර තියෙනවා.

‘මගේ රැකියාව නැති කළේත් මගේ මුලික අයිතිවාසිකම් කඩවන ආකාරයට” මං පුදුම විධියට පීඩාවට පත්ව සිටිනවා” සිද්ධිය දිනයේ සිටම මේ දක්වා පැවරුණු මුලික අයිතිවාසිකම් නඩු හා සිවිල් නඩු නිසා මං දැඩි පීඩාවකට ලක්ව සිටිනවා” මගේ දරු දෙදෙනා සහ බිරිඳ පත්ව ඇති අසරණ භාවය පිළිබඳ අනුකම්පාවෙන් බලන්න කියා මා ඉල්ලා සිටිනවා.

‘මං පොලිසියට බැඳුණු දවසේ ඉදලා කිසිම දවසක කාටවත්ම අහිතක් අසාධාරණයක් වන අන්දමින් කටයුතු කරලා නැහැ” මං අදහන ආගමට අනුව මට මේ පළදෙන්නේ පෙර කරපු කරුමයක්” මං දැඩි අසරණ තත්වයකට පත් වෙලා ඉන්නේ’” (ඉතාම හැඟුම්බර අන්දමින්) ‘මේ සිද්ධිය වෙච්ච දවසේ ඉඳලා අද දවස දක්වාම මා හට ඇති පීඩනය ආදී සියළු දේ මට දඬුවම් නියම කිරීමේදී සලකා බලන්න” රටේ පොලිස්පති වශයෙන් මට විතරක් මේ විධියට කටයුතු කරන එක කොතරම් සාධාරණද? කියලා සළකා බලන්න කියලා ඉතාම යටහත් පහත්ව මා ඉල්ලා සිටිනවා’” මට කියන්න තියෙන්නේ එච්චරයි.

ඉන් අනතුරුව අධිකරණය ඇමතූ විනිසුරු මඩුල්ල රටේ පුරවැසියන් ආරක්‍ෂා කිරීමේ වගකීම පවරා තිබු පොලිස්පතිවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් කිසිඳු ක්‍රිියාමාර්ගයක් නොගෙන අක්‍රියව සිටීම මඟින් පුද්ගලයින් 268 දෙනෙකුගේ මරණ සිදු වීමට ඉඩහැරීම සහ තවත් පුද්ගලයින් 586 දෙනෙකුට බරපතල තුවාල වීමට ඉඩහැරීම ඉතාම බරපතල කාරණාවක් බව අවධාරණය කළේයග

මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චමින්ද අතුකෝරල මහතා කරුණු දක්වමින් අවුරුදු 76ක ඉතාම වයෝවෘද්ධ වියේ පසුවන තම සේවාදායකයා රෝගී තත්වයන්ගෙන් පෙළෙන අයෙකු යැයි කීය.

මෙම තත්වයන් හේතූවෙන් විත්තිකරුගේ බිරඳ හා දරුවන් බොහෝ මානසික පීඩයන්ට පත්ව ඇති බවත් තම සේවාදායකයා විවිධ රෝගාබාධයන්ගෙන් පෙළෙන හෙයින් හැකි අවම දණ්ඩනයක් නියම කරන්නැයි නීතීඥ චමින්ද අතුකෝරල මහතා අධිකරණයෙන් ඉල්ලි සිටියේය” පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුදර්ශන ද සිල්වා මහතා කරුණු දක්වමින් විත්තිකරු විසින් ගත යුතුව තිබු ක්‍රියාමාර්ග ගත්තේ නම් තම තමන්ගේ ආගම ඇදහීමට ගොස් සිටි විශාල පිරිසකගේ ජීවීත ගලවා ගැනීමට හැකියාව තිබුණේ යැයි කීය.

කෙසේ නමුත් විත්තිකරුවන්ගේ නොසැළකිල්ල නිසා තම තමන්ගේ ආගම අදහමින් සිටි අයට මිය යෑමට සිදුවු බවත් එහෙයින් විත්තිකරුට දැඩි දඬුවම් නියම කරන්නැයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය” ඉන් අනතුරුව සවස 7”30ට පමණ විත්තිකාර හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඇමතූ විනිසුරු මඩුල්ල තමා වරදකරු කර ඇති චෝදනාවන්ට මරණ දඩුවම නියම කළ යුතු හෙයින් එලෙස මරණ දඬුවම නියම නොකිරීමට හේතූ ඇත්නම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය” ඒ අනුව අධිකරණය ඇමතූ විත්තිකාර හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ‘මේක මගේ වරදක් නෙමේ” මේකට වගකියන්න ඕනේ හිටපු ජනාධිපති මෛතීපාල සිරිසේන මහතා යැයි කීය.

හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අධිකරණය අමතමින් මෙසේද පැවසීය.

‘මේකට වගකියන්න ඕනේ මං නෙමේ හිටපු ජනාධිපති මෛතීපාල සිරිසේන” මෙම සිද්ධිය වෙන විට එයා රට ගිහිං සිංගප්පුරූවේ මුස්තාපා එකේ ෂොපිං කර කර හිටියා කියලා කට්ටිය කියනවා” මං රජයේ සෙවකයෙන් විතරයි” ජනාධිපති රට යන විට මට බලප පවරා ගියේ නැහැ” ජනාධිපතිවරයා මට බලය පවරා ගියේ නැත්නම් ආරක්‍ෂක ලේකම් විධියට මජ කිසිම බලයක් නැහැ.

ඒ කාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය වශයෙන් කටයුතු කළේ රුවන් විජේවර්ධන මහතායි” හිටපු ජනාධිපති මෛතීපාල සිරිසේන මහතා රට යන විට රුවන් විජේවර්ධන මහතාට ආරක්‍ෂක අමා්‍යධුරයේ කටයුතු කිරීම සඳහා බලය පවරා ගියානම් අද මේ වගේ දෙයක් වෙන්නේ නැහැ” මං වයෝවෘද්ධ තත්වයේ පසුවන්නේ මට ශල්‍ය කර්මයක් කරන්න තියෙනවා” ඒත් මං ඒකට ගියේ නැහැ” මං ශල්‍ය කර්මයට ගියේ නැත්තේ නඩු කටයුතු පමාවෙයි කියන නිසයි” අධිකරණයට සහය වීමක් විධියටයි” මේ සියළු කරුණු සළකා මට ලිහිල් දඬුවමක් දෙන්න.

ඉදිරිපත් වු සියළු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබු චෝදනා 855න් එක් චෝදනාවක් හැර අනෙකුත් චෝදනා සියල්ලටම වරදකරුවන බව තීරණය කළ විනිසුරු මඩුල්ල එම චෝදනා අතුරින් චෝදනා 542කට වසර 12 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර එම වසර 6504ක සිරදඬුවම් කාලය වසර 12කින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේ.

එක් චෝදනාවකට රුපයල් 5000/- බැගින් චෝදනා 542ක සඳහා රුපියල් 2710000/-ක දඩ නියම කළ විනිසුරු මඩුල්ල එම දඩ මුදල් නොගෙවුවහොත් අමතර මාස 271ක සිරදඩුවම් නියම කෙරිණී.

ඉන් අනතුරුව අධිකරණයේ දැල්වෙමින් තිබු විදුලි බුබුලු නිවා දමා අධිකරණයේ රැස්ව සිටි සිය`ථ දෙනා නැඟී සිටි අවස්ථාවක විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට මරණ දඬුවම් ප්‍රකාශයට පත් කළේය.

ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවකදී වැලිකඩ බන්ධනාගාරය තුළදී ප්‍රාණය නිරද්ධ වනතුරු විත්තිකරුවන්ගේ බොටුවෙන් එල්ලා තැබීමට විනිසුරු මඩුල්ල නියම කෙරිණී.