
(රෝෂන් තුෂාර)
එයාර් බස් ගණුදෙනුවේ සැකකරුවකු ලෙස ඉදිරිපත් කළ නාමල් රාජපක්ෂ මහතා අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශයක් සිදුකර අධිකරණයට අපහාසයක් කර ඇද්ද ? නැද්ද?යන්න පිළිබඳව විමර්ශනයක් සිදු කර කරුණු වාර්තා කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා පොලිස්පතිවරයාට අද නියෝග කළේය.
නාමල් රාජපක්ෂ සැකකරු අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව පසුගිය 12 දින අනුරාධපුරයේ පැවැති ප්‍රසිද්ධ දේශපාලන රැස්වීමකදී ප්‍රකාශයක් සිදු කර ඇති විමල් වීරවංශ මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇද්ද යන්න පිළිබඳව විමර්ශනයක් කළ යුතු බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
එයා බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මෙම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මෙසේ පැවසීය.
පසුගිය 12 වැනිදා පැවැති රැස්වීමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන විමල් වීරවංශ මෙම නාමල් රාජපක්ෂ සැකකරු බන්ධනාගාර ගත කරමින් ඔබතුමා ලබා දුන් නියෝගය සම්බන්ධව ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකරනවා. ඒ ප්‍රකාශය පිළිබඳ අල්ලස් කොමිසම අවධානය යොමු කළා. ඒ අනුව මේ පුද්ගලයා 2024 අංක 8 දරන අධිකරණයක, විනිශ්චය සභාවක හෝ විනිශ්චය ආයතනයකට අපහාසය කිරීම යටතේ අධිකරණ අපහසයක් සිදුකර තිබෙනවාද කියා විමර්ශන කළ යුතු බව පවසනවා. ඕනෑම අයෙකුට අවශ්‍ය පරිදි ඔවුන්ගේ දේශපාලන ක්‍රියා කරන්න පුළුවන්. හැබැයි අධිකරණ ක්‍රියාවලිය, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සම්බන්ධව මෙහෙම හැසිරෙන්න දෙන්න බෑ එම නිසා ඔහුගේ (වීරවංශ මහතාගේ ) ප්‍රකාශයෙන් අධිකරණ අපහසයක් වී තිබෙනවාද යන්න අධිකරණය ඉදිරියේ විනිශ්චයට භාජනය විය යුතුයි.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශය මඟින් අධිකරණයට අපහාසයක් සිදුව ඇත්ද යන්න නිරීක්ෂණය කර වාර්තා ලෙස පොලිස්පතිවරයාට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd