
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මෙවර ඇසල මංගල්‍යයේ දැඩි කතාබහට ලක්ව ඇති 06 වැනි පේලි පෙරහරේ කාවඩි අංගය ඉවත් කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මාතර මහ දිසාපතිවරයා වෙත අද ලිඛිතව දැනුම් දී ඇත.
කාවඩි ප්රශ්නය හේතුවෙන් පෙරහරට යම් කිසි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ජාතික බුද්ධි ප්‍රධානී අංශය,රාජ්‍ය බුද්ධි සේවාව,පොලිස් විශේෂ කාර්යාංශය සහ දකුණු පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ලබා දී ඇති බුද්ධි වාර්තා පදනම් කර ගනිමින් එම නියෝගය ලබා දී තිබේ.
සංවිධානාත්මකව ගොඩබිමින් පැමිණ හෝ ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ යම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි වාර්තා මගින් පෙන්වා දී ඇත.
ඒ අනුව මාතර මහ දිසාපති චන්දන තිලකරත්න මහතා විසින් දෙවිනුවර බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ පොලිස්පතිවරයාගේ නියෝගය හා උපදෙස් පරිදි හෙට (28) සවස පැවැත්වීමට නියමිත 06 වැනි පේලි පෙරහරට කිසිදු කාවඩි කණ්ඩායමක් එක් කර නොගන්නා ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd