
(අංජුල මහික වීරරත්න)
නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා විපක්ෂයේ එකමුතුවක් බිහි කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයෝ කොළඹ විපක්ෂ නායක කාර්යාලයට රැස්වී එකමුතුවක් ඇතිකර ගත්හ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම විශේෂ රැස්වීම කැඳවා තිබිණි.
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ නායකයෝ ඊට සහභාගී වී සිටියහ.
මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ අධිකරණයේ ස්වාධීනත්වය මොට කිරීම සඳහා දැරූ හැම උත්සාහයක්ම අවසාන වූයේ ආණ්ඩු පෙරළියකින් බවයි.අනුරගේ ආඥාදායක ඒකාධිපති ආණ්ඩුව අධිකරණයට අත තබා තිබෙන්නේ යැයිද ප්රගතිශීලි ජනතාව ලෙස එම උත්සාහය පරාජයට පත්කර අධිකරණයට අත තැබීම අත පුච්චා ගැනීමක් බවට පරිවර්තනය කරනු ඇතැයි ද විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.තම පක්ෂ වල අදහස කුමක් වුවත් ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කිරීමේ පොදු අරමුණ වෙනුවෙන් පක්ෂ පාට හෝ වෙනත් භේද නොතකා ජනතා පරමාධිපත්‍යය සුරක්ෂිත කිරීමට කැප වෙමු යැයි විපක්ෂ නායකවරයා එහිදී කීය.
එහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ මේ වන විට ලංකාවේ සියලු දේශපාලන පක්ෂ ආණ්ඩුවේ ක්‍රියාවලියට එරෙහිව ඒකරාශී වී තිබෙන බවයි. ඊට අමතරව ලබන සඳුදා සංඝයා වහන්සේලාගේ විශාල සමුළුවක් කැඳවා තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා බදාදා නීතිඥ සමුළුවක් කැඳවා තිබෙන බව සඳහන් කළේය.
මේ කාරණය ගැන සියලු දෙනා එකඟත්වයෙන් කටයුතු කරන්නේ කෙසේද යන තීරණය මෙහිදී එළැඹිය යුතු බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ රටේ නඩු ලක්ෂ 11 විසඳීම සඳහා තේරුම් කාරක සභාවක් පත් කරන ලෙසට පාර්ලිමේන්තුවට යෝජනාවක් බාර දෙන්නැයි විපක්ෂ නායකවරයාට යෝජනා කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී අදහස් දක්වමින් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසූයේ පුද්ගලයන් ඉලක්ක කරගෙන ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමෙන් තමන්ගේ ආණ්ඩු පවා පරාජයට පත් වූ බවයි. ජනතාව එම ක්‍රමය ප්‍රතික්ෂේප කළ බවද නාමල් රාජපක්ෂ මහතා කීය. ඉන්න අයගේ කාලය දිගු කළා කියා නඩු ඇහෙන කාලය දිගුවන්නේ නැතැයිද රාජපක්ෂ මහතා කීය. ප්‍රායෝගික නැති කාරණා හේතු කරගෙන ආණ්ඩුව වාසි ගන්න උත්සාහ කරනවා නම් එය වැරදි බවද නාමල් රාජපක්ෂ මහතා කීය.
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාටලී චම්පික රණවක මහතා කීවේ ආණ්ඩුවේ දේශපාලන බලය පාවිච්චි කර අධිකරණය පාලනය කිරීමට උත්සාහ කරන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස විනිසුරුවරුන්ටත් යම් යම් තර්ජන එල්ල වී තිබෙන බව පෙනෙන්නේ යැයි චම්පික රණවක මහතා කීය.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කීවේ විපක්ෂ නායක කාර්යාලයට යන්නැයි තමන්ලාට දැනුම් දී තිබෙන්නේ ආණ්ඩුව විසින් බවයි.නැතිනම් විපක්ෂ නායක සමඟ එකතු වී සාකච්ඡා පවත්වන්න උවමනාවක් මතුවී තිබුණේ නැති බවද විමල් වීරවංශ මහතා පැවසීය.ආණ්ඩුව විසින් දැන් මේ රටේ අධිකරණය සිරගත කර තිබෙන බවද විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් ෆකිම්,සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර,සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර,හිටපු අමාත්‍ය ටිරාන් අලස්,ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්,ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්,ජාතික කම්කරු සංගමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි තිගාම්බරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහත්වරු ප්රමුඛ නායකයෝ මීට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප පිට, සැක පිට ඉන්න අය අධිකරණයේ ගෞරවය රැකගන්න ගමන් තමන්ගේ නඩු ටිකත් බේරගන්න දරන උත්සාහය අගය කරමු.
ඒක පැදුරේ ඉඳලා ඒක මේසෙට ආ එක පුදුමයකට දෙයක්ද?
"අධිකරණයේ ස්වාධීනත්වය හා ශිරාණි බණ්ඩාරනායක" මතක් වුණා. මේ එකතුවෙලා ඉන්නේ හොරු, කොමිස්කාරයෝ හා අපරාධකාරයෝ නේද. මෙහෙමවත් එකතුවෙලා ඔළුගෙඩි දකිනකොට එයාලට හිතෙනවා ඇති ජනතාවත් එයාලගේ පැත්තේ, මුළු ලංකාවත් අපේ කියලා. අනේ මෙහෙම ආතල්
නඩු තියන, ඇප පිට ඉන්න අයගේ හමුවක් වගේ. සජිත්, හකීම් වගේ කීප දෙනෙක් විතරයි නේද චෝදනා නැති අය ඉන්නේ?
කසළ ඔක්කොම එක ගොඩට, එක මිටට. දැක්කාම "නොදොමකින්" කියලා කියවුණේ කාටද?
ජනතා පරමාධිපත්‍යය ඔය ඔක්කොටම වඩා ඉහලයි. ඒක දැනට තියෙන්නේ මාලිමාව සමගයි. මොන දහංගැට ගැහුවත් ජනතාව ආණ්ඩුවට අවුරුදු පහක් දීල තියෙනව අවුරුදු හැත්ත ගණනක වැරදි හදන්න.
එකට එක්වී. එකට. කාබී. මුර්ගගති පාලා. උගුල් අටවයි මුර්ග ගති පාලා. ලෝකයේ. වෙන්ස් විසක් නැහැ. මිනිස්. විස වාගේ.
මෙහි ඉන්න බාගෙකට වඩා නඩු , ඒ කාලෙ කිව්වෙ ෆයිල් තිබුනට නඩු නැ කියල, දැන් නඩු වැටෙන කොට අඩනව , පලිගන්නව කියල, අධිකරනයේ විනිසුරුවරුන්ගේ සේවා කාලය දික්කල යුතුයි , එය හොද අදහසක්
මේ උදවිය අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන කාලේ උන්න හැටි අපට අමතක නැත .
එක මේසයක් කිව්වට මෙතනම තුනක් තියෙනවා. ඡන්දේ ලංවුනාම බලන්න පුළුවන් මේ එක මේසෙ තිහකට කැඩෙන හැටි. තමන් ගැන විතරක් හිතන උන් කොහොමද එකතුවෙන්නේ?
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගෙදර යවනවිට නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් මේ මහත්තුරු එකතු වුනාද? තමන් කරපු හොරකම්, වංචා, දූෂණ වලට නඬු වැටීගන එද්දී මෙයාලට නීතියේ ආධිපත්‍යය මතක් වෙලා. ඒ කාලේ දේශපාලන බලපෑම් තිබුන අධිකරණය අද ස්වාධීනව ක්‍රියාත්මක වන බව රටේ සාමාන්‍ය පුරවැසියන් වන අපිට නම් පේනවා.
දූෂිත පාලන ක්‍රමය රැකගැනීමට උත්සාහ කරන පිරිස එකට එකතු වෙමින් සිටින බව පෙනෙනවා. ජනතාව අනතුරට පත් කර හෝ විවිධ සිදුවීම් දේශපාලන වාසිය සඳහා යොදාගෙන බලය ලබා ගැනීමට උත්සාහ කිරීම ඉතා බරපතළ කාරණයක්. එවැනි අවස්ථාවලදී වැඩිම බලපෑම එල්ල වන්නේ අහිංසක සහ දුප්පත් ජනතාවටයි.
කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිහෙක් සජිත් කියන්නේ. මුහුන්දු ඡන්ද කාලේ කොහොමද මිනිස්සු ඇන්දුවේ? බැංකු කඩපු අය එක්ක එකතු වෙන්නේ නැහැ කියලා දිවුරුම් වුණා. මෙතන ඉන්නේ රටේ ඉන්න නියම අප්පච්චිලා ටික.
එක පොදියට රට බංකලොත් කරලා අපේ අනාගතෙත් කාපු සෙට් එක දැන් ඉතින් මංකොල්ලයක් වත් කාල ,ඉස්සර අපේ වියදමෙන් විඳපු රජ සැප විඳහල්ල
මේ මේ ..අර කෝට් කෑල්ලක් දාගෙන ඉස්සරහම වාඩි වෙලා ඉන්නේ ,රටට ඩොලර් හම්බ කරන්න පුළුවන් විදියට තිබ්බ, හම්බන්තොට විකුණලා කජු කාපු ආර්ථික ඔස්තාර් නේද ?
අතිශය දූෂිත වංචාකරුවන් සහ අපරාධකරුවන් පිරිසක් ගැලවී යාමට මගක් සොයමින් සිටිති. ටිරාන් අලස් යනු වඩාත්ම අවශ්‍යව සිටින වංචාකරුවාය..!
RIP.
රැකී රක්ෂා ඇබෑර්තු සොයාබැලීමට පැමිණීමක්
නඩු අවුරුදු ගණන් අදෙනකල් බලන් හිටපු. නඩු ලක්ෂ 11ක් අධිකරණ වල ගොඩ ගැහෙනකල් කටින් බතල හිටවපු අපරාධ කාරයින්ගේ දඬුවම් ලැබෙන්න කල් යනකල් හෝ.... දඬුවම් නොලැබෙන මට්ටමකට වෙනකල් නීතිය වල් වදද්පු තමන් ගේ නඩු වහපු කාලකන්නි එනවා අධිකරණයේ ස්වාධීනත්වය හොයන්න