
(ගයාන් සූරියආරච්චි)
රත්මලාන ගුවන් හමුදා කදවුරේ පුහුණුවීම්වල නිරතව තිබූ Y-12 වර්ගයේ ගුවන් යානයක සරුංගල් නූල් එතීම හේතුවෙන් එම ගුවන් යානය නැවත රත්මලාන ගුවන් තොටුපොළට අද ගොඩබැස්සවූ බව ගුවන් හමුදාව පවසයි.
ඒ හේතුවෙන් පුහුණවීම්වල නිරත ගුවන් නියමුවන් දැඩි අවධානමකට මුහුණු දුන් අතර යානය නැවත ගොඩබැස්සවීමෙන් අනතුරුව යානයේ වම්පස රෝදයේ, වම්පස එන්ජින් ප්‍රදේශයේ සහ තවත් කොටස් කිහිපයක සරුංගල් නූල් විශාල වශයෙන් පැටලී තිබූ බව ගුවන් හමුදාව කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් හමුදා කඳවුරු, ගුවන් තොටුපොළවල් අසල මානයෙ සරුංගල් යැවීම, ඩ්‍රොන යානා ගුවන් ගත කිරීම ආරක්ෂක හෙතු මත නීතියෙන් තහනම් කර තිබියදීත් මෙවැනි දේ කරන අයට දැඩි දඩුවම් දිය යුතුය. නියමුවාගේ දක්ෂකම නිසා සිදුවීමට ගිය භයානක ජීවිත සහ දේපළ හානි බෙරා ගත් නියමුවන්ට අපෙ ආචාරය ...
ගුවන් හමුදා බලධාරීන් සහ රජයේ වගකිව යුතු නිලධාරීන් මේ පිළිබඳව වඩාත් සක්‍රීයව අවට ගම්වැසියන් දැනුවත් කළොත් හොඳයි. ගොඩක් දුරට සරුංගල් යවන්නේ පාසල් යන වයසේ දරුවන්. කොළඹ අවට තදාසන්න ප්‍රදේශවල පාසල් තුළින් උදේ රැස්වීම් පැවැත්වෙන වෙලාවට පාසල් ප්‍රධානීන් මාර්ගයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කළොත් මෙවැනි දේවල් වළක්වා ගන්න පුළුවන්. ගුවන්විදුලිය, රූපවාහිනිය සහ පුවත්පත් මඟින්ද දැනුවත් කිරීම කළ හැකියි. කරන්න උවමනාවක් තියෙනවා නම් ක්‍රම සහ විධි ඕනෑ තරම් තියෙනවා. මිනිසුන්ගේ සහයෝගය අනිවාර්යයෙන්ම ලැබෙනවා. අනතුරක් සිදු නොවී වටිනා ජීවිත රැසක් බේරා ගැනීමට හැකිවීම සතුටට කරුණක්.