
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහර බන්ධනාගාරයේ අද සවස ඇතිවූ නොසන්සුන් කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ රඳවියන් 7 දෙනෙකුගෙන් එක් රැඳවියකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
තවත් රැඳවියන් හය දෙනකු රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
බන්ධනාගාර රැඳවියන් බන්ධනාගාරයේ වහලයට නැග නොසන්සුන් කාරී ලෙස හැසිරෙන බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
මහර බන්ධනාගාරයේ රඳවියකු අද සවස බන්ධනාගාරය තුළ තිබූ ගසකට නැගීම හේතුවෙන් එම රඳවියා සහ තවත් රැඳ වියන් කණ්ඩායමක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිගයාමෙන් බන්ධනාගාරය තුළ නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිව තිබූ බවත් එහිදී රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ සුභ සාධක වෙළඳ සලට ගිනි තබා ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අනතුරුව එම ගින්න මැඩ පැවැත්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පිරිස් කටයුතු කර තිබූ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්, කඩවත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද වහා ක්‍රියාත්මක වී එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd