(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මීගමුව බන්ධනාගාරය තුළ  රැඳවියන් දෙපිරිසක් අතර අද දහවල්  ඇතිවූ ගැටුම මත් ද්‍රව්‍ය ජාවාරමක් මූලික හේතු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

මෙම ගැටුමින් රැඳවියන් දෙදෙනකු මියගොස් ඇති අතර තුවාල ලැබූ රැඳවියන් 28 දෙනකු මේ වන විට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි. 

ඉන් බරපතල තත්වයේ පසු වූ රැඳවියන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර යැවූ බව මීගමුව රෝහලේ ප්‍රකාශකයෙක් කීය.

ගැටුම පාලනය සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළුව අවට පොලිස් ස්ථානවල නිලධාරීන් කැඳවීමට කටයුතු කළේය.

මීගමුව බන්ධනාගාරය කෙටිකාලීන සිරකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් රැඳවියන් 1800 කට ආසන්න පිරිසක් රඳවා සිටිති..

තවත් රැඳවියන් පිරිසක්  බන්ධනාගාරය තුළ ඇති ඔසුසල කඩා එහි තිබූ වේදනා නාශක අධි මාත්‍රාවෙන් පානය කර ඇත් බවට තොරතුරු ලැබී ඇතැයි  පොලීසිය පවසයි.

මේ අතර කාන්තා රැඳවියන් පිරිසක් එහි වහල මත නැග විරෝධාවක නිරත වන අයුරු දැක ගත හැකියි.  රැඳවියන්ගේ පවුල්වල ඥාතීන් ද බන්ධනාගාරයට අසල පැමිණිමත් සමග දැඩි කළබලකාරී තත්වයක් ඇති වුවත් පොලිසිය මැදිහත්ව එය පාලනය කළ බව පොලිසිය කියයි.

ඡායාරූප පුෂ්පකුමාර මල්ලවාරච්චි