
(රන්ජන් කටුගම්පොල)
බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ගුණසාර හිමියන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් පොදු සමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ ඥානසාර හිමියන්ට 2018 වසරේ වසර හයක සිරදඬුවම් නියම කර තිබුණි.
එම දඬුවමින් ඥානසාර හිමියන් නිදහස් කරමින් එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පොදු සමාවක් ලබා දුන්නේය.
අතුරුදන්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd