
සුමතිපාල දීයගහගේ, ඩී ජී සුගතපාල සහ ගයාන් සූරියආරච්චි
පෞද්ගලික පන්තියක සිසුන් පිරිසක් ගමන් කළ බස් රථයක් කොග්ගල මාටින් වික්රමසිංහ ජනකලා කෞතුකාගාරය අසලදී මාතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියේ හැපීමෙන් සිසුන් දහ දෙනකු තුවාල ලබා කරාපිටිය ජාතික රෝහලට ඇතුලු කර ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබු සිසුන් දෙදෙනකුගේ තත්වය බරපතල බව හබරාදුව පොලිසිය පවසයි.
කොට්ටාව ප්රදේශයේ පෞද්ගලික පන්තියක ඉගෙනුම ලබන සිසුන් හැටක පමණ පිරිසක් මාටින් වික්රමසිංහ ජනකලා කෞතුකාගාරය නරඹා ආපසු යමින් සිටියදී මෙසේ දුම්රියේ හැපී ඇත.
ජනකලා කේන්ද්රයේ සිට පිටත්වු බස් රථය ආපසු යෑමට දුම්රිය හරස් මාර්ගයේ පැමිණ බස් රථය දුම්රිය මාර්ගයට පිවිසීමට එහි රියදුරු උත්සාහ කරන විට දුම්රියක් එන නිසා බස් රථය නවතන ලෙස එහි සිටි සිසුන් සහ අසල සිටි පිරිස කෑගසා ඇතත් එය නොතකා බස් රථයේ රියදුරු බසය ඉදිරියට ධාවනය කිරීමේදී බස් රථයේ පිටුපස කොටස දුම්රියේ හැපුන බව බස් රථයේ පැමිණි සිසුවෙක් පැවසීය .
හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්රසන්න ඇල්ගිරියගේ මහතා ඇතුලු පිරිසක් මේ පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd