(සුජිත් හේවාජුලිගේ)

එල්නිනෝ හේතුවෙන් ඇති වුණු වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7ක 115,534 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

ඊට, පවුල් 35,149 ක් ඇතුළත් වෙති.

පවුල් 34,608ක 113,354 දෙනෙකු සඳහා ජලය බෙදාහරිමින් පවතින බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කළේය.

වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ, මොණරාගල දිස්ත්‍රික්කයේයී.

ඒ අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ පවුල් 12,732කට අයත් 41,360 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කළේය.