
සුජිත් හේවාජුලිගේ
රටේ සියලුම පළාත් සභා එකවර පැවැත්වීම වෙනුවට උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය මුලින්ම පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.
රජයට යම් වාසි සහගත තත්වයක් පවතින හෙයින් උතුරු නැගෙනහිර පළාත් මැතිවරණය මුලින්ම පවත්වා සෙසු පළාත් සභා මැතිවරණ ඊළඟට පැවැත්වීමට ආණ්ඩුවට ප්රබල යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව ද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය පැරැණි ඡන්ද ක්රමයට පැවැත්විය හැකි බවට ද යෝජනා වී ඇතැයි දැනගන්නට ඇත.
එමෙන්ම රජය එවැනි සූදානමක පසුවන බව ලංකාවේ තානාපති කාර්යාල නිලධාරියකු ප්රධාන දේශපාලන පක්ෂයක නායකයකුට ඉතා වගකීමෙන් ප්රකාශ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙසට ඉන්දියාව බලපෑම් කරන තත්වය හමුවේ උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්වීම එම බලපෑමට ද එක්තරා විසඳුමක් වනු ඇතැයි බොහෝ පාර්ශ්ව රජයට යෝජනා කර ඇත.
උතුරේ ප්රධාන පෙළේ දේශපාලනඥයන් නම්මවාගෙන තවදුරටත් එම පළාත්වල යම් යම් සංවර්ධන කටයුතු කර මැතිවරණය සඳහා මුල පිරිය හැකි බවට ද එකී පාර්ශ්ව වැඩිදුරටත් යෝජනා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිනන්න පුලුවන් එක තමයි තියන්නෙ
ඒකත් මරු. දැන් මුලු චන්දයම එකවැර තියන්න කියලා ටික කාලයක් වොයිස් කට් වලින් කාලය ගතකර ගන්න පුලුවන් - මීට පුතානෝ සහ විපක්ෂය