(මනෝප්‍රිය ගුණසේකර)

ආගම් අතර අන්තවාදී, ජාතිවාදී හෝ එදිරිවාදී හැගීම් ඇති කිරීමේ කුමන්ත්‍රණයකට අනුව පාස්කු ඉරිදින කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරුණ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අහිංසක පුරවැසියන් 250කට අධික පිරිසක් මරමුවට පත් කර තවත් විශාල පිරිසකට බරපතල තුවාල කිරීම සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් වරදි කරුවන් කළ මවුලවිවරුන් ඇතුළු  15 දෙනෙකුට වසර 220 බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවමක් කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩු මඩුල්ල නියම කළේය.

එහි දී චෝදනා ලබා සිටි නව දෙනකු නිදොස් කොට මුදා හැරීමට ද නියම කළේය.

විත්තිකරුවන්ගේ සියලු චංචල සහ නිශ්චල දොපොළ තහනම් කරන ලෙසද ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.

විත්තිකරුවන් 15 දෙනාට එරෙහිව චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට තීරණය කළ මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ (සභාපති) සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් තිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔවුන්ට මෙලෙස දඬුවම් නියම කෙරිණී.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව-කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, මඩකලපුව සියෝන් දේවස්ථානය යන දේවස්ථාන ත්‍රිත්වයටද කොටුව කිංස්බරි හෝටලය, කොටුව ශැංගිලා හෝටලය, කොල්ලුපිටිය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, යන තරු හෝටල් සහ දෙහිවල නිව් ට්‍රොපිකල් ඉන් හෝටලය තුළ ස්වයං ඝාතක බොම්බ පුපුරුවා හැර මෙම අපරාධ කිරීම සඳහා කළ කුමන්ත්‍රණයකට අනුව කළ මෙම අපරාධයන්ගෙන් විදේශීය සංචාරකයන් 40 දෙනෙකු සහ කුඩා දරුවන් 35 දෙනෙකු ඇතුළු පුද්ගලන් 263 දෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයන් 526 දෙනෙකුට බරපතල තුවාල කර ඔවුන් ඝාතනය කිරීමට තැත් කර ඇති බව හෙළි විය.

තීන්දුව ප්‍රකාශයට පත් කළ අද දිනයේ  අධිකරණ භූමියට අද දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි. 

(ඡායා සුමුදු හේවා පතිරණ)