(සුජිත් හේවාජුලිගේ )

කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබූ ඩ්‍රෝනා යානා 39 පුතාගේ සමාගම ගෙන්වූ ඒවා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා ලංකාදීපයට පැවසීය.

එම ඩ්‍රෝනා යානාවලට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගෙන තිබූ බලපත්‍රයේ කල් ඉකුත් වී තිබූ බව ද ඔහු ප්‍රකාශ කළේය.

ඒවාට අදාළ අනෙකුත් බලපත්‍ර සියල්ල තිබූ බවද මන්ත්‍රීවරයා කීවේය.

මෙම ඩ්‍රෝනා යානා 39 ගුවන්තොටුපොළ රේගුව විසින් කටුනායක ගුවන්තොටුපළේදී ඊයේ (08) අත්අඩංගුවට ගනු ලැබීය.