
(හේමලතා ඩී හේවගේ)
බඩල්ගම මස් සැකසුම් ආයතනයක සේවයේ නියුතු තරුණියන් තිදෙනකු හා තරුණයකු කාබන් කර්මාන්ත ශාලාව පිටුපස මා ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේ තරුණයකු සහ තරුණියක දියේ ගිලී මියගොස් ඇති අතර තවත් තරුණියන් දෙදෙනකු ගසාගෙන ගොස් අතුරුහන්ව ඇතැයි බඩල්ගම පොලිසිය කියයි.
මියගිය තරුණයා 26 හැවිරිදි උඩවෙලවත්ත හපුතලේ පදිංචිකරුවකු සහ බදුල්ලේ පදිංචි 20 හැවිරිදි වියෙහි පසු වූ කුෂාණි නැමැති තරුණියක මියගොස් ඇත.
දියේ ගිලුනු අනෙක් තරුණියන් දෙදෙනා සොයා පොලිසිය හා ප්රදේශවාසීන් මෙහෙයුම් ක්රියාත්මක කරන බවත් පොලිසිය පවසයි.
මෙම පිරිස අද දින ඔවුන්ගේ නිවාඩු දිනයක් වූ නිසා මාඔයේ දිය නෑම සඳහා ගොස් ඇති බවත් දිය නාමින් සිටි තරුණියන් තිදෙනාකු දියේ ගසාගෙන යද්දී ඔවුන් බේරා ගැනීම සඳහා තරුණයා ද දියට පැන ඇතැයි පොලිසිය කියයි. ඒ අවස්ථාවේ සිව් දෙනාම ගසාන ගොස් ඇතැයි පොලිසිය කියයි.
බඩල්ගම පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක රසික මහවත්ත මහතාගේ මෙහෙයවීමෙන් එහි නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd