
(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේග රජයක් යටතේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර අධිකරණයේ නිදහස හා ස්වාධීනත්වය වනසන බවද සජිත් ප්‍රේමදාස මහතා කීය.
ව්‍යවස්ථා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තත් සමගි ජන බලවේග රජයකින් එම සංශෝධනය අහෝසි කරන බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය සංවිධානය කර තිබූ උද්ඝෝෂණය අමතමිනි.
නින්දිත පහත් රජය රටේ ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක හැඳින්විය හැකි බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.
-----------------------------------------------------
22කට එරෙහි සජබ විරෝධයට මහා සෙනඟක්
(නිමල කොඩිතුවක්කු)
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවක් විශාල පාක්ෂිකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පොල්දුව මංසන්ධියේදී දී අද(24) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ.
“අධිකරණයට අත නොතබනු” මැයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධාව සංවිධානය කර තිබුණි.
අද පෙරවරු 9.00 ට පමණ ඇරඹි මෙම විරෝධතාවය සඳහා මහවැසි නොතකා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාක්ෂිකයන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.
විරෝධතාවට එක්ව සටි පිරිස “22 එපා” යැයි සඳහන් කලුපටි පැලඳ, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාට කියමින් පාර්ලිමේන්තුව අවට මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූහ.
සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්‍ය හර්ෂද සිල්වා, කබීර් හෂීම්, දයාසිරි ජයසේකර, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්දන, සුජිත් සංජය පෙරේරා, හෙක්ටර් අපුප්පුහාමි ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
මෙයට අමතරව සමගි තරුණ බලවේගය, සමගි කාන්තා බලවේගය, රාජ්‍ය සේවා සමගි වෘත්තීය සමිති සම්මේලනය, ඇතුළු සංවිධාන රැසක නියෝජිතයන් මේ සදහා එක්ව සිටියහ.
ජායාරූප : ගයාන් අමරසේකර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්, ඔක්කොම හොරු ටික පාරට බැහැලා. කොච්චර බය වෙලාද?
SJB එපා කියල ලියල තියෙන එක අපිට පේනවා, ඒ අයට පේන්නෑ.
පවුල් පාලන ආණ්ඩුව කාලේ ඔය කිසිම දෙයක් වැදගත් උනේ නැහැ..එවකට හිටපු බලලෝබී දූෂිත අදිකරණ ඇමතිලා කටයුතු කරපු හැටි අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.ජනාදිපති වෙන්ඩ හීන දැකපු සජිත්ට ,වටේ හිටපු දේසපාලුවන්ට දැන් කරකියා ගන්ඩ දෙයක් නැතුවා?
ඔය කෑ මොරදෙන ලොක්කෝ කිසිවෙක් රැකියාවක්, ව්‍යාපාරයක් කරන්නේ නැහැ. දේශපාලනයෙන් හරි හම්බ කරපු අය බලය සඳහා කෑ කසන්නේ හම්බ කරන්න. අනෙක් අය පාරම්පරික දේශපාලනය කරන, දූෂණයට කැමති, ඉන් ජීවත් වෙන පිරිසක්.
පව් මේ මිනිස්සු. කමක් නෑ වැස්සෙ නාල පලයල්ලා, දුක දැන් මේ පනත ක්‍රියාත්මක වුනාම, මේ රටේ එකදිපති පාලනයක් එනව අධිකරන සවාධිනත්වය නැතිවෙනව කියල කියන අමුලික බොරු සිදු නොවුනාම , ඔය දේශපාලුවන්ට වෙන්නෙ , අර මහ චනිදෙදි කිව්ව බුදු දහම නැතිවෙනව, දලදා පෙරහැර කපෝතියි, කියල
අනේ පව් , මේ අහිසංකයො මුන්ගෙ සතපහකට නැති වැඩ වෙනුවෙන් යොදාගැනිම
මාලු පාන් එහෙම ලැබුනෙ නැතැ .මේ ලමයින්ට පියානෝ ගෙන්
ආත්මයක් නැති. පිරිසක්
අපරාදේ සල්ලි...
නියමයි , කට්ටියට හොඩාක් රිදිලා වාගේ. වේදනාව අහවර වෙනතෙක් ලියන්න. මෙන්න මගේ අනුකම්පාය පව්ව්ව්ව්ව් .