(නිමල් ජයරත්න)

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ අද අලුයම 4,30 ට පමණ මුළුතැන්ගෙ සිදුවූ විශාල පිපිරීමකින් එහි සේවකයන් හත් දෙනකු  තුවාල බව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.

පිපිරිමෙන් රෝහල් මුළුතැන්ගේ ගොඩනැගිල්ලට දැඩි හානි සිදු ව ඇති අයුරු දක්නට ඇත.

මෙම පිපිරීම ගෑස් සිලින්ඩරයක් ද නැතිනම් වෙනත් හේතුවක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවද සඳහන් කරයි.

පිපිරීමෙන් බරපතල තත්ත්වයේ පසුවන තිදෙනකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොළොන්නරුව මහ රෝහලේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී සඳහන් කළේය.

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගේ මෙම පිපිරී යෑමෙන් ගොඩනැගිලිවලට බරපතල හානි සිදුව ඇති බවද වකුගඩු රෝහලේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී පැවසීය.

මෙම පිපිරීම සම්බන්ධව පොළොන්නරුව පොලිසිය මෙන්ම ජාතික වකුගඩු රෝහලේ විශේෂ කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.