
(ප්රසාද් රුක්මල්)
තැන්නපංගුව සිට බදුල්ල බලා ධාවනය වූ පෞද්ගලික මගී බස් රථයක් පුස්සැල්ලාකන්ද ප්රදේශයේ නායයාමට ලක්වු ස්ථානයකදී ලිස්සාගොස් බෑම් සහිත ස්ථානයක තිබූ ගසක සිරවී නතර ව ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .
මේ දිනවල පවතින ධාරානිපාත වර්ශාවත් හේතුවෙන් බදුල්ල - තැන්නපංගුව මාර්ගයේ පුස්සැල්ලාකන්ද ප්රදේශයේදි ඊයේ (12) පස්වරුවේ නායයාමකට ලක් විය.
නාය ගිය ස්ථානය යළි පිළිසකර තාවකාලිකව වාහන ගමනා ගමනයට අවසර දී ඇත.
මේ අතර තැන්නපංගුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබු මෙම පෞද්ගලික බස් රථයක් එම ස්ථානය පසු කරද්දී ලිස්සාගොස් බෑවුම් සහිත ස්ථානයේ ගසක වැදී නතර වී ඇති අතර එසේ නොවූයේ නම් බසය ප්රපාතයක ට පෙරලී විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බව පොලිසිය කියයි .
අනතුර සිදුවන අවස්ථාවේ බසයේ මගීන් 40ක් පමණ ගමන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd