(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංශෝධන ඇතුළත් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (25) රාත්‍රී සම්මතවිය.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 158 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 63 ක් පමණි. ඒ අනුව පනත් කෙටුම්පත වැඩි ඡන්ද අනූපහකින් සම්මත විය.

ආණ්ඩුව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු පනත් කෙටුම්පත් වලට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.