(තරිඳු ජයවර්ධන)
ඌව මහඇමතිවරයා විසින් දණගස්වනු ලැබූ බව කියන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය ආර්.භවානි මහත්මිය මීට ටික වේලාවකට පෙර කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණියාය.
විමර්ශනයේ වගඋත්තරකරුවන් වන ඌව පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාද පැමිණ සිටිති. පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය උදේ 9.55 වන විටත් පැමිණ නොසිටියාය.
මානව හිමිකම් කොම්සමේ විභාගය තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නෑ ගරු ගුරුතුමිය මේකට ගියා කියල.. අපි හරි අවාසන්වන්තයි..
විදුහල්පති ගුරු මාතාව නිර්දෝෂ නිසයි ඇයට කිසිදු බියක් සැකයක් නොමැතිව මෙම ස්ථානයට එන්න පිළිවන් උනේ? අනික් කට්ටිය කඩේ ගිහින්. ඒ නිසා එන්න බැරිවෙන්න ඇති.
ඔබතුමියට ජයවේවා!
හොඳට කල්පනා කරලා බැලුවාම ලංකාවේ අසාධාරණයට ලක්වෙච්ච අති මහත් බහුතරයක් පාඩුව හෝ අවමානය විඳ ගෙන නිකං ඉන්නවා කියන එක පුදුමයක් නොවේ . අර පසුගිය දිනවල ගැබිනියක් කියලා පාසලෙන් අස් කරපු ළමයාගේ දෙමව්පියන්ට එදා වේල හොයන එක අත හැරලා කොළඹ එන්න උනා . මේ විදුහල්පතිනියටත් බදුල්ලේ ඉඳලා පසුගිය දින කීපයම කොළඹ එන්න උනා . මේක ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ අසාධාරණයට ලක් වෙච්ච පුද්ගලයින්ව තවදුරටත් අපහසුවට ලක් කිරීමක් නේද ?? . මේකෙන් දෙන පුර්වාදර්ශය නම් "මොන අසාධාරණයක් උනත් පාඩුව විඳගෙන අවමානය විඳගෙන නිකං ඉන්න. එහෙම නැතුව නීතියේ පිහිට පතනවානම් හොඳ පරිප්පුවක් කන්න ලැහැස්ති වෙලා නීතිය ඉදිරියට යන්න" කියන එක නේද ??
මට වෙලාවකට හිතෙනවා මේ ගුරුවරියත් මොකක් හරි කුමන්ත්‍රණයකට අහු වෙලා කියලා......................
කොමිෂන් තිබුණා කියා මානව අයිතිවාසිකම් කඩ කිරීම් නතර නොවන්නේ මානව අයිතිවාසිකම් යනු කුමක්ද කියා පවතින ආණ්ඩුවවත්, නීතිය හා සාමය ආරක්ෂා කරන පිරිස් වත් නොදන්නා නිසයි. ප්‍රථමයෙන්ම ඒ පිරිස් මේ පිළිබඳව දැනුවත් වෙලා ඉන්න ඕනේ.