(තරිඳු ජයවර්ධන)
ඌව මහඇමතිවරයා විසින් දණගස්වනු ලැබූ බව කියන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය ආර්.භවානි මහත්මිය මීට ටික වේලාවකට පෙර කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණියාය.
විමර්ශනයේ වගඋත්තරකරුවන් වන ඌව පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාද පැමිණ සිටිති. පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය උදේ 9.55 වන විටත් පැමිණ නොසිටියාය.
මානව හිමිකම් කොම්සමේ විභාගය තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.