‘දූෂණ මර්දන කාර්යාලය ඵලක් ඇති වැඩක් කර නෑ‘ - රාජිත දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය අවුරුදු එකහමාරක කාලයක් තුළ රුපියල් මිලියන 65ක මුදලක් වියදම් කර ඇතත් ඵලක් ඇති වැඩක් කර නැතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය. 12 July 2017
“දූෂණ මර්දන ඒකකය වසා දමන්නේ ඇමතිවරුන්ගේ වැරදි වහගන්නයි“ දූෂණ ලේකම් කාර්යාලය අහෝසි කරන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට එරෙහි දූෂණ චෝදනා විමර්ශනය කිරිම වැළැක්වීමට යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. 12 July 2017
එක්දින නායකත්වය තරංගට - ටෙස්ට් නායකයා චන්දිමාල් ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට උපුල් තරංග පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. 12 July 2017
’දඹුලු රජමහ විහාරය වහන්න ඉඩ දෙන්නේ නෑ’ - මහ සඟරුවන පවසයි කිසිම ආකාරයකින් දඹුලු විහාරය වසා දමන්න ඉඩ නොතබන බව දඹුලු සගරුවන රජයට අනතුරු අගවයි. දඹුලු විහාරයට හානි කරන්න ආවොත් තමන් ආසන සංවිධායක් ධුරයෙන් ඉවත් වනවා නව ආසන සංවිධායක කියයි. මහා සඟරුවන උදේම දඹුලු රජමහා විහාරයට වැඩම කරවති . 11 July 2017
සුරියවැව ක්‍රිඩාංගනයේ කම්කරුවන්ට වැටුප් දිමට පෙර කලිසම් ගලවාගනී සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේ සිම්බාබ්බේ සමග පැවති තරග කාලසිමාවේදී ක්‍රිඩාංගණයේ තාවකාලික පදනම මත සේවය කල කම්කරුවන්ගේ වැටුප් ලබා දිමට පෙර ඔවුන් ඇද සිටි රෙදි ගලවාගැනිම නිසා ඊයේ (10) ඔවුන් දැඩි අපහසුතාවයකට පත් වු බව එහි සේවය කල කම්කරුවෝ පවසති. 11 July 2017
දඹුලු ලෙන් විහාරය වසා දමයි ඵෙතිහාසික රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමටත් එම ලෙන් විහාරයේ සංරක්ෂණ කටයුතු වහාම ආරම්භ කිරීමටත් පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය ඊයේ(10) ඒකමතිකව තීන්දුවකට එළැඹ තිබේ. 10 July 2017
ඩෙංගු පැතිරුණු බස්නාහිර ඉඩම්වලට බද්දක් බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තව ඇති ඉඩම්වලින් 2%ක බද්දක් රජයට අය කරගැනීමට අද(10) සිට පියවර ගෙන ඇතැයි බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පවසයි. 10 July 2017
වැලි ලොරියකට වෙඩි තැබු පොලිසියේ දෙන්නෙක් අත්අඩංගුවට පේදුරුතුඩුවේ පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය යාම සම්බන්ධයෙන් සැකපිට පොලිසියේ දෙන්නෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 10 July 2017
දෙමළ ජාතික සන්ධානය මහ නාහිමිවරුන් හමුවෙන්න සැරසෙයි ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් හමුවී යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡාකිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. 09 July 2017
කාලෝ නැත්නම් රට පුරා වැඩ වර්ජනයක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධූරය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට හැර වෙනත් අයෙකුට ලබාදුනහොත් ඒ මොහොතේ සිටම කොන්දේසි විරහිතව වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 09 July 2017
කඩු පොලු රැගෙන ආ පිරිසක් ළමා නිවාසට හානි කරලා පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් යොමුකරන දරුවන් රඳවා තබන ගම්පහ ළමා සංවර්ධන මධ්‍යස්ථානයක කඩු පෙලු රැගත් පිරිසක් විසින් කළ පහරදීමකින් එහි පාලිකාවකට සුළු තුවාල හා දේපළවලට හානි සිදුවී ඇතැයි ගම්පහ පොලිසිය කියයි. 09 July 2017
රාජපක්ෂවරුන්ට සහනයක් දිය යුතුයි - ඇමති අමරවීර රාජපක්ෂවරුන් වැරදි කර තිබේනම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂෙණ කළ යුතු වගේම ඔවුන් මේ රටට කළ සේවය ගැන සලකා ඔවුන්ට යම් සහනයක් දිය යුතු බවට මගේ පෞද්ගලික් මතයක් තියෙනවා යයි එක්සත් ජනතා නිදහස් සංධානයේ මහා ලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (08)දින පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 08 July 2017
උමා ඔය ඉදිකරන ෆරාබ් සමාගම ආධුනිකයි - ඇමති අමරවීර උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කරන ඉරානයේ ‘ෆරාබ්’ සමාගම මීට පෙර එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධ අත්දැකීම් නොමැති ඉදිකිරීම් සමාගමක් බව දැනට කර ඇති සොයා බැලීම් වලදී හෙළි වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති, උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ සොයාබැලීමේ අමාත්‍ය අනු කමිටුවේ සාමාජික මහින්ද අමරවීර මහතා පැවසීය. 07 July 2017
එජාප මන්ත්‍රීන්ගේ රට සවාරි අගමැති අනුමැතියෙන් පමණයි තම අවසරයකින් තොරව මේ වසර ඇතුළත කිසිදු විදෙස් ගමනක් සඳහා සහභාගී නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට දන්වා ඇත. 07 July 2017
උමාඔය කැණීම් නතර කරයි උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්රමයේ උමග ආශ්රිත සියලු කැණීම් තාවකාලිකව නතර කරන අතර උමං මාර්ගයේ ඇති විදුම් යන්ත්‍රය ඉදිරි දින දහය ඇතුළත එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගන්නා බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පැවසීය. 06 July 2017
උමා ඔය ව්‍යාපෘතිය ගැන සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීමට ජනාධිපති හා අගමැති තීරණය කර ඇතැයි වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 06 July 2017
අල්ලස් ගත්තැයි කොස්තාපල් රිමාන්ඩ් රුපියල් 30000ක අල්ලසක් ලබාගත් බව කියන කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකු හෙට (7) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය. 06 July 2017
ජනතාව ඡන්දෙ දුන්නේ නව ව්‍යවස්ථාවකටයි - ඇමැති රාජිත මේ රටේ ලක්ෂ 62ක ජනතාවක් ආණ්ඩුවට ජනවරමක් ලබා දී ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මතර කර ගැනීමට යැයි ද, ඒ සඳහා විවිධ සංවිධානවලට බලපෑම් කළ නොහැකි යැයි ද කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. 05 July 2017
’ජාත්‍යන්තර සම්මුති පනත ඉවත් කළ යුතුයි’ - දිනේෂ් කියයි බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වු ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත වැනි පනත් තාවකාලිකව නතර කිරීම නොව එය සම්පුර්ණයෙන්ම ඉවත් කර ගත යුතු යැයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 05 July 2017
අතුරුදන් කිරීම්වලින් වැළැක්වීමේ පනත අද පාර්ලිමේන්තුවට නොඑන ලකුණු බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් ආරක්ෂා කිරීමේ පනත අද(5) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව රජයේ ආරංචි පවසයි. එම පනත් කෙටුම්පතෙහි අන්තර්ගතය පැහැදිලි කරගන්නා තුරු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ජනපති උපදෙස් දී ඇතැයි වාර්තා වේ. 05 July 2017
නව ව්‍යවස්ථාවක් එපා-මහ නා හිමිවරු කියති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මේ මොහොතේ අවශ්‍ය නැතැයි ත්‍රෛනිකායික මහ නා හිමිවරු අද (04) නිවේදනය කළහ. 04 July 2017
උමා ඔය ජනතාව රඳවා තැබීම අවදානම් - මහින්ද අමරවීර ‘උමා ඔය’ ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල අවට ගම්මාන ගණනාවක ජනතාවට බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 04 July 2017
වෛද්‍ය වර්ජනය සතියකින් කල්යයි හේතූන් කිහිපයක් මුල් කරගනිමින් හෙට(4) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ වෛද්‍ය වර්ජනය සතියකින් කල් දැමූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 04 July 2017
රජයේ ප්‍රධාන පුටු හතරක් වෙනස් වෙයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර වු ඔස්ටින් ප්‍රනාන්දු මහතා නව ජනාධිපති ලේකම්වරයා ලෙස අද (04) පෙරවරුවේ නිල පත් වීම් ලබා ඇත. 04 July 2017
ආරක්ෂක ලේකම් තනතුරත් වෙනස් වෙයි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම තනතුරෙන් ඉවත් වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 03 July 2017
වෛද්‍යවරු බදාදා සිට යළි අඛණ්ඩ වර්ජනයක මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බල කරමින් බදාදා (5) පෙරවරු 8 සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 03 July 2017
ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද(3) පස්වරුවේ පැවැත්වෙන බව රජයේ ආරංචි කියයි. 03 July 2017
රාගම කොල්ලයේ සැකකරුවන් අල්ලයි රාගම බැසිල්කා පාරේ දි වෑන් රථයකට වෙඩි තබා එහි තිබු රුපියල් ලක්ෂ 77ක් පැහැරගෙන ගිය සැකකරුවන් පස්දෙනා මුදල් වලින් කොටසක්ද සමඟ පෑලියගොඩ දිසා බුද්ධි ඒකකය අද (3) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. 03 July 2017
උමාඔය ප්‍රශ්නයට ස්ථිර විසඳුම් ඉල්ලති උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුව ඇති විපත සම්බන්ධයෙන් ජනපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී තමන්ගේ ප්‍රශ්නවලට ලැබුණේ ක්ෂනික පිළිතුරු බවත් තම ජනතාවට අවශ්‍ය සෘජු පිළිතුරු බවත් උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. 02 July 2017
ආණ්ඩුව පෙරළීම මෝඩ වැඩක්-සුමන්තිරන් ජාතික ගැටළුවට විසඳුමක් වශයෙන් නව ආණ්ඩුවක් පත් කර පසුව එය පරාජයට පත් කිරීම අනුවණ හෙයින් රජයට සහය දෙමින් විසඳුම් ලබා ගත යුතු බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා කියයි. 02 July 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025