මහින්දට එරෙහි පරික්ෂණ ඉක්මන් කරයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකැරෙන පරික්ෂණ කඩිනම් කිරිමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. 14 August 2017
කෝටි 12 කට ටෙන්ඩරයක් දී මහා විනාශයකට අත වනයි කළුගඟේ හැරනියාවක ප්‍රදේශයේ මැණික් ගැරීමට ටෙන්ඩර් ලබා දී ඇත්තේ කෝටි දොළහ හමාරකට වුවත් මැණික් ඉල්ලම් ගත්තහොත් කෝටි 1500ක 2000ක මහා අලාභයක් අනාගතයේ දී රටට විඳින්නට සිදුවන බව සබරගමු පළාත් සභා එජාප මන්ත්‍රී සිරිපාල කිරිඇල්ල මහතා පවසයි. 13 August 2017
මීගමුවේ දී පොලිස් විශේෂ කාර්ය බලකායට වෙඩි මීගමුව කුරනදී සැකකටයුතු පිරිසක් ගමන් ගත් වෑන් රථ දෙකක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායට එම වෑන් රථයේ ගමන් ගත් පිරිස වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල කියයි 12 August 2017
තේනුක විදානගමගේ ආණ්ඩු පක්ෂයට ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා ආණ්ඩු පක්ෂයට එක්ව සිටියි. 11 August 2017
බැඳුම්කර කොමිසමට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන් පැමිණිල්ලක් ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පත් කර තිබෙන ජනාධිපති කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට අද (11) ලිපියක් බාර දී ඇත. 11 August 2017
ඇමැති විජයදාසට ආණ්ඩුවෙන්ම විශ්වාස භංගයක් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. 10 August 2017
රවී ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය. 10 August 2017
රවී ඉල්ලා අස්වෙන්න යයි විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා අද(10) පස්වරු 1ට පමණ පාර්ලිමේන්තුවට පැමිණ තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ප්‍රකාශයක් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු ආරංචි පවසයි. 10 August 2017
’හම්බන්තොට වරාය ආපසු අරන් මිසක් පස්ස බලන්නේ නෑ’ - ඇමැති විජයදාස හම්බන්තොට වරාය මහජන දේපළක් වන හෙයින් එය චීන සමාගමකට විකිණීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවත් එය නැවත කෙසේ හෝ ජනතාව අතට පත්කර මිස ආපසු නොබලන බවත් අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 10 August 2017
ජනපති - අගමැති - රවී හමුවෙති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ ඇමති රවි කරුණානායක යන මහත්වරු අතර විශේෂ හමුවක් අද (9) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවති බව රජයේ ආරංචි පවසයි. 09 August 2017
ශ්‍රිලනිප ඇමැතිවරු ජනපති විශේෂ හමුවක් විදේශ ඇමැති රවී කරුණානායක මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන්නැයි ශ්‍රිලනිප කැබිනට් අමාත්‍යවරුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඊයේ (8) රාත්‍රීයේ ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 09 August 2017
රවීගේ විශ්වාසභංගය ගැන කතාවක් නෑ විදේශ ඇමැති රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මහ ලේකම්ට බාර දී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡාවට ලක් නොකළ බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසීය. 08 August 2017
උතුරු මැද පළාත් සබේ ගාල ගෝට්ටියක් උතුරු මැද පළාත් සභාවේ අද (8) දින පෙරවරුවේදි නව සභාපති ඩි.එම්.අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මුල් මාසික රැස්විම ගාල ගෝට්ටි හු හඩ සහ ගිනි තැබීම් මධ්‍යයේ විනාඩි 45 කින් අවසන් විය. 08 August 2017
කතරගම වන්දනාවේ පැමිණි බස්රියටම යටවී දෙන්නෙක් මරුට කතරගම ඇසල පෙරහර උත්සවයට පැමිණි පිරිසක් තමන් පැමිණි බස් රථය අසල ක්‍රීඩාංගණයේ නිදාගෙන සිටියදී බසය පිටුපසට ධාවනය කිරීමේදී අනතුරට ලක්වීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 08 August 2017
රවීට ඉල්ලා අස්වන්නැයි බලපෑම් විදේශ ඇමැති රවී කරුණානායක මහතාට ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ ඉහළම නායකයින්ගෙන් එල්ලවන බලපෑම් වැඩිවෙමින් තිබෙන බව වාර්තා වේ. 07 August 2017
ආවා කල්ලියේ හයක් අත්අඩංගුවට ආවා කල්ලියේ නායකයා ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු කඩු දෙකක් සමඟ පිටකොටුව,යාපනය හා මට්ටක්කුලිය ගත් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියයි. 07 August 2017
ශ්‍රීලංකන්-හම්බන්තොට වරාය බිලියන 181ක් ගිල්ලා - අගමැති ‘හම්බන්තොට වරායෙන් රුපියල් බිලියන 46ක පාඩුවක් සිදු වුණා. ඒ මුදල තිබුණා නම් මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට නිවාස ඉදිරිකරන්නට හැකියාව තිබුණා. ඒ පිළිබඳව සෙවීමටත් අප පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා. ඒ බිලියන 46ක මුදල රටට නැතිවුණේ කෙසේදැයි අප හොයනවා.‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 06 August 2017
‘අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිවසේ කුමන්ත්‍රණයක් සිදුවුණා‘ - හිටපු ජනපති පසු ගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී සිංගප්පූරුවේ පිහිටි අර්ජුන් මහේන්ද්‍රන්ගෙ නිවසේ කුමන්ත්‍රණයක් සිදු වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 06 August 2017
අයින් වෙන්න - ජනපතිවරයා රවීට කියයි ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විදේශ ඇමැති හා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. 04 August 2017
‘විද්‍යුත් උපකරණ බාරදීමට සූදානම්‘ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා හා ප්‍රධාන ගැණුම්කරු වන කසුන් පළිසේන මහතා භාවිතා කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට් ඇතුළු සියළුම විද්‍යුත් සන්නිවේදන උපකරණ කොමිසමේ විමර්ශන නිලධාරීන්ට බාර දීමට සුදානම් බව ඔහුගේ නීතීඥවරයා අද (04) කොමිසමට දැනුම් දුන්නේය. 04 August 2017
කෝටියක රන් බිස්කට් සමඟ කොස්තාපල්වරු දෙන්නෙක් අත්අඩංගුවට රුපියල් එක්කෝටි හාර ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 16 ක් පොලීසියට නොදන්වා ළඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලීසිය පවසයි. 04 August 2017
රවීට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක් විදේශ කටයුතු ඇමැති රවී කරුණානායකට එරෙහිව අද(3) ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාට බාර දෙනු ලැබීය. 03 August 2017
ඇලෝසියස්ගේ ඇපල් ගිණුමට ඇතුළුවීම තහනම් කෙරේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ ඇපල් ගිණුමේ දත්ත මකා දැමීම සඳහා එයට ඇතුළුවීම තහනම් කරමින් බැඳුම්කර කොමිසම අද(3) නියෝගයක් නිකුත් කළේය. 03 August 2017
නව පළාත් පාලන සංශෝධනයට විරුද්ධයි කාන්තා නියෝජනයේ 25% නව පළාත් පාලන සංශෝධන කෙටුම්පත තුළින් අහිමි වන නිසා තමන් එයට විරුද්ධ බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. 03 August 2017
සයිටම් ප්රශ්නය විසඳන්න වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් නිර්දේශ හතරක් මාලබේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය සඳහා සිසුන් බඳවා ගැනීම නවතා දමන්නැයි නිර්දේශ කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ අටේ පීඨාධිපතිවරුන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වෙත ලිපියක් යවා ඇත. 02 August 2017
කොටි ආපු විදියට යළි එන්න හදනවා - පොලිස්පති ත්‍රස්තවාදය සහමුලින්ම අවසන් වී නොමැති බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය මුලින්ම පටන්ගත්ත විදිහට නැවත එන්න හදන උත්සහය නැවත්විය යුතු බවටත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය. 02 August 2017
මදුරු මර්දනයට ගිය සිවිල් ආරක්ෂකයෝ තිස් එකකට ඩෙංගු ඩෙංගු මදුරු උවදුර තදින්ම පැතිර යන පෙදෙස් පිරිසිදු කිරීමට සහ රාජ්‍ය ආයතනවල ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි සිවිල් ආරක්ෂක භටයන් 31 දෙනකු ඩෙංගු උණ වැළඳී රෝහල් ගත කර ඇති අතර එක් භටයකු මියගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. 02 August 2017
‘අර්ජුන් ඇලෝසියස්ට නඩු දැමිය හැකියි‘ බැඳුම්කර කොමිසමට බොරු කීම සම්බන්ධයෙන් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අපහාස නඩුවක් ගොනු කළ හැකි බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අද (01) කොමිසමට දැනුම් දුන්නේය. 01 August 2017
හම්බන්තොට වරාය ගිවිසුම නිසා වයඹත් උණුසුම් වෙයි හම්බන්තොට වරාය චීනයට පැවරීම ඇතුළු කරුණු කීපයකට විරෝධය පළ කිරීම සඳහා වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන ප්‍රධාන අමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් හැර ආණ්ඩු පක්ෂයේ අනෙක් සියළුම මන්ත්‍රීවරු අත්වල කළුපටි බැඳ පෝස්ටර් ප්‍රදර්ශනය කළහ. ඊට විපක්ෂයේ එජාප මන්ත්‍රීවරුන් විරෝධය දැක්වීමත් සමග සභා රැස්වීම දැඩි උණූසුම් මුහුණුවරක් ගත්තේය. 01 August 2017
රාජ්‍ය ආයතන 42ක් කෝටි 9000ක් ණය වෙලා රජය සතු වාණිජ ව්‍යාපාර 42ක් මේ වනවිට බැංකුවලට රුපියල් කෝටි 88913ක් ණයවී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවේ සඳහන් වේ. 31 July 2017
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026