මනෝප්‍රිය ගුණසේකර
බැඳුම්කර වංචාවට අදාලව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ.
රහස් පොලිසිය ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගත්තේ ඒ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී ය. අත්අඩංගුවට ගත් සැකකරුවෝ ප්‍රකාශ ලබා ගැනීම සඳහා කොළඹ රහස් පොලිස් මූලස්ථානයට රැගෙන එනු ලැබූහ.
බැඳුම්කර වංචාවට අදාලව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන සැකකරුවන් බවට නම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා අවසර ලබා දුන්නේය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ ජීවත් වන අතර ලබන 15 වැනිදාට පෙර රහස් පොලිසියේ පෙනී සිටින්නැයි සිංගප්පූරුවේ අන්තර් ජාතික පොලිසිය හරහා මහේන්ද්‍රන් මහතාට නොතීසි යවන ලෙස අධිකරණය නියෝග කළේය.





ඡායාරූප - චතුර එස් .කොඩිකාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද ගේමක්. රටට ගිය කල.
එතකොට හොරකමට පාර කපපු අය?
හුරේ...හොරැ ඔක්කොම අැල්ලුවා. මමනම් දැන් අාණ්ඩුවටමයි ඡන්දෙ දෙන්නෙ. මහ මොලකාරයා අැල්ලන්න ඕනෙම නෑ.
නාමල් මහත්තයෝ යාළුවා අමාරුවේ වැටුන වෙලේ ඔබ උදව් කරනවාද ? මගඅරිනවාද ? අපි බලාගෙන ඉන්නේ .
ඡන්දෙට පෙර අනිත් කොමිසන් වාර්තාවල අයත් ගත්තානම් හොඳයි නේද.?
ඡන්දෙ කිට්ට්ටුවෙද්දී ඔව්ව බලාපොරොත්තු වෙලා හිටියේ අපි. ගස් ගල් වගේ හිටිය මෙයාලට දැන් බරපතල විදියට අසනීප වෙලා රෝහල් ගත කරනවා. ඊට පස්සේ මෙයාලට මහා රෝහලේ පහසුකම් හෝ ආරක්ෂාව මදි වීම නිසා නවලෝකේ හෝ වෙනත් සුපිරි පහසුකම් සහිත රෝහලක ප්‍රතිකාර අවශ්‍ය වෙනවා.
එතකොට 11 වෙනිදටද ඇප ලැබෙන්නේ 10 හවසටද?
කවුද මේ අහිංසකයෝ දෙන්න මේ අභිමානවත් 70 වෙනි නිදහස් දවසේ අත්අඩංගුවට ගත්තේ...
ඇති යාන්තන් නිදහස් දිනයේ සතුටු දායක ආරංචියක් ලැබුණා. නඩු අහල, දූෂිතයින්ට උපරිම දඬුවම් ලැබෙවා .
සාමාන්‍ය වැසියෙක් ෆිනෑන්ස් දාල ගන්න වාහනයක් ගෙවීම පැහැර හැරියොත් ඇප කාරයන්ගේ නම් ක්රිබ් එකටත් දාල, සල්ලිත් ගෙවන්න වෙනවා. මහ බැංකු අධිපතිට හා බැදුම්කර මගඩිය වංචාවක් වෙලා නෑ කියල කැට තියල ඇප තිබ්බ දේශපාලුවන්ට මොකවත් වෙන්නේ නැද්ද?!
මේවා සංදර්ශන . ජනාධිපතිගේ නියෝග ඡන්දය සදහා .
මොවුන් දෙදෙනා සිටින්නේ සන්තෝසයෙන් නේ... බැලුවහම පේනවා .....
අපි කොහෙන්ද හිනාවෙන්න ඕනේ ?
එතකොට පසුගිය වකවානුවේ රටේම සම්පත් සොරකම් කරපු අය සහ ඒවාට සහය දෙමින් අහක බලාගෙන හිටපු අය අත් අඩංගුවට ගන්නේ නැද්ද? සොරකම් කරපු අයයි ඒවාට වාසිය තකා උදව් කරපු අයටත් නීතිය අනුව දඩුවම් ලැබෙන්න ඕන නේද ? එක නේද නීතිය .
මේ විනෝද ගමනක් යන ඡායාරූප පෙලක්නේ... අත්‍අඩංගුවට ගත්තා නම් කෝ මාංචු කෝ පොලිස් නිලධාරීන්? දේශපාලකයන්ගේ තවත් නාටකයක් පමණි.
හිනා වේවි යන්නේ! මනරම්... පුතාල දෙන්නට දවස් පහක් හයක් කැප කරන්න වෙනවා මහනළුවෝ බේරගන්න!
ඇලෝසියස් මහතා ඇමරිකන් චිත්‍රපටි සමාගමක් සමග එකතු වුණොත් ද ග්‍රේට් බෑන්ක් රොබරි ඉන් ශ්‍රී ලංකා කියල චිත්‍රපටියක් හැදුවොත් ප්‍රධාන නළුවත් වෙලා තව ඇමරිකන් ඩොලර් බිලියන් ගාණක් හොයා ගන්න පුළුවනි.
දැන් මෙහෙමවත් කරනවා. මහින්ද කාලේ අධිකරණයෙන් රජයේ සේවයට නැවක් තහනම් කරපු අය පවා අධිකරණය තීන්දු ගාණට නොගෙන නාවත් තනතුරු දුන්නා... ඉතින් කොයි ආණ්ඩුවේත් හොරකම් කරන එකලට ගැලවෙන්න බැහැ. ජනතාවගෙන් මහින්දලා බිල ගහන්නේ... දැන් සුදනන් වගේ...
ඔන්න... මම ශක්තිය දුන්නා. අගමැතිකමට මොකුත් වෙන්නේ නෑ නේද හිටන්...?
හිරේ දාලා අච්චු කරන තෙක් මේ නාඩගම විශ්වාස කරන්න එපා...
ගෙදර ඉන්නෙත් ටයි දාලාද?
අලුත් මෙගා ටෙලි නාට්‍යක් ආරම්භ වුණවගයි. නරඹලා ප්‍රශ්නයට පිළිතුරු එස්.එම්.එස් කරලා තෑගි දිනාගන්නත් පුළුවනි. අධ්‍යක්ෂ කැමරාකරු නිෂ්පාදක පසුව නම් කරනු ඇත.
මේ අයගේ අත්වල මාංචු නම් පෙනෙන්න නැහැ. මීට කලින් ගත්ත අයගේ නම් දැක්ක. සමහර වෙලාවට අමතක වෙලා වෙන්න ඇති. රඟ මඬලක තරම...
මේවා දේශපාලන උප්පරවැට්ටි. රටේ ඉන්නේ මෝඩයින් කියලා හිතනවා ඇති මෙයාලා...
මේවට නියෝග දුන් දේශපාලකයෝ දැන් ඉන්නේ කොහේද?
වැලිකඩ ඝාතකයාද වහාම අල්ලන්න...
ගමේ පොල් ගෙඩියක් හොරකම් කරපු මිනිහව අල්ලන්න ගෙදරට ගියාම "ඉන්න මහත්තයා කමිසයක් දාගෙන එන්නම් " කිව්වම " නැගපන් ඇතුළට කියලා ඇදල පයින් ගහලා ජීප් එකට පටවා ගන්න පොලිසිය, නගරේ මහත්හොරුන් ටයි දාගෙන එනකනුත් ඉඳලා !
ඡන්ද ගුණ්ඩු ... මේ ටෙලි නාට්‍යයක ජවනිකාවක් නේද?
ලංකාවේ ඉන්න තුට්ටු දෙකේ චින්තනයක් තියෙන අය තමයි. දැන් මේ මනුස්සයා අත්අඩංගුවට ගත්තේ ඡන්දය නිසාලු.. අත්අඩංගුවට නොගෙන ඉද්දි බෙරිහන් දුන්නේ සේනක ඒක කරන්නේ කියලා. මේ මහා වංචාවට දඬුවම් කළ යුතුයි. ඒ අනුව මහා පරිමාණ පවුල් පිටින් සිදුකළ හොරකම් කළ අයවලුන්ද වහාම අත්අඩංගුවට ගත යුතුයි.
ලසන්ත වික්‍රමතුංග ඝාතකයාද අල්ලන්න.
දැන්වත් තේරුම ගනිල්ලා ජනතාව ගැන මේ කාපලු දේශපාලුවෝ හිතන් ඉන්න හැටි සහ ගණන් ගන්න හැටි. හිතන්නේ ජනතාව කියන්නේ මොන්ටිසොරි වත් ගිහිල්ල නැති මන්ද බුද්ධිකයෝ කියලා. මේවා බල බල ඡන්දෙ දීපල්ලා.
තවම බන්ධනාගාර රෝහලට ගිහින් නැද්ද?
කොමෙන්ට්ස් දාන සමහර පුද්ගලයන් අර දෙන්නව අත් අඩංගුවට ගත්තට කැමති නැහැ වගෙයි!
අර මහේන්ද්‍රන් ගැන ඇප වුණු කෙනා මොකද දන්නේ නෑ දැන් කියන්නේ?
එජාපයේ නායකයන් බැංකු වංචාව සැලසුම් කර ඇත්තේ 2015 ජනවාරි 8 ටත් කලින්... එමනිසා එම පක්ෂය තහනම් කොට එහි නායකයන් අත්අඩංගුවට ගෙන නඩු පැවරිය යුතුයි.
බොන්ඩ් කොමිසමේ දී එළිවුණු කරුණක් :- ඇලෝසියස් පලිසේනට කියා ඇත්තේ " බය වෙන්න එපා ආණ්ඩුවේ ප්‍රබල නායකයන් අප පිටුපස ඉන්නවා " කියාය..
අපිට වඩා හොඳට නිරෝගිව සිටින මෙතුමන්ලාගේ මුහුණු දැකලා, දේශීය හෝ බටහිර වෛද්‍ය විද්‍යාව ගැන මළපොතේ අකුරක් වත් නොදන්නා මා කියනවා මෙතුමන්ලා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ සිටින රෝගීන් කියලා... ලෝකෙන් උතුම්ම රටේ වෙසෙන නිසි ප්‍රමිතියෙන් යුත් වෛද්‍යවරු පුළුවන් නම්, ඔප්පු කරලා පෙන්වන්න, මෙතුමන්ලා රෝගීන් නෙවේ කියලා...
ඡන්දෙ කල් දැම්මේ මේක තමයි. නැත්නම් හරියටම මේ කාලෙට අත්අඩංගුවට ගන්නේ කොහොමද?