නිමන්ති රණසිංහ
ජනාධිපති ලේකම් කාර්යාලයට වාහන මිලදී ගෙන රජයේ මුදල් ලක්ෂ 175 ක් වංචා කිරිමේ සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයේ සිටි හිටපු ජනපති අතිරේක ලේකම් කේ.ඩී.ගුණරත්න මහතා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (8) නියෝග කළාය.
රුපියල් 50,000 මුදල් හා ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප 2 ක් ඔහුට ඇප නියම කැරිණි.
දෙවැනි සැකකරු වු ජනපති ලේකම් කාර්යාලයේ හිටපු ගණකාධිකාරි එල්.ජි.ගුණරත්න මහතාගේ ඇප අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වංචාව මුදල් ලක්ෂ 175 ක්. රුපියල් 50,000 මුදල් ඇපය. අන්ත දූෂිත රටක අධිකරණය ප්‍රතිසංස්කරණය කලයුතු කාලය ඇවිත්..
අතිරේක ලේකම්ට ඇප ලැබුනා වගේද හිටපු කෙනාගේ ඇපෙත් නැති වුනොත්.
හැම සිද්ධියකදීම අණ දීපු අය තාම නිදැල්ලේ.
අනේ මන්දා මාව කරකවලා අත ඇරියා වගේ ඇප මුදලේ ගාන ඇහූවම. ලක්ෂ 175කට 50000 සාධාරණ ඇප මුදලක් තීරණය කරන්න වෙන විදියේ ක්‍රමයක් හැදුවානම් හරී.