චන්ද්‍රසේන ගමගේ
එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා සමඟ මහින්ද රාජපක්ෂ යුගයේ ක්‍රියාත්මක වූ නිල්බලකායේ සාමාජික පිරිසක් අතර අද (09) උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබේ.
රන්න අදුපැලෑන ප්‍රදේශයේ මහින්ද අමරවීර මහතා සංචාරය කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි නිල් බලකායේ හිටපු පිරිසක් අමරවීර ඇමති වරයා ගේ හිතවතුන් ඡන්දය සඳහා අල්ලස් ලෙස බඩු බෙදන බවට චෝදනා කොට තිබේ.
මෙම පිරිස අතර පසු ගිය රජය සමයේ නිල්බලකායේ ප්‍රධාන පෙලේ ක්‍රියා කාරියෙකු ව සිට මෙවර පළාත් පාලන ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකු සිටි බවට ඇමතිවරයාගේ ආධාර කරුවන් චෝදනා කරති.
නිල්බලකායේ හිටපු සාමාජිකයින් පවසන්නේ මහින්ද අමරවීර ඇමතිවරයාගේ ආධාරකරුවෙකු මැතිවරණ අල්ලස් ලබා දෙමින් සිටින බවට තමන්ට තොරතුරු ලැබුණු බවත් ඒ අනුව ඒ ගැන සොයා බලන්නට ගිය බවත්ය.ඇමති වරයා තමන්ට තර්ජනය කළ බවත් ඔවුන් පවසති.
මේ සම්බන්ධයෙන් මහින්ද අමරවීර මහතාගේ පාර්ශවය හුංගම පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇති බවත් ඒ අනුව පරීක්ෂණ සිදු කරන බවත් පොලීසිය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල් බලකායේ නිර්මාතෘ ඇතුළු කට්ටිය නිසා පොහොට්ටු කාරයොන්ට වැටෙන ඡන්ද දෙකතුනත් නැති වෙයි වගේ.
බලය අහිමි අය මෙහෙම බලය පාවිච්චි කරනවා නම් මේ අයට නැවත බලයක් ලැබුණොත් විරුද්ධ පාක්ෂිකයින්ට තාජුදීන් සරණයි !
එජාප සහ අමරවීර සාමාජිකයින් අතර ගැටලුවක්නේ මෙතන වෙලා තියෙන්නේ. නිල් බලකායේ හිටපු, යන්න භාවිතා කිරීමෙන් මෙහිදී හිතාමතාම මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති පක්ෂයකට අගතියක් සිදුකරලා.
ආ !. මේක පවුලේ ප්‍රශ්නයක්. පින්තූරවල හැටියට නම් ප්‍ර.පො.ප. මහත්තයත් ඉඳලා වගේ...
නිල් බලකායට දැන් මන්දපෝෂනේ වගේ.
ඔය කියන බලකායේ සමහර කෙරුවාවල් අපි නොදන්නවා නෙවෙයිනේ!
ඔය නිල් බලකා පිහිටවන කොට යේස් සර්... යේස් සර් කියකියා මහරජාගේ හා බේබිගේ පස්සෙන් දිවපු කීකරු පැටව් දැන් චණ්ඩියා වෙලා... පොදු අපේක්ෂකයා එනකොට එන්න පිට කොන්දක් නොතිබිච්ච කෙනා දැන් දේශපාලන ලෝකේ රජ වෙන්න දඟලනවා. යූ.එන්.පී පොහොට්ටු දෙගොල්ලන්ටම කරන්න තියෙන්නේ මේ වගේ දෙපත්නයින්ට දේශපාලනෙන්ම එලවලා දාන්න.
අමතක නොවන පාඩමක් මේ සැරේ උගන්වමු.
ප්රධාන පක්ෂ දෙකට මේ පොරය නවත්තගන්න වුවමනාවක් හෝ හැකියාවක් නැහැ. මේ වගේ අය කොහොමද එකතු වෙලා රටක් නොවෙයි ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කරන්නේ...
අමරවීර මහත්තයා මොකද සංචාරය කරන්නේ ඡන්ද ප්‍රචාරක නැවතුණාට පස්සේ...?
කලින් නිල් බලකායේ වුණාට දැන් එජාපෙ අපේක්ෂකයෙක් නේ...
ගහ මරාගෙන කරන මේ ජරා දේශපාලනේ දැන්නම් එපා වෙලා. නමුත් තවමත් සමහරක් මේ වැඩේට හරිම කැමතියි. මෙ දේවල් වලින් පේන්නේ එ්කම තමයි.
මේ මිනීමරු කල්ලිය ආයේ ගොඩ එන්න වගෙයි හදන්නේ, තව පරණ හොරු රාජ්ජය, බලය එහෙම ගත්තොත් කොහොමට හිටීද?
මුන් සත්තු ..................
"නිල් බලකායේ නිර්මාතෘ ඇතුළු කට්ටිය නිසා පොහොට්ටු කාරයොන්ට වැටෙන ඡන්ද දෙකතුනත් නැති වෙයි වගේ." දැන් කකුල් දෙකේ පෙරා ගන්නේ නැතුව පස්ස නොබලා දුවන්න.
නිල බලකාය ආපු ගමන් හදාවි. පස් කපයි ගස් කපයි.