රංජන් කස්තුරි
වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප්‍රමිතීන් ඇතුළත් ගැසට් නිවේදනයට විරෝධය දක්වන අතර එය අහෝසි කරන්නැයි සෞඛ්‍ය ඇමතිවරයාට බලකර සිටින බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.
වෛද්‍ය පීඨ ආචාර්යවරුන් හා ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සකස් කළ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිති ඇතුළත් නිර්ණායක විකෘති කරමින් හා වෙනස් කරමින් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බවද වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනයේ කැඳවුම්කරු වෛද්‍ය මනූජ් වීරසිංහ මහතා පැවසීය.
වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ එකඟත්වය මත සකස්කොට ශ්‍රි ලංකා වෛද්‍ය සභාව නිර්දේශ කරන ලද වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් ඇතුළත් ලියවිල්ලේ තිබූ කරුණු වෙනස් කිරීමේන් ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ බලතල සීමාවී තිබෙන බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේකට ස්ට්‍රික් එක කවදද
දකුණු ඉන්දියානු රටක් වන අප ඉන්දියාව පකිස්ථානය බල්ගලිදේශය තුල පවතින සමාජ ආර්ථික රටාවට උරුමකම් කියයි. නීතිය ප්‍රමිතිය තත්ත්ව-පාලනය පිළිබඳව මිනිසුන්ට එතරම් ගානක් හෝ පුරුද්දක් නොමැත. මෙම පුරුද්ද හෝ අවශ්‍යතාව එන්නේ උගත්කම තුලින්. නුගත් සමාජයක මෙවැනි දේශපාලකයින් ප්‍රමිතිය සම්බන්ද ඕනෑම ප්‍රශ්නයක් කිසිඳු සමාජ අවහිරයකින් තොරව තමනට ඕනේ ලෙස විසදයි.