
(උපාලි ආනන්ද)
මරණයට පත් කාවන්තිස්ස දල ඇතාගේ වෙළෙඳපොළ වටිනාකම සමිබන්ධයෙන් තක්සේරු වාර්තාවක් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා මගින් මේ මස 25 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මභව මහේස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න මෙනවිය ගල්ගමුව වනජීවි අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්න මහතාට නියෝග කළාය.
කාවන්තිස්ස දල ඇතාගේ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද මේ මස 25 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහචාර්ය පී.පී.එමී.ඒ.විජේසුන්දර මහතාට ද නියෝග කළාය.
මෙසේ නියෝග කලේ ලෝක අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ protect elephant world global association ශ්‍රී ලංකා ශාඛාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්රාමනායක මහතා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
ජ්‍යෙෂ්ඨ නීතීඥ විජිත වික්රාමනායක මහතා අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ විදුලිය සැර වද්දවා දීග දන්ත එක ඇතා මරා දැමීමේ සිද්ධියට අදාලව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අනුව දීග දන්ත එක ඇතාගේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන අනූවක් බවට රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව තක්සේරු කර ඇති බවයි.
එමෙන්ම දීග දන්ත එක දල ඇතා මරා දැමීමේ සිද්ධියේ සැකකාර රක්ෂණ සමාගම් කලමනාකරුට එරෙහිව පොදු දේපල පනත යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වනජීවි අධ්යක්ෂ ජනරාල්වරයාට දන්වා ඇති බව පුවත් පත් වාර්තා උපුටා දක්වමින් අධිකරණයට පෙන්වා දුන් නීතිඥවරයා කාවන්තිස්ස දල ඇතා මිය ගියේ බෙහෙත් විෂ වීමක් නිසා බවට සමාජයේ මතයක් පවතින බවත් කාවන්තිස්ස මිය ගියේ පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටියදි බවත් ඒ ගැන අධිකරණයේ අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටියේය.
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනුයේ නිපුණතා සංවර්ධන නිලධාරියකු සහ තවත් සැකකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd