(ඉන්දිකා රාමනායක)
බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත පිරිසකට අතින් ‘‘ ගෙළ සිද දමන ’’ ආකාරය නිරූපණය කිරීමේ සිද්ධිය මුල්කරගෙන රාජකාරි කටයුතු වලින් ඉවත්කර සිටි ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වන බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු සේවය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් යළි පිහිටුවා ඇති බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ශි‍්‍ර ලංකා මහකොමසාරිස්වරිය ආරම්භ කර ඇති පරීක්ෂණය එසේම සිදුකර කරන ලෙසත් පරීක්ෂණය සිදුකළ බි‍්‍රගේඩියර්වරයාග් සේවය ද යළි පිහිටුවන ලෙසටත් ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවද හමුදා ප‍්‍රකාශකයවරයා සඳහන් කළේය.
ඉකුත් (4) වැනි දින සිදු වු මෙම සිද්ධියෙන් පසු බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා මහකොමසාරිස් කාර්යාලයේ රාජකාරි කටයුතු වලින් ඉවත් කර තිබුණි.

බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය අවසන් අදියරේ මහින්ද මැතිඳුන් ලඟින්ම සිටිමින් දිරිමත් කල සිරිසේන මැතිතුමනි. ඔබතුමාත් දන්නවා රණවිරුවන් හට මේ සිද්ධ වෙන්නේ දැඩි අසාධාරණයක් බව. ඔබගේ තීරණයට අපගේ ප්‍රණාමය. රණවිරුවන්ට ද්‍රෝහිකම් කරන ඒජාපයෙන් මිදී ඉක්මනින්ම පක්ෂය එකතුකර නැවත මේ රට හරි මාර්ගයට ගැනීමට ඔබ තව ශක්තිය ධෛර්ය ලැබේවා.
බ්‍රිගේඩියර් ප්‍රියංකා ප්‍රනාන්දු ඊලාම් යුද්ධය පැවති අවධියේ මුල්ලන්කොවිල් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කල කෙනෙක්. 2010 මැතිවරණ කාලයේ කඳවුරේ පැවති සංගීත සංදර්ශනයකට සහභාගී වූ සුප්‍රකට ගායකයෙක් මැතිවරණයේදී එක්තරා අපේක්ෂකයෙකුට ඡන්දය දෙන ලෙසට ඉල්ලීමක් කල අවස්තාවේදී කඳවුර ඇතුලේ දේශපාලනය කරන්න එපායැයි එතුමා එම ගායකයාට නියෝග කර තිබෙනවා. ඒ සඳහා එතුමා ඒ කාලයේ වැඩ තහනමකටද ලක්වු කෙනෙක්.
සේවය තහනම් කිරීමට විරුද්දව සමාජ මාධ්‍යජාල වලින් එල්ලවූ බලපෑම මත 10 මැතිවරණය ඉලක්ක කරගත් තීරණයක් විතරයි.
මේක ඡන්දය ගන්න දරන උත්සාහයක් විතරයි. ඡන්දෙන් පස්සේ පරීක්ෂණය දිගටම යයි.
කරන්නට තිබූ හොඳම දෙය තමා ඔහුව තාවකාලිකව ඉවත් කොට පරීක්ෂණයක් කිරීම. අපිට අනික් අයව හදන්න බැ. නමුත් රටක් ලෙස රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලදී මීට වඩා බුද්ධිමත්ව තීරණ ගත යුතුව තිබ්බා. එතැන සිදුවීම් පිළිබඳව හරිහමන් පරීක්ෂණයක් කිරීමයි වැදගත්. එහිදී මෙම නිලධාරියා නිර්දෝෂී වුණොත් ඔහුව යළි සේවයේ පිහිටුවීමේ කිසිම ගැටලුවක් නෑ. නමුත් දැන් යළි සේවයේ පිහිටුවීම මම දකින්නේ ඡන්දය නිසා ගත්ත තීරණයක් ලෙසයි. නමුත් රටක රාජ්‍යතාන්ත්‍රික කටයුතු ඡන්දයක් හෝ වෙනත් දේශපාලන වාසියක් සඳහා යොදා නොගත යුතුයි.
රටට ජාතියට ආදරය කරන කොන්ද පණ තියෙන එඩිතර සිංහලයෝ තවමත් ඉන්නවා. බ්‍රිගේඩියර් ප්‍රියංක ඔබ දේශයේ අබිමානය මුළු ලොවටම පෙන්වපු රණවිරුවෙක්. ඔබ වැනි රණවිරුවන් මුළු ලක් මවටම ආඩම්බරයක්. දේශප්‍රේමියෙක් හැටියට එම අවස්ථාවේදී ඔබකල යුතු දේ කලා. කල හැකිදේ කලා. ඔබට අපේ උත්තමාචාරය. ජනාධිපතිතුමනි ඔබතුමාගත් නිවැරදි තීරණය පිලිබදව ඔබට අපගේ ගෞරවනීය ස්තුතිය.
තානාපති සේවයේ සිටින කෙනෙකු මෙවැනි දෙයක් කිරීම නුසුදුසුයි... මෙවැනි අවස්ථාවක රාජ්‍ය නායකයා කොන්ද කෙලින් තියාගෙන රටේ කිර්ති නාමය රැක ගැනීමට ක්‍රියා කල යුතුයි.
පණ බයේ පැනලා ගිය ඩයස්පෝරාවේ කොටි බොරුවට කෑ ගහනවා. සල්ලි වෙනුවෙන් කොච්චර කෑ ගැහ්වත් වැඩක් නැහැ. ඔක්කොටම කළින් ලංකාවේ පය ගහලා ඉන්න. එකතුවෙලා මේ රට දියුණු කරනවා මිසක් සුද්ද පස්සේ ගිහින් දියුණු කරන්න බැහැ. බ්‍රිෙග්ඩියර් ප්‍රියන්ත මහත්මයාණෙනි, ඔබ අප රටට ඉමහත් ආඩම්බරයක්... !!!
කරුණාකර මේ පුවතෙන් කොපියක් විදේශ කටයුතු අමාත්‍යාංශයට දෙන්න. බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු ගේ සේවය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් යළි පිහිටුවා ඇති බව තාම දන්නේ නැත.
ජනාධිපතිතුමා, ඔන්න දැන් නියම ට්‍රැක් එකට වැටෙනවා. ජය ශ්‍රී! මුස්ලිම් අය දෙමළ අයට වඩා බොහොම භයානකයි. එ්කත් මතක් කර දෙන්නම්...
ඩයස්පෝරාවට කනේ පාර කොහොම වෙතත්.., පස්ස පැත්තට හොඳ පයින් පාරක් ලැබුණා.
මේක හරියට මමයි ලොක්කා, කියලා ඉස්සර ගම්වල හිටිය චණ්ඩි කිව්වා වගේ.. මේ තීරණය වැරැදියි. නායකයෙකුට එය නොගැලපේ. රටේ ගරුත්වය රැකිය යුතුයි. කුමන රණවිරුවකු වුණත් වැදගත් වෙන්න ඕනෑ. මෙහෙම වෙනකොට ලෝකයට යන්නේ වැරැදි ලෙසටයි.
මේක පුදුම වැඩක්නේ.. !!! අපට නම් එහි කිසිදු වරදක් නොපෙනේ. (අපගේ මෙම අදහස් වලට වැඩිදෙනෙකු අකමැතිවෙනු ඇත) මොනයම් හෝ ත්‍රස්තවාදියෙක් නම් "ඒකා සමාජ විරෝධියෙකි" එහි කිසිඳු වෙනසක් නොමැත. එමෙන්ම එවැනි ම්ලේච්ඡයන් සමාජයෙන් තුරන් කිරීම හැර වෙන පිළිතුරක්ද නොමැත. එවැනි කාලකන්නින්ගේ ‘‘ ගෙළ සිඳ දැමීම" හැර වෙනත් විකල්පද නොමැත. ත්‍රස්තවාදීන්ට කිරි පොවන්නේ දේශද්‍රෝහීන්ය. පසුගිය යුදසමයේ අපගේ නිවට දේශපාලකයින්ගෙන් හොඳහැටි අපටම අත්දැකීම් බහුලය. කෙසේවෙතත් මෙම සිදුවීම එලෙසම සිදුවුණි නම් එම නිලධාරියා තම මව්බිමට අවංකවම ආදරය කරන නිලධාරියෙකි.
හමුදාවට අපේ උත්තමාචාරය !
අපේ ජනාධිපතිතුමාට ජයවේවා!
එල්.ටී.ටී.ඊ. හිතවාදි නරුමයන්ට අපේ 70 වන නිදහසේ අභිමානය සමරන්න බැරි වුනේ මොකද කියලා දන්නවානේ.. මේ විරෝධතායන්ට එක්වූ ඩයස්පෝරා එ්ජන්තයින්ට ලංකාවේදි නම් ගහලා එලවන්න තිබුණා. නමුත් එසේ කරන්න බැරිවූ විට තම රටේ අභිමානය පෙන්වන්න. මේ බ්‍රිගේඩියර්වරයා ගත්ත උත්සාහය නියම ශ්‍රී ලාංකිකකම ඉස්මතු කලා. එ්ක තේරුම් ගන්න බැරි මොළයක් නැති විදේශ අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යාංශයට හරි නම් වෙනම පරික්ෂණයක් කරන්න ඕනෑ... ජනාධිපතිවරයා මේ ගත්ත උත්සාහය අගය කරනවා.
විදේශ ඇමති මාරපන කලිනුත් අස්කරපු ඇමති කෙනෙක් නේද? මෙයා ඡන්දයකට යන්න බැරි කෙනෙක් නේද? හැමදාම එජාප එකෙන් පත්කරන වැඩකට නැති කෙනෙක් නේද? ජනපතිතුමනි, මොහුව දැන්වත් ඉවත් කලොත් නරකද?
හපොයි!! දැන් අර නැට්ටට ගිනිතියාගෙන කුලප්පු වෙලා රට ගිනි තියන්න දඟලපු හනුමන්තලාට මොකද වෙන්නේ?
ලොවේ යම් රටක නිදහස සමරන අවස්ථාවක ඊට විරුද්ධව නැගීසිටින හෝ උද්ඝෝෂණ කර එය කඩාකප්පල් කරන පිරිස් මීට පෙර දැක තිබේද?.. එසේනම් එය කොයි රටේද..? රටක යුනිෆෝම් එකක් ඇඟලාගන්නේ පඹයන් සේ සිටීමට නොව, එදා මේ මව්බිම රැක්කා සේ අදද මගේ යුනිෆෝමය නොව, මොනක්‍රමයකින් හෝ රට රැක නිදහස සමරමි යැයි, මුළු ලොවටම නොබියව පෙන්නූ වීර සෙබලාට, ජනපතිතුමනි, ඔබගත් තිරණයද නිවැරදිය.
බොහොම හොඳ තීරණයක්... ඔබතුමාට අපේ ආචාරය, කාලකන්නි කොටි ඇම්බැට්ට ෂෝ කාරයින්ට මහ කොමසාරිස් කාර්යාලය ඉස්සරහ හැම සෙල්ලමක්ම දාන්න පුළුවන් අපේ වීරෝදාර රණ විරුවෙක්ට අංග චලනයෙන් මුකුත් කරන්න හොඳ නැහැ. මේක යකාගේ නීතියක්නේ... කව්ද රණවිරුවාගේ වැඩ තහනම් කළේ? මොලේ කළඳක්වත් නැති එවුන් තමයි එහෙම කරන්නේ...
අන්තර් ජාලය හරහා ගෙනයන පදනමක් හෝ කිසිම තේරුමක් නැති අනවශ්‍ය මත ප්‍රකාශ නිසා අවදානමට පත්වන්නේ මෙම සිද්ධියට මුහුණපා සිටින බ්‍රිගේඩියර් වරයායි. මෙම සිද්ධිය ගැන සමහරු කියන්නේ " අගමැති වරයා ලවා වැඩ තහනම් කර ජනාධිපති වරයා ලවා නැවත සේවයේ පිහිටුවීම" මඟින් දේශපාලන වාසියක් ලබාගැනීමට උත්සාහ කර ඇති නාඩගමක් බවයි. තවත් සමහරු කියන්නේ දැන් සේවය ලබාදී ඡන්දය අවසන් වුණු පසුව නැවත අස් කරන බවයි. මෙවැනි සාවද්‍ය ප්‍රකාශ වගකීම් රහිත හිස් මත බව කිව යුතුය. මෙම සිද්ධිට උපයෝගී කරගනිමින් දේශපාලන මත ප්‍රකාශ කිරීම ඉතාම ඛේදජනකය. එය වහාම නැවැත්විය යුතුය.
ඉතාම උසස් තීරණයක්. බ්‍රිගේඩියර් ප්‍රියංකව උසස්වීමක් දීලා සේවයේ පිහිටුවිය යුතුයි. මේ යුගයේ දැකපු එකම නිර්භීත ශ්‍රී ලාංකිකයා. සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස භේදයක් අපිට අවශ්‍ය නැත. අපි ලාංකිකයෝ ලෙස ලංකාවට එරෙහි ත්‍රස්තවාදයට එරෙහිව තැන නොබලා සටන් කල යුතුයි. ප්‍රියන්කට අපේ ප්‍රණාමය. ජනාධිපතිතුමාට ද අපේ ගරුත්වය...!!!
සිංහල ජාතියේ තේජස, එඩිතරකම සහ සිංහල හමුදාවේ වීරෝධාර ශක්තිය නිර්භයව පෙන්නු ඔබවන් වීර පුතෙක් වාරියපොළ සුමංගල හිමි පරපුරේම පුරුකකි . ජයශ්‍රී !!!. නැවත සේවයේ පිහිටුවාලීම අගය කරමු.
පසුවී හෝ හරි දේ කිරීම ගැන ජනපතිට ස්තුතියි, හමුදා නිලදාරියාට අපගේ උත්තමාචාරය
අර බද්රානි කියල තියනවා වගේ, රවින්ද්‍රලා වගේ නැට්ටට ගිනි තියා ගත්තු අය ක්‍රියා කරන විදිහට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ක්‍රියා කිරීම සුදුසු නැහැ නේද? බ්‍රිගේඩියර්වරයා ඒ අවස්ථාවේ සංවේදී වී එවැනි ප්‍රතිචාරයක් දැක්වීමේ යම්කිසි සාධාරණයක් තිබුනත්, අන්තර්ජාලයේ තප්පුලන මේ අය, අයත් වන්නේත් අර එංගලන්තයේ වීසා අලුත් කර ගැනීමේ ප්‍රශ්නයට මැදිව සිටින හා ලංකාවේ ඊලාම් රාජ්‍ය ගැන සිහින දකිමින් සිටින ඒ අය අයත් වන නඩයටම තමයි.
ඡන්දෙ මේ සුමානේ නොතිබෙන්න මේ කේස් එකට අත තියන්නේ නෑ.
අපේ රට ,අපේ ජාතිය, අපේ ආගම , වෙනුවෙන් ජීවිතය පරදුවට තබා අපට මුළු ලොවටම "ආඩම්බරයෙන් අපි කියන්න " ම්ලේච්ච ත්‍රස්තවාදය අතු ගා දැමු රණවිරුවාණනි ඔබට අපේ උපහාරය !!!
ජනාධිපතිතුමාගේ මේ ක්‍රියාව හැමෝම අගය කල යුතුයි.
මගෙත් හැන්ගීම් වලට යටත්වී කතාකරනවානම් ඇඟිල්ලෙන් ගෙල සිදිනවා පෙන්වා මැද ඇඟිල්ලද පෙන්විය යුතුය. නමුත් උසස් හමුදා නිලදාරියෙක් හැටියට උද්ගොෂ්කයින් දෙස නොබලා ඔවුන් සතේකට ගණන් නොගෙන සිටියානම් වඩාත් හොඳය. හමුදා විනය ගැන බලා ගන්න උවමනානම් රජීව් ගාන්දිට හමුදා සොල්දාදුවෙක් පහරදෙන අවස්ථාවේ අනෙක් සොල්දාදුවන්ගේ සීරුවෙන්සිටින ඉරියව්ව වෙනස් නොවුන හැටි බලන්න.
පුතේ නුබ නියම හෙළ දරුවකේ, එත් අයතේ මවෙැනි වැඞ කරන්න එපා. ඡන්දෙ ලග නිසා නුඹ බෙරුන.
සංහිදියාව කියන්නේ බොරුවක් නේද. TNA එක නිදහස් දිනය වර්ජනය කළා නේද . මේ ගැන මොක්කද්ද කියන්නේ .
Raveendra මහතා සාමාන්‍ය සිංහල කෙනෙක් ඔය දේ කලානම් එය කොහෙත්ම පස්නයක් නොවේ. නමුත් හමුදා නිලදාරියෙක් හැටියට හැගීම් වලට ඉඩ දීම කොහෙත්ම හොඳ නැත. මොකද දෙමළුන් සහ අපි මේ කිරීයා වලිය දිහා බලන්නේ අකිනෙකට පර්තිවිරුද්ද පැතිවල ඉදන්ය නමුත් ලෝකය මෙය බලන්නේ මදියස්ත්වය. එවිට ලෝකයට හමුදා නිලදාරියෙකුගේ නිහික්මුනු ගතිය දකිනු ඇත. අපි සිංහල උද්ගොෂකයින්වෙලා හමුදා නිලදාරියා දෙමළෙක් කරලා පැති දෙක මාරුකරගෙන පරස්නය දිහා බලමු. හමුදාව මෙහෙයවන නිලදාරියෙක් මෙවැනි හැගීම් වලට යටවෙනවානම් ඔබට සහ මට සුදුකොඩි ඔසවා යටත්වීම බලාපොරොත්තු විය නොහැක.
සේවයේ පිහිටුවීම ජන්දය අවසන් වන තෙක් විය හැක
ඔබ ගැන අපිට බොහොම සතුටක් දැනෙනවා. රස්සාවටවත් ලැබෙන සැප සම්පත් වලටවත් බයේ කට වහගෙන ඉන්නේ නැතුව කරපු වැඩේ හොදයි බ්‍රෝ . ඕකතමා නියම සිංහලකම. මෙහෙ උන්ටයි ලෝකේ උන්ටයි මතක් කරලා දුන්නට ස්තුතියි.......ඔබ ගැන ආඩම්බරයි
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි බ්‍රිතානයේ මහා කොමසාරිස් ධුරයට උසස් කල යුතුයි.
ඡන්දෙට දින කීයද බලමුකෝ.
ඒක ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයක් නොව ත්‍රස්තවාදී ක්‍රියාවක්. බ්‍රිතාන්‍ය ඊට උඩගෙඩි දෙනවා
නැවත බුකිය ගිනිගෙන ඇත.සිංහල අන්තවාදීන් තම සුපුරුදු සෙල්ලම තවත් වටයකින් පටන්ගෙන ඇත. එන්ජීඕ මුදලින් මඩිය තරකරගන්නා සිංහල ජාතිය එකහෙලා පිළිකුල් කරන නඩයද කල එළියට බැස ඇත. බුකියේ අතිමහත් බහුතරය මේ අන්ත දෙකින් වඩාත් ආකාර්ශණීය අන්තයවෙත පිවිස ඇත.
මේ සිදුවීමෙන් විදේශ සබඳතා පළුදුවීම් වැනි ගැටළු උද්ගත වුවහොත් දීර්ඝ ඉතිහාසයක් ඇති අභිමානවත් ජාතියක් හැටියට අප පසු බැසිය යුතු නැත.
අපිට නම් දකින්නේ ඡන්ද ගොඩ වැඩිකරගන්න දුන් අවස්තාවාදී තීන්දුවක් ලෙසටයි
1985 පමණ වන විට ලෝකයේ ජනතාව බොහෝදුරට වර්ගවාදී හැගීම් වලින් අඩු වීමට පටන් ගෙන තිබුණා. ඒ සමාජවාදයට පිං සිදු වන්නට. ඒත් දැන් වර්ගවාදි නොවන ජනතාව ඉතා අඩුයි. තම හැගීම් අනුව වැඩ කිරීමට නිළධාරින් අවශ්‍ය නැත. ඒ සදහා රස්තියාදු කාරයින් ඕන තරම් ඉන්නවා. නිළධාරින් නීති ගරුකව රාජකාරි කළ යුතු යි.මන්ද ඔවුන් මහජන මුදලින් වැටුප් ලබන අය.
ගිරිපුර මෙතන තියෙන්නේ සිංහල දෙමල ප්‍රශ්නයක් නෙවේ. මම දෙමල එහෙත් මම මගේ රටට ආදරෙයි. මගේ ජාතික කොඩියට ආදරෙයි, මගේ ජාතික ගීයට ආදරෙයි. එහෙත් LTTE ට කවදත් විරුද්දයි, විශ්ෂයෙන් ඔය ඩයස්පෝරාවට. එමනිසා සිංහල වේවා, දෙමල වේවා, අපි සියලුම දෙනා අපගේ වීරෝධාර සෙබලා කළදෙය, ඉතා අගය කරනවා. මේ රටේ තියන සාමය විනාස කරන්නේ ඔය හොර ඩයස්පොරවයි. මම ඔතන හිටියනම් මමත් කරන්නේ ඔය වීරෝදාර සෙබලා කරපු දේමයි. ජයවේවා!!!
මේ වැඩේ කිසි වරදක් නැහැ. මේක හොඳ වැඩක්. අරහේ අර විදියට කෑ කෝ ගහන කොට අපිත් ඒවාට උත්තර දෙන්න එපාද? දැන් වත් ඒ අයට පැහැදිලි කරලා කියන්න ඕනි.
කොටි ත්‍රස්‌තවාදීන්ගේ යකඩ හස්‌තයෙන් මුලතිව් මුදාගැනීම වෙනුවෙන් සුවිශාල කාර්ය භාරයක් ඉටුකළ බ්‍රිගේඩියර් ප්‍රියංක විශිෂ්ට හමුදා නිලධාරියෙකි.
මේ ප්‍රශ්නය හැඟීම් බරව කතා කළ යුතු දෙයක් නොවෙයි. සමහරු ඒ නිලධාරියාට දඬුවම් කරන තුරු නොඉස්පාසුවකින් කතා කරන අතර තව පිරිසක් ඒ ක්‍රියාව අගය කරමින් ඒ නිලධාරියට සුභ පතනවා. ඇත්තෙන්ම කිවහොත් මෙය මේ සිදුවීම පිලිබඳ පශ්චාත් සාකච්චාවක් ලෙස නොව අපේ තානාපති කාර්යාලවලට යවා ඇති හමුදා නිලධාරීන්ගේ කාර්ය භාරය කුමක්දැයි කලින් නිර්වචනය කළ යුතු දෙයක් කියා අප සිතනවා.