පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව තමන් ඉතා කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. පළාත් පාලන ආයතන සඳහා පැවැති මැතිවරණයෙන් පසුව බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවාව (බී.බී.සී) විසින් කරන ලද විමසුමකදී මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පවසා තිබේ.
පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බවත් පවසා ඇති රාජපක්ෂ මහතා මෙම මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග රට තුළ මෙන්ම ආණ්ඩුව තුළ ද "අස්ථාවරභාවයක්" මතු වී තිබෙන බැවින් "මේ අස්ථාවරභාවයෙන් මුදාගන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන්න ජනතා වරමක් ඉල්ලන්න ඕන කියන එක තමයි මම හිතන්නේ," යනුවෙන් ද පවසා තිබේ.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව වත්මන් පාලක සන්ධානයේ ප්‍රධාන පක්ෂ දෙකම (ශ්‍රීලනිප - එජාප) පරාජය කරමින් ප්‍රබල ජයග්‍රහණයක් ලබාගැනීමට පොදු ජන පෙරමුණ සමත් වී තිබේ.
2018 පළාත් පාලන මැතිවරණයේ බලය අත්පත් කරගැනීමේදී මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලැබුණු පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 239 ක බලය අත්කරගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන ආයතන 41 ක බලය හිමිවූ අතර දෙමළ ජාතික සන්ධානය පළාත් පාලන ආයතන 34 ක බලය අත්පත් කරගත්තේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒ සමග එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් යන දෙපාර්ශ්වයටම එක්ව බලය ලබාගත හැකිවූයේ පළාත් පාලන ආයතන 10 ක පමණි.
"මම බොහොම සන්තෝස වෙනව මේ ප්‍රතිඵලය ගැන මොකද ජනතාව එදා 08 වෙනිදා (2015 ජනවාරි 08) කරපු වැරැද්ද ගැන අද හරි මාර්ගයට ඇවිල්ල තියෙනව, අවබෝධ කරගෙන තියෙනව," යයි මහින්ද රාජපක්ෂ මහතා බී. බී. සී. පුවත් සේවයට පවසා තිබිණ.
19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව මහ මැතිවරණයක් පවත්වා වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු නොවන නමුත් පාර්ලිමේන්තුවේ පක්ෂවල එකඟත්වයෙන් එය සංශෝධනය කළ හැකි බවද හිටපු ජනාධිපතිවරයා පවසා තිබේ.
"මහජනයා ඉදිරියට යන්න ඕන එයාලා, මම හිතන්නේ දැන් කරන්න තියෙන්නේ ඒක," යයිද බී.බී.සී. පුවත් සේවයට පවසා තිබිණ.
පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බැවින්, ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේදී ලැබුණු ජනවරම පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරන ප්‍රකාශය සම්බන්ධයෙන්ද බී.බී.සී. සේවය රාජපක්ෂ මහතාගෙන් විමසා තිබේ. එයට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වී ඇත්තේ .....
"එයාට හීනෙන් පේනවා එහෙම ශක්තිමත් වෙලා කියල," යන්නයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ප්‍රතිඥා දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම ප්‍රතිඥා ඉටුනොකිරීම පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන වෙත චෝදනා කර තිබිණ.
"ඔයාලා ඇතුළු මේ ආණ්ඩුව බලයට ගේන්න ක්‍රියා කළ ජනමාධ්‍ය නිහඬ වෙලා" යයිද ඔහු චෝදනාවක් එල්ල කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයෙකු මෙන්ම පක්ෂයේ තවමත් අනුශාසක පදවිය ද දරමින් සිටියද පොදු ජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දීම පක්ෂයේ විනය කඩකිරීමක් නොවේ දැයි බීබීසී සිංහල සේවය මීට පෙරදී කළ විමසීමකට හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දී ඇත්තේ "පක්ෂයේ ප්‍රතිපත්ති කඩ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන" යයි කියමිනි.
ශ්‍රීලනිපයේ වත්මන් මධ්‍යම කාරක සභාව "නීත්‍යානුකූල නැති" බවත් කියා ඇති මහින්ද රාජපක්ෂ මහතා වඩාත් අවධාරණය කර කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා තමන් නොවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහතා මේ චන්දයටත් ඉක්මන් උනා වැඩී නේද? තව අවුරුද්දක වත් හිටියානම් තව වැරදි බොහෝ කරනවා. එහෙම උනානම් ඔබට 60% වත් ඡන්ද ලැබෙනවා දැන් වෙන්නේ මේගොල්ලෝ වැරදි හදා ගන්නවා. එතකොට අනාගතයේ ඔබේ ඡන්ද අඩුවෙනවා.
කුමන්ත්‍රණ මගින් රටේ බලය ලබා නොගන්නා ප්‍රකාශය විශිෂ්ට සහ අගය කල යුතු ප්‍රකාශයක්.
යහපාලන ආණ්ඩුව පත්කරපු මිනිස්සුන්ටම අවුරුදු තුනෙන්ම අප්පිරියා වෙන්න මුලිකව බලපෑවේ ආණ්ඩුවේ වැරදි වැරදි විදියට දකින්න බැරිඋන ජනාධිපති, අගමැති, ඇමතිලා ඇතුළු ඔය අන්තර්ජාලවල උදේ හවා ප්‍රසස්ති කොටන වහල් මානසිකත්වයෙන් යුතු දේශපාලන ගොට්ටෝ සෙට් එක. රටේම මිනිස්සු එට්කා එපා කියද්දී, රණවිරුවන්ව හිරේ ගාල් කරලා කොටි ජනාධිපති සමාවෙන් කොටි නිදහස් කරන්න එපා කියද්දී, රටේ හදවත් බඳු වරාය, ගුවන් තොටුපල නොරටුන්ට විකුනන්න එපා කියද්දී ගොට්ටෝ ටික ජනතා අදහස් වලට ඔච්චම් කර කර වෙබ් කෙටුවා, ඒ වගේම සමහර වෙබ් අයිතිකරුවෝ ජනතා අදහස්වලට කිසිඳු තැනක් නොදී අර ගොට්ටන්ගේම අදහස් පල කරන්න ගත්තා. ඒ මාධ්‍ය වේදින්ටත් තේරුනේ නැහැ ජනතා හඩ යටපත් කරාට කතිරේ නවත්වන්න බැහැ කියලා.
ඉස්සෙල්ල එන්න ඕනේ ජනාධිපතිවරණය නේද මහත්තයෝ? 45% පුලුවන්ද ජධිපතිවරණයක් දිනන්න. දැන්වත් පැන්ෂන් යන්න මහත්තයෝ.
හිතෙන හිතෙන වෙලාවට මහා මැතිවරණ දෙන්න කියලා තියෙන්නේ මොන නීති පොතේද.?
මහින්ද මහත්තය ඉල්ලන එකේ 2019 දෙසැම්බර් වලට කලින් ජනාධිපතිවරණයක් ලබා දෙන්න ජනපතිතුමනි.
මේක නේද මහා ඡන්දය කිවේ ? ඇයි තවත් එකක් , දන්නේ නැති නිසයි අහන්නේ .
දේශපාලුවොන්ට ඕනේ ඕනේ වෙලවට මැතිවරණ තියෙන්නේ නැතිව , නියමිත කාලෙට පමණක් මැතිවරණ තියන්න , කාලයක් තිබ්බ අවුරුද්දට එකසරයක්වත් මොක්ක හරි මැතිවරණයක් තිබ්බ , මේකෙන් අති විශාල මහජන මුදලක් නිකරුනේ නාස්තිවෙන බව මේ දේශ පාලුවෝ හිතන්නේ නැහැ .
ආ ආ මහත්තයෝ ජනතාව 8 වැනිදා කරේ වැරැද්දක් නොවේ, ඔබතුමාට පොඩි පාඩමක් ඉගැන්නුවේ. වැරදි අර්ථකතන දෙන්න එපා. මොකද දැන් ජනතාව බුද්ධිමත්, දැක්කනේ ඔබතුමාව ගෙදර යැව්වා. ඊළඟ මැතිවරනෙන් මේ ජනාධිපතිට රතු එලිය දීලා තියෙන්නේ. ඒ නිසා වටහා ගන්න ජනතාව දැන් ඕනෑම වෙලාවක ඕනෑම කෙරුමෙක්ව ගෙදර යවන්න දෙපාරක් හිතන්නේ නැ.
අපි ඔබ සමගයි මහින්ද මැතිදුනි, ඔබට ජයෙන් ජයම වේවා.!
අනේ බොරු සෝබන නැතුව ඉන්න අනේ. ඔයාට ඔය ඡන්ද ටිකෙන් ජනධිපතිවරණයක් දිනන්න බැහැනේ? ඔයා ජනාධිපතිවරනෙකට ගියහම එජාප , අත, බුලත් කොලේ , කුකුළා , ගස් ඔය සේරම එක පැත්තක්. ඔයාට ඇපත් නැහැ.
අවරුදු 2 න් දෙකට ජන්ද තියන්න ගියොත් හොදට හිටි. තව බඩු මිල වැඩිකරවන්නද හදන්නේ?
මට තේරෙන්නේ නැහැ මේ ප්‍රාදේශීය සභා ඡන්දය දිනුවාම මහා මැතිවරණයක් ඉල්ලීමේ පසුබිම ? මම 1990 සිට ඕස්ට්‍රේලියාවේ මැතිවරණ ගැන දන්නවා . බොහෝ විට මහ ආණ්ඩුවේ බලය තියන පක්ෂෙට විරුද්ධ පක්ෂේ ප්‍රාන්ත ආණ්ඩු දිනාගෙන පාලනය කරනවා.
හවුල් ක්‍රමය කරන්න බෑ පැහැදිලිවම සිංහල ඡන්දයෙන් පාලකයෙක් ඕනේ මහ මැතිවරණයක් තියලා ඒක ඉවරයක් කරලා දාන්න
බලයට තියෙන කෑදරකම පේනවද...
මේ ජය ඒ තරම්ම උදම් අන්න සුදුසු නැහැ. මහා මැතිවරණය තියන්නේ අනුපාත ඡන්ද ක්‍රමයට. රාජපක්ෂ මහත්තය අරගෙන තියෙන්නේ 44% පමණයි. එජාපයේ , සන්ධානයේ සහ ශ්‍රීලනිපයේ එකතුව 46.01% පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත්වෙලා අගමැති වරයා තෝරද්දී ඒකාන්තයෙන්ම මුස්ලිම් කොන්ග්‍රසයේ සහ උතුරේ පක්ෂවල සහය ලැබෙන්නෙත් එජාපයට. නමුත් රාජපක්ෂ මහත්තයට වැඩිම උනොත් තොන්ඩමන්ගේ චන්ද ටිකයි ජවිපෙ සහයයි ලැබෙයි. අවසානේ වෙන්නේ මේ ඉන්න විදියටම ඉන්නයි.
මෙතුමා 2015 පැන්ෂන් යවල කට්ටියක් තෝරාපත් කලා. නමුත් එයාල පැන්ෂන් ගිය නායකයා කරපු සංවර්ධන කටයුතු ආර්ථිකය කරගෙන යන්න බැරි වුණා. එකයි ජනතාව පැන්ෂන් ගිය මහින්ද මහත්තයා නැවත වැඩට ගත්තේ . පවතින ආණ්ඩුව ජනතාවගේ හදවතට හා බඩට ගහපු ගැහිලි වල ප්‍රති විපාක තමයි පොහොට්ටුවෙන් මතු වුනේ . සමහරක් සුළු ජාතීන්ගේ එම මානසිකත්වය මෙම චන්ද වලින් මොනවට ඔප්පු වේ.
මමත් අකමැත්තෙන් හරි ඔබතුමාගේ පොහොට්ටුවටයි ඡන්දෙ දුන්නෙ. දැනම ඡන්දෙයක් මොකටද..? දැන් ප්‍රාදේශීය සභා වල වැඩ පෙන්නන්න.. දූෂණය නැත්තටම නැති කරන්න. වැඩකර පෙන්වන්න. එහෙම වුණොත් විතරයි.... අපේ පවුලෙම ඡන්දය ඊලඟ පාර දෙන්නේ..
මොන මෝඩ කතාවක්ද? එහෙම කාටවත් ඕනේ විදියට ඡන්දෙ තියන්න නෙමේ අලුත් ව්‍යවස්ථාවක් හදාගෙන තියෙන්නේ.. මතකනේ තමුන්ට වාසි සහගත ලෙස ඡන්දය කඩින්කඩ තියලා රටේ මුදල් විනාශ කලේ පල් හොරු...
මෙයාට ලොකු වැරදීමක් වයසට ගියාම අමතකවීම් වැඩියි. මේ තිබ්බේ ප්‍රාෙද්ශීය සභා ඡන්දයක්. ගමට විතරයි. ඒකෙන් පොහොට්ටුව ගත්තේ සියයට 45ක් විතරනේ.. මේකෙන් මිනිස්සු බලය දුන්නේ ප්‍රාදේශීය සභාවට මිසක් පාර්ලිමේන්තුවට නෙමෙයි. පාර්ලිමේන්තු ඡන්දයට තව කල් තියෙනවා. අනික මේකෙන් ගමට වැඩ කරලා පෙන්නුවොත් ඊට පස්සෙ බලමුකො.
බහුතර අය හිතන් ඉන්නේ ගමේ ප්‍රදේශීය සභාවට රාජපක්ෂ මහත්තයා ඇවිත් වැඩ කරයි කියලා. සමහර පැතිවල කවුද අපේක්ෂකයො කියලාවත් නොබලයි ඡන්දය දිලා තියෙන්නේ. අන්තිමට පත්වුනේ ගමේ අය දන්නෙත් නැති කිසිම වැඩක් කරන්න බැරි නමට එක්තරා පක්ෂයක වුණු අය පමණයි. මිනිසුන් මෙපමණ මෝඩ ඇයි?
ජනතාව කියන්නේ කමෙන්ට් කරන අය නෙමෙයි කියන එකවත් දැන් තේරුම්ගන්න. යහපාලනය පැරදුණේ නෑ. ඒකේ දැලිගාන්න ආපු උදවිය ජනතාව විසින් අතුගාලා දැම්මා....
මහින්ද මහත්තයෝ ජනතා මතය ඔබ සමගනම් එයට ගරු කල යුතු වෙනවා. ඒ නිසා ඔබව යලි සාදරයෙන් පිළිගන්න වෙනවා. එත් මතක තියාගන්න එක දෙයක්. ඔබේ පසුගිය කාලේ හොඳ වගේම බොහෝ අඩුපාඩුත් සිද්ධ උනා. ඒවා ලැයිස්තුවක්ම තියෙනවා. එදා අන්තිමට ඔබ උඩඟු උනා. ඒ වැරදි හද ගන්න. දැන් ඔය පත්වෙලා ඉන්න ඔබේ පක්ෂේ සභිකයෝ අතර උනත් නොමග යන්න දුෂණ වංචා වලට මැර වැඩ වලට යොමුවිය හැකි අකාර්යක්ෂම එසේම ඔබ අද ලබා ඇති ජනතා ජය ආපසු හැරවිය හැකි බොහෝ අය සිටිය හැක.
චන්දෙ දීල තියෙන්න මිලියන 11ක් විතරයි. ඉතුරු අය ඡන්දෙ දීල නෑ. වෙන රටවල් වල වගේ ලංකාවෙත් ඡන්දය දීම අනිවාර්ය කල යුතුයි.
2018-02-11 ඉරිදා ලංකාදීප විගණකාධිපතිතුමාගේ සම්මුඛ සාකච්ඡාව හොඳින් කියවන්න. එවිට දැන් මේ රටේ තිබෙන ප්‍රශ්නය හා වර්තමාන රජයන් දෙකටම ඡන්දය පැරදීමට හේතුවත් හිතාගන්න පුළුවන්...
මිනිස්සු දැන්වත් තේරුම් ගත යුතුයි. මෙයා මොනතරම් බලයට කෑදර නායකයෙක්ද? මිනිස්සුන්ට කන්න නැතුව හෙන ගැහැව්වත් කමක් නැහැ... එයා රජ වෙලා...
මහින්ද 2015දීත් ඡන්දය කලින් තියලා තමයි ඇන ගත්තේ. දැන් ආයිත් ඡන්දයක් ඉල්ලනවා. මතක තියාගන්න ඔයාට ලැබුණේ 45%යි. 55% ක් ඔයාට විරුද්ධයි.
ලැජ්ජාවක් නැතිව රුපියල් 1500 ටත් අදහස් දාන අය තවත් ඉන්නවා කියලා හිතෙන්නේ මට විතර ද?
එක පක්ෂයක ඉන්න ගමන්, තව පක්ෂයකට ආවඩන එක කුමන්ත්‍රරණයක් නොවෙයිද? මහා මැතිවරණයකට යන වියදම ඔහේ බාර ගන්නවද? ජනතාව අවුරුදු 6 කට ආණ්ඩුවක් හදලා තිබෙන්නේ. ජනතාවගේ බදු මුදල් සමග සෙල්ලම් කරන්න හදන්න එපා.
විශේෂඥ හොරුන්ට ආධුනික හොරු පරාජය වීම සුළු කරුණකි. එය ස්වාභාවිකය. හොරකම වනාහි නිවන් දක්නා ජාති දක්වා කරගන්නට පුළුවන් එකම පින්කමයි. හුදී ජනයාගේ මනාපයද හොරුන්ටමය. ඒ පැත්තෙත් හොරුය. මේ පැත්තෙත් හොරුය. මම කෙසේ අත් පා දිග හැර සුවසේ නිදා ගනිම්ද?
ඇයි නාමල් බේබි මහ පුටුවේ වාඩි කරන්න ඔච්චර හදිසි .? ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් සියයට 75ක් බත් කන හරක්. ඒ නිසා බොරුවට කලබල වෙන්න එපා. ඔයා වටේ ඉන්නේ ඔය ඔක්කොම සුදු චරිතද? පට්ට පල් හොරු නේද? අපි දන්නා විදියට නම් පරණ හොරුත්, අලුත් හොරුත් එකයි. ඔය හොරු දෙගොල්ලම මේ රටට හානි කරයි.
අපේ රටේ ජනතාව මහින්ද නිසා 45% ඡන්දේ දීලා. අපේ රටේ අය ඔය බැඳුම්කර, අධිවේගවලින් ගසා කෑම්, හොර පාස්පෝට් මොකවත් හිතන්නේ නැහැ. ඔවුන්ව දේශපාලකයින් විසින් මානසික බෙදීමකට ලක් කරලා තියෙනවා. යූ.ඇන්.පී. සහ ශ්‍රී ලංකා කියලා. මෛත්‍රී එජාපය එක්ක එකට ආණ්ඩු කිරීම ඒ වෛරී ජනතාවට පෙන්නන්න බැහැ. එජාපය සහ ශ්‍රී ලංකා එක්වීම ඒ අයගේ දැක්ම තුළ නැහැ. එය දරාගන්න බැහැ ඒ අයට. හරියට උතුරු කොරියාව එකතු වෙනවට අමෙරිකාව අකමැති වාගේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දේ දුන්නේ නැහැ. ඒකේ අනුප්‍රාප්තික පොහොට්ටුවට දුන්නා. පොහොට්ටුව මොන වරද කළත් ඔය 45% අඩු වෙන්නේ නැහැ. එජාපය මොන වරද කළත් ඔය ප්‍රතිශතය ලැබෙනවා. ජවිපෙ ඒ අය මොනවා කිව්වත් 71/89 මතක් කර කර ජනතාව ඡන්දේ ඒ අයට දෙන්නේ නැහැ. මොකද අර ශ්‍රී ලංකා / යූ ඇන් පී මානසිකත්වය නිසා. මෙය වෙනස් කරන්න විශ්වාසය තියන්න පුළුවන් ඡන්දය නොදාන 30% ක් විතර ඡන්දේ සඳහා බුද්ධිමත්ව සහභාගි කරවීමෙන් විතරයි.
පළාත් පාලන ඡන්දයක් ඉල්ලුවා , දුන්නා , දැන් අායේ මහා මැතිවරණයක් ඉල්ලනවා. එ්කත් දුන්නොත්, ඊට පස්සේ මොකක් ඉල්ලාවිද? මුතුහෙට්ටිගම මහත්තයාව පරික්ෂා කරලා ලෙඩක් නැහැ කිව්වා. මෙහෙම ගියොත් අන්තිමට අසරණ ඡන්ද දායකයන්ගේත් අසනීප පරික්ෂා කරලා... බෙහෙත් දීලා ඉවරයක් නැති වේවි.!!!
හොඳට මතක තියාගන්න. ජනතාව මනාප ඔබට මිසක් පවුලේ නෑදෑයන්ට නම් නෙවෙයි. පුතාලා ටික මහා පුටු වල නෙවෙයි. මොන්ටිසෝරි පුටුවේ වත් ඉන්දවන්න බැරි කතා කියනවා. නාමල් ඇරෙන්න කවුරුවත් පරිණත දේශපාලකයෙක් හිටියේ නැද්ද? රනිල්ට ගෙදර යන්න කියන්න. පුතාලට කටේ බ්රේක් නැති නිසා තමයි ගියපාරත් ඔබතුමාට ගෙදරයන්න වුනේ...
ඇමරිකානු ජනතාවට ඇත්තේ තුවක්කු සහ යුද මානසිකත්වයකි. එමනිසාම ඔවුන් පත්කර ගන්නා ජනාධිපතිවරුන් බොහෝමයක් මේ මානසිකත්වයෙන් පෙළුණු විරුවන් සේ සිතා ඇමරිකානු ජනතාව ඔවුන් පත් කරගත්හ. ඔවුන් අතරින්, රේගන්, බුශ්, ට්රම්ප්, නික්සන්, ජොන්සන් ඒ අතරින් කැපී පෙනන අයයි. මෙලෙසම අපේ ලංකාවෙත් වහල් ගැති මානසිකත්වයෙන්, වැරදි, සොරමැරකම්, දූෂණය, භීෂණය පෙනිපෙනී ඒ දේශපාලකයන්ට නැවත නැවතත් ඡන්දය දෙති. බෝක්කුවක් උඩ බීඩිය උරමින්, බුලත් විට කමින් සිටි අය මෙන්ම, පයින්, බයිසිකලයෙන්, තැපැල් නයින්ටියෙන් දේශපාලන ගමන් ආරම්භ කල බොහෝ දෙනෙක් ඉතා සුළු කාලයකින් මිල අධික වාහන වලින් ගමන් කරමින්, පොල් අතු පැලවල් වටිනා මාලිගා බවට පත්කර ගන්නේ අපි බලාගෙන සිටියදීමයි. එම අදහාගත නොහැකි වෙනස, අපේ ඇස් ඉදිරිපිටම සිදු වෙද්දී, මිනිසුන් තමන්ගේ වාසියට ඔවුන්ගේ උකුලට වැටී නැවත නැවතත් මේ හොරු කණ්ඩායමම රට පාලනය කරවන්නට පත් කරති. එපමණකින් නොනැවතී, මේ හොරුන්ගේ පවුලේ අයටත්, පරම්පරාවෙන් පරම්පරාවටම ඒ හොරකම නොනවත්වා කරගෙන යාමට මේ නූගත් මිනිසුන්ගේ පරම්පරාවත් කටයුතු කරයි. මෙය කවදාවත් මේ රටින් තුරන් කල නොහැකි වහල් භාවයකි....
මැතිතුමනි, කලබල වෙන්න එපා. තව අවුරුද්දක් ඉවසලා මැතිවරණය ඉල්ලමු. ඔබතුමාගේ ජයග්‍රහණයේ නියමුවෝ 5 දෙනයි. රනිල්, මලික්, කබීර් සහ රවී ඇතුළු මෛත්‍රිගේ කණ්ඩායමේ පිනට පත් වූ පරාජිත ඇමතිලා ටිකයි. මෛත්‍රි නිර්පාක්ෂික විය යුතුයි. විගණන පනත ඇතුළු පක්ෂ මාරු කිරීමට බැරි විදිහට නීති සම්පාදනය ඉක්මන් කල යුතු අතර හොරුන්ට දැන්වත් දඬුවම් දිය යුතුයි. රනිල් ඇතුළු කණ්ඩායම පක්ෂ නායකත්වය ආයිත් සහ නවීන්ට බාරකල යුතුයි.
අගමැතිකමට නම් එන්න එපා. අපි නම් බයෝ...
උඩ පැන්නතේ බිම වැටෙයි. ඡන්ද ප්‍රතිඵලය අවභාවිත කරන්නයි ඔය හදන්නේ.
ඔය හදන්නේ නාමල්ට රජකම අරන් දෙන්න නම් ඔන්න වැරදුන තැන ! හැම දේශපාලක පුතාටම දේශපාලන දක්ෂකම සහ ප්‍රතිභාව නැති බව තේරුම් ගන්න. නැති නම් ආයෙත් මාලිගාව ඉස්සරහ රේස් පැදලා ඔබතුමාව ගෙදර යවාවි.
සිත නිවන කතා හැමතෙනම.
මහින්දට පින් සිද්ද වෙන්න ගමේ හිටපු කසිප්පු මුදලාලි, කුඩ්ඩෝ ටිකයි, ගෑණු හොරු ටිකයි ඇතුලට අාවා..
වැරදි දැකල නොදැක්කා වගේ හිටිය කාලයක් ගැන ඔබතුමා කීවනෙ,මේ කාලය අමතක කරන්න එපා ජනතාව වංචාව හොරකමට එරෙහිව නැගී සිටින කාලය අවිල්ලා,පිරිසිදු කණ්ඩායමක් ඉදිරියට ගේන්න.
ඔන්න කලින්ම කියන්නේ ජනතාව මනාපයදුන්නේ නාමල් පුතාව මහා පුටුවේ වාඩි කරවන්න නෙවෙයි. එයාට තව බොහොම ගොඩක් දේශපාලනය ගැන ඉගෙන ගන්න තිබෙනවා. කියතොත් කියන්නේ මිනිස්සුන් හිනස්සන කතා. කරතොත් කරන්නේ පියාට ලෙඩ වැටෙන වැඩ !
2015 ජනවාරියට පෙර යුගය තුළ මෙරට දේශපාලන කරළිය තුළ වඩාත් කතා බහට ලක් වූ මාතෘකාව වූයේ දූෂණ විරෝධයයි. ඒ හරහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහය දුන් ජනබලය ගොඩනැගුණි. නමුත් යහපාලන සම්මුතිවාදී රජය බලයට පත් වීමත් සමඟ දූෂණ විරෝධය සම්බන්ධව පැවති කතිකාවත් ගැන පැවතියේ අඩු අවධානයකි.පසුගිය පාලනයට එරෙහි කප්පරක් දූෂණ චෝදනා තිබියදී ආණ්ඩුව තමන් වෙතත් ඇඟිල්ල දික් කරන තුරු ඇල් මැරුණ ස්වභාවයකම සිටියේය.යහපාලන රජයට වසර තුනක් සපිරෙන තෙක් පෙර පැවති පාලනයට එරෙහි ඉහළ චෝදනා කිසිවකට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට රජය අපොහොසත් වීම තුළ යහපාලනය වෙනුවෙන් රොද බැඳි ජනතාව බලාපොරොත්තු කඩකරගත් තත්ත්වයක් නිර්මාණය විය. මෙවර පළාත් පාලන මැතිවරණ තුළ රජයේ පාර්ශ්වකාර පක්ෂ දෙකටම සුබ ලකුණු නොපෙන්වීමට එම ජනතාව තීරණය කර ඇති බවක් පැහැදිලිව දිස් ව ඇත. කෙසේ වෙතත් මේ රටේ වර්තමානයේ ගොඩ නැගී ඇති වාතාවරණය නව පාලනයකට අලුත් ගමනක් ඇරඹීමට සුදුසුම තත්ත්වයකි. නව පාලනයට මුල සිටම මුහුණ දීමට ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කළ මාධ්‍ය නිදහස තහවුරු කළ විගණන පනත ගැන දැඩි උනන්දුවක්, සාකච්ඡාවක් පවතින ප්‍රජාවක් තුළය.
නාමල් රටේ නායකයා වෙන කතාව ඇහෙනකොට මට හිනා වෙලා පන ගියා. ඇත්තට එහෙම වුනොත් ඉතින් වයසක මුත්තලාටත් ලම්බෝගිනිය පදින්න පුරුදු වෙන්න වේවි.
හදිසි වෙන්නේ නාමල්ව රජ කරවන්න නම් ආයෙත් ගෙදර යන්න වේවි. ඔබතුමා දන්නේ නැහැ පුතාලාගේ චරියාව ගැන තිබෙන ජනතා අප්‍රසාදය .!
වඳින්නම් නාමල්ව නම් ආයෙත් කරලියට ගෙනත් වැඩ වැරැද්ද ගන්න එපා. එයා හැසිරෙන්නේ මුළු ලංකාවේම මහදැනමුත්තා වගේ !
2015 වසරේ ජනාධිපතිවරණයේදී පක්ෂ කීපයක් එකතුවෙලා ලක්ෂ 62 ක් ගත්ත මෙවර ප්‍රතිපල අනුව පොහොට්ටුවට චන්ද 4968762 ලැබෙනවිට 2015 ජනාධිපතිවරණයේ එකතුවුන පක්ෂ වලට ඡන්ද 6148668 ක් තියෙනවා පළාත්පාලන ආයතන දිනුවට ජනමතය 2015 ට සමාන බවක් පේනවා හරිද බලන්න
ඔබතුමා ජයගත් ආයතනවල, මීට පෙර පවතී. සුපිරි පාලනයක් ගෙනියන්න..
මේ කමෙන්ට් ඔක්කොම කියවලා බලන්න. පොහොට්ටුවට ඡන්දෙ දීලා තියෙන්නේ ඔබට ඇති කැමැත්ත නිසා නෙවි. හොරු රළට දඬුවම් නොදීපු නිසා මේ ආණ්ඩුව.... නැතුව යාපනය හොඳ නැති නිසා නෙවෙයි. ඉතින් දැන් රජය ඉක්මණින් හොරුන්ට දඬුවම් දී (බැඳුම්කර හොරුන් ඇතුළුව) මේ රජය හරි මග යා යුතුයි. එතනින් පසුව මැතිවරණයක් තියලා බලන්න මොකද වෙන්නේ කියලා? මේක බොරුනම් කරලා බලන්න.
නැවතත් අධි තක්සේරුවලට යන්න එපා. රට පස්සට අදින්නේ නැතුව නිවැරදි විවේචන තුළින් ආණ්ඩුව හරි මගට තල්ලු කරන්න. පළමුව ආදර්ශයක් දෙන්න 45% නෙවි 65% ක් ගන්න පුළුවන් එතකොට...
මහින්ද මහත්තයෝ මේ ඡන්දේ දී ජනතාව ආණ්ඩුවට රතු එළියක් දීලා තියෙන්නේ, එහෙම නැතිව ඔබතුමාව ජනාධිපති කරගන්න තවම අවශ්‍යතාව මතු වෙලා නැහැ. ජනතාව ඔබට වරදක් කලේ නැහැ ඔයායි වරද කරලා ගෙදර ගියේ.
ඔබතුමාට ලැබුණු බලයෙන් අපිට වඩා පෙන්වන්නකෝ... ඉස්සෙල්ලාම...එතකොට අපිත් එකතුවෙනවා. (අහිංසක බලාපොරොත්තුවක්...)
මම නම් කළ කිරුනේ බැඳුම්කරය නිසාත් හොරුන්ට දඬුවම් නොදුන් නිසාත්ය. පරණ හොරු දැන් දැන් රජයනවා.
ලොක්කා හිතුවට වැඩි බහුතරය අකමැතියි..
අධි තක්සේරු නම් කරන්න එපා. මෛත්‍රි රනිල් එකතු වුණොත් ඔක්කොම ඉවරයි. ඉස්සෙල්ලා වගේ එකතු වුණොත් ඉස්සෙල්ලා වගේ මහින්දට අැපත් නැහැ.
අවුරුදු තුනක් තිස්සේ හොරු ඇල්ලුවා. හොරු ටික දැන් රට අල්ලලා.
2015 පාර්ලිමේන්තු ඡන්දෙ තිබ්බේ අවුරුදු පහකටනේ! දැනට පොඩ්ඩක් ඉවසලා මේ කාලේ සැලසුම් කරන්න
පළාත් පාලන ඡන්දයක් දිනුවම මහා මැතිවරණයක් ඉල්ලන එකම රට ලංකාව වෙන්න ඇති. මිනිස්සුන්ව ගොනාට අන්දවල බොක්කට කතා කලාම අපිත් රැවටෙනවා. 19වෙනි සංශෝධනය අනුව මෙයාල කියන කියන විදියට ඡන්දෙ තියන්න බෑ.
නැවතත් මන්ත්‍රී
මහින්ද රාජපක්ෂට අනුව 2015 ජනවාරි මස 8 වෙනිදා ජනතාව වැරැද්දක් කර ඇත. ඔහු නොකියා කියන්නේ ජනතාව ඔහුව පැරදවීම වැරැද්දක් බවයි. ඇත්තෙන්ම සිදුවුනේ ඔහු ජනතාවට වැරදි ගණනාවක් සිදු කිරීමයි. ඔහුව 2005 දී හා 2010 දී (සැක සහිතයි) ජනතාව බලයට පත් කළා කියල තුන් වෙනි වතාවට හෝ යාවජීවව ඔහුව තෝරා පත් කරගන්න ජනතාව බැඳී නැති බව මෙනෙහි කරන්න ඔහු අකමැති බවයි පෙනෙන්නේ.
ඔබට සුබ අනාගතයක් ! මහින්ද ආගමනය 2 දැන් දිවයින පුරා සිනමාහල් වල තිරගතවේ ඇතුල්වීම නොමිලේ පිටවීමක් නොමැත.
මේ ප්‍රතිපලය ඔබට තිබෙන කැමැත්ත නිසා නොවෙයි. හොරුන්ට දඬුවම් නොදුන් නිසා රජයට දීපු පාඩමක්. තවත් මැතිවරණයක් ඉල්ලන්නේ, ඒවාට වියදම් කරන්නේ කවුද ?
සුබ අනාගතයක් මහින්දාගමනය 2! දැන් දිවයින පුර සිනමා හලවල තිරගතවේ ඇතුල්වීම නොමිලේ පිටවීමක් නොමැත.