පොලිස් ඇමැතිගේ වාහනය හප්පා පලා ගිය තුනක් රිමාන්ඩ් පරිවාර රථ දෙකක් සමඟ ගමන් කරමින් තිබූ නීතිය හා සාමය ඇමැතිවරයාගේ රථය අනතුරට ලක් කර පළා ගිය බව කියන වාහනයක සිටි තිදෙනෙක් ලබන තුන් වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. 01 October 2017
බූස්ස කඳවුර හිමිවරුන්ට තහනම් කලාපයක් ජාතිය බලමුළුව සංවිධානයේ හිමිවරුන්ට හෝ එම සංවිධානයට අයත් නොවන කවරහෝ හිමිනමකට හෝ අක්මීමන දයාරත්න හිමි ඇතුළු පැමිණෙන තැනැත්තන්ට හා වාහනවලට රෝහීන්ග්යා සරණාගතයන් රඳවා සිටින රැදවුම් කදවුර පරිශ්‍රය සහ ඒ අවට ඇති මාර්ගවල රැදී සිටීම හෝ ඇතුළුවීම තහනම් කරමින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය. 30 September 2017
ඉන්ධන මිල ඉහල දැමීමට අයි.ඕ.සී. සූදානමක් ඔක්තෝබර් මාසයේදී පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට ලංකා අයිඕසී සමාගමේ සූදානමක් ඇතැයි වාර්තා වේ. සිදුවූ අලාභ හේතුවෙන් මේ තීරණය ගැනීමට සිදූවූ බවත් එම අලාභය දරගැනීමට නොහැකි නිසා මිල වැඩි කිරීම හැර තම සමාගමට වෙනත් විකල්පයක් නැති බවත් එහි නිලධාරීහු පැවසූහ. 30 September 2017
වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක් සයිටම් ආයතනය නිතිගත කිරිම ඉලක්ක කරගත් ව්‍යාජ විසඳුමක් තහවුරු කිරිමට බලධාරින් කටයුතු කළහොත් පුර්ව දැනුම්දිමකින් තොරව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි. 29 September 2017
ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචි පවසයි. 29 September 2017
’ව්‍යවස්ථා කමිටු අතුරු වාර්තාවෙන් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කරලා’ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් ශ්‍රී ලංකාව එක්සත් (සන්ධීය) රාජ්‍යයක් ලෙස අර්ථ නිරූපණය කර සිංහල ජනයා නොමග යැවීමේ අධම උපක්‍රමයක යෙදී ඇතැයි ද, 29 September 2017
සිසුන් 13ක් ගිය ත්‍රීරෝද රියක් ටිපර් රියක ගැටෙයි ඇල්පිටිය වලහේන ප්‍රදේශයේදී අද (28) පාසල් සිසුන් 13 දෙනකු ගමන් ගත් ත්‍රී රෝද රථයක් ටිපර් රථයක පිටුපස ගැටීමෙන් බරපතල තුවාල ලැබූ සිසුන් නව දෙනකු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි. 28 September 2017
පළාත් සභා සංශෝධනයට එරෙහිව හිටපු අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් ඉදිරිපත් කළේය. 28 September 2017
රටම හෙල්ලූ ඝාතකයින් හත් දෙනාගේ ඉරණම උසාවියේදී ලියැවෙයි යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර ඝාතනය කළැයි චෝදනා එල්ල වූ විත්තිකරුවන් නව දෙනාගෙන් ස්විස්කුමාර් ඇතුළු හත් දෙනෙකු එම චෝදනාවලට වැරදිකරුවන් බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි තීරණය කළ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔවුන් හත් දෙනාට මරණීය දණ්ඩනය නියම කළේය. 27 September 2017
විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් හත්දෙනකුට මරණ දඬුවම යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩු විභාගයේදී තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංගචේලියන් මහතා ප්‍රකාශ කර සිටියේ පළමු සහ හත්වැනි විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කළ යුතු බවත් ඉතුරු විත්තිකරුවන් හත් දෙනාට මරණ දඬුවම දිය යුතු බවත් ය. 27 September 2017
මහ බැංකු අධිපති රවීට උත්තර දෙයි ‘‘මහ බැංකුවට හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඔවුන්ගේ දැනුම ඉතා ඉහළයි. වැඩකට නැති ප්‍රකාශවලට පිළිතුරු දීමට මා කාලය නාස්ති කරන්නේ නැතැ’’ යි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොළඹ මහ බැංකු ශ්‍රවණාගාරයේදී ඊයේ (26) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 27 September 2017
මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්ට මාරුවක් මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් ධූරයේ කටයුතු කළ පී.බී විජයරත්න මහතා ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත් කර ඇති බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමවංශ මහතා පවසයි. 26 September 2017
පළාත් සභා බලය පාර්ලිමේන්තුවට ගන්නවාට විරුද්ධයි-මහිපාල හේරත් පළාත් සභාවලට දුන් බලතල නැවත ආපසු පාර්ලිමේන්තුව වෙත උදුරා ගැනීමට තමන් විරුද්ධ බව සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහිපාල හේරත් මහතා පවසයි. 26 September 2017
රවීගේ සැලසුම ගැන බන්දුල කියයි රවී කරුණානයක මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට තර්ජනයක් වන අයුරින් තරුණ කොටස් එකතු කර ගැනීමේ සූක්ෂම වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරගෙන යන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම දී පැවසීය. 26 September 2017
ඔසරි පොටේ පරික්ෂණ තවදුරටත් පුළුල් කෙරේ මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා පාසල් සිසුවියන් 250 දෙනකු සහභාගී කරවා ගනිමින් ඔවුන් හිංසනයට ලක්කළේ යැයි කියන සිද්ධියට අදාළව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අරඹා ඇති පරික්ෂණය තව දුරටත් පුළුල් කළ බව එහි සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ලංකාදීපයට පැවැසුවාය. 26 September 2017
මහ ඇමැති නිදහස් - සාරි පොටේ වරද ලේකම්ට ගිනස් වාර්තා තැබූ මංගල උත්සවයක මනමාලියගේ සාරිපොට උස්සා ගැනීමට පාසල් සිසුන් යෙදවීමේ චෝදනාවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා නිදහස් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අද පැවැති රැස්වීමක දී ප්‍රකාශ කළාය. 25 September 2017
ශිවාජිලිංගම් ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලයි යුද්ධය පැවති සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාව සිදුකළ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවය පවතින බව උතුරු පළාත් සභා මන්ත්‍රී කේ. ශිවාජිලිංගම් ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර තිබේ. 25 September 2017
ලලිත් ජයසිංහ අත්අඩංගුවට පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 25 September 2017
මාර්තුවට පෙර පළාත් සභා ඡන්දය ඕනෑ පළාත් සභා ඡන්ද විමසීම ලබන වසරේ මාර්තු මාසයට පෙර පැවැත්වෙන බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙන හෙයින් මාර්තු මාසය වනවිට එම කටයුතු ඒ ආකාරයට සිදුවිය යුතු බවට වගබලා ගන්නා ලෙස කතානායක කරු ජයසූරිය මහතා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුත්තාෆා මහතාට සහ පළාත් සභාවල සීමා නිර්ණය කරන කමිටුවේ සභාපති කනගරත්නම් තවලිංගම් මහතාට උපදෙස් දී තිබේ. 25 September 2017
ගැටුමකින් පසු දර්ගා නගරයේ දෙදෙනක් රෝහලට අලුත්ගම දර්ගානගරයේ වැලිපිටියේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පසු කැපුම් කෙටුම් තුවාල ලැබූ දෙදෙනකු අද (24) රාත්‍රී කළුතර නාගොඩ රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි. 24 September 2017
1000 දුම්රිය ටිකට්පත 3000ට විකුණලා මහනුවර දුම්රිය ස්ථානයෙන් දුම්රිය මගීන් සඳහා නිකුත් කරනු ලබන සීඝ්‍රගාමී දුම්රිය ප්‍රවේශ පත රුපියල් 1000.00 ටිකට් පතක් රුපියල් 3000.00 ට අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තුමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 24 September 2017
හිඟ බිල්පත් ගෙවන්න මහා භාණ්ඩාගාරයට බිලියන 4 ක් බිලියන 6.6ක නොගෙවූ මහා මාර්ග සංවර්ධන බිල්පත් ගෙවීම සඳහා අධිවේගී මාර්ගවලින් උපයා ගත් බිලියන 4ක් මහා භාණ්ඩාගාරයට ලබාදීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. 24 September 2017
ව්‍යවස්ථාවට වඩා සයිටම් ප්‍රශ්නයට තැන දිය යුතුයි ව්‍යවස්ථාව අනුමත කිරීමට වඩා සයිටම් ප්රශ්නය විසඳීමට රජය ප්‍රමුඛතාවය දිය යුතු යැයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. “මාස හතක් තිස්සේ වෛද්‍ය ශිෂ්‍යයින් 6500ක් දේශනවලට යන්නේ නෑ.සීමාවාසික වෛද්‍යවරු බිහි වෙන එක නැවතිලා නිසා මේ අවුරුද්දේ වෛද්‍යවරු 1200ක් රෝහල්වලට එන්නේ නෑ.මේක රජය වහාම විසඳිය යුතු ප්‍රශ්නයක්. 23 September 2017
කාලය අවසන්වන සභා තුනේ පාලනය ආණ්ඩුකාරවරුන්ට සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභාවල නිල කාලය අවසන්වීමෙන් පසුව ඒවායේ පාලනය මැතිවරණය පවත්වන තුරු එම පළාත් තුනේ ආණ්ඩුකාරවරුන්ට පැවරෙන බව පළාත් පාලන සහ පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (21) පැවැසීය. 22 September 2017
නීතිපතිවරයා ඉවත් කරන්නැයි යෝජනාවක් නීතිපතිවරයා ධූරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් යෝජනාවක් කතානායකවරයාට බාරදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. 21 September 2017
ඡන්දය දුන්නේ පළාත් සභා මැතිවරණයේ විකෘතිය නිවැරදි කිරීමටයි - ජවිපෙ පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට පක්ෂව ඡන්දය ලබාදුන්නේ පළාත් සභා මැතිවරණයේ විකෘතිය නිවැරදි කිරීමට බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පැවසීය. 21 September 2017
පළාත් සභා සංශෝධිත පනත තුනෙන් දෙකෙන් සම්මතයි පළාත් සභා සංශෝධිත පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් අද රාත්‍රී පාර්ලිමේන්තුවේදී සම්මත විය. 20 September 2017
ලලිත්ට- අනුෂට ඇප පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(20) ඇප ලබා දුන්නේය. 20 September 2017
වර්ජනය කළ ලංවිම සේවකයෝ 3000ක් දොට්ට ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩවර්ජනයට සම්බන්ධ වූ සේවකයන් 3000කට අධික පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කිරීමට ලංවිම පාලනාධිකාරිය තීන්දු කර තිබේ. 19 September 2017
අරුන්දික විපක්ෂයේ අසුන්ගනී හිටපු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා අද(19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත්තේය. 19 September 2017
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026