ජාතික ආණ්ඩුව දිගටම ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා අද පර්ලිමේන්තුවට දැනුම් දුන්හ.
ඒ සඳහා ගිවිසුමක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළ අතර ආණ්ඩු පක්ෂය කීවේ එවැනි ගිවිසුමක් අනවශ්‍ය බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිවාදයෙන් භංගවේවා... හොරුනුත් භංග වේවා!!!
ජය වේවා ! ඉතුරු කාල සීමාවේදී ජනතාවට දැනෙන්න යමක් කරන්න!
ජනතාවට දැනෙන හොඳ දේවල් කළොත් ඉන්න පුළුවන්.. ජනතාවට දැනෙන නරක දේවල් කළොත් යන්න පුළුවන්. දැන් ජනතාව ඉස්සර තරම් මෝඩ නෑ.
බොහොම සතුටයි.
මේ අය එළියේදි කරන ඝෝෂාව පාර්ලිමේන්තුව ඇතුලේ කරන්නේ නැහැ. නිකම් මහජනයා ගොනාට අන්දන වැඩ...
අවසාන ප්‍රතිඵලය මේක බව අපි නම් දැනගෙන හිටියා. මොකද එළියේ කොච්චර සද්දේ දැම්මත් මේ දෙගොල්ලම එකයි. දෙගොල්ලන්ම දන්නවා දීගේ කඩාගත්තොත් දෙගොල්ලන්ම නන්නත්තාර වන විත්තිය..
වටේට ඉන්න වැඩබැරි ටාසන්ලා එළවා දමා වැඩකළහැකි කට්ටියක් තෝරා ගත්තොත් මේ වගේ වින්නැහි ආයෙත් ඇතිවෙන එකක් නැහැ. ඌරෝ කැකුණ තල තල හිටිය වෙලාවේ හබන් කුකුල්ලු ටික ජය මඟුල් කන්න නටපු නැටිල්ල දුටුවද? ආණ්ඩුවේ දෙපාර්ශවය ඊයේ වෙනකල් අභ්‍යන්තරයේ කළ යුතු විවේචන එළියේ කැමරා ඉස්සරහ තප්පුලමින් කරගෙන ගිය වෙලේ ඒකාබද්ධ විපක්ෂය එම විවේචනවලට උඩගෙඩි දෙමින් කලේ බෙදීමේ වාසිය තමන් අතට පත්කර ගැනීමයි. මෙදාපාර ආණ්ඩුව කුඩු පට්ටම් නොවී බේරුනේ අනුනමයයි තුන්කාලෙනි. ආණ්ඩුවක සාමූහික වගකීමක් නැති තැනක හරි හමන් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරනවා තියා පන බේරාගෙන ඉන්න එකද අසීරු කරුණකි. ආණ්ඩුවට සහ විධායකයට ජනතාව රතු එළියක් ඔළුගෙඩි උඩටම අතහැර ඇත. දෙගොල්ලගේම අවංක වුවමනාව දුෂිත බලවේග පරාජය කිරීම නම් මෙතෙක් කළ වැරදි නිවැරදි කරගනිමින් දැන්වත් එක අරමුණක් ඇතිව ක්‍රියාකළ යුතුවෙයි.
ඡන්දෙන් මහින්ද දිනපු ගමන් අගමැති යූපීඑෆ්ඒ එකෙන් පත් කරන්න ඕනේ කියලා මහින්ද අමරවීර කිව්වා. රනිල් එලවන්න ගිහින් පස්ස බිම ඇනගත්තම කියනවා. ජාතික ආණ්ඩුව දිගටම ක්‍රියාත්මක වෙනවා කියලා.
රඟපාන ඔබ කවුද සුකුමාලියේ?
කෙළිය නේද තාප්පෙටම..!!! එතකොට පරණ හොරු, අලුත් හොරු, සහ අනාගත හොරු සියල්ලන්ම නැවතත් ජයපැන් බොන්න ලෑස්තියි වගේ..
මොනවටද මෙච්චර ලොකු ඝෝෂාවක් දාලා රට අස්ථාවර කළේ? ලොක්කෝ යමක් කියන්න හෝ කරන්න කලින් මීට වඩා සිතිය යුතුයි - අර කතා පොත්වල එන ගමරාළලා වගේ වැඩ නොකර...
මේවා අපේ රට්ටුන්ටනම් මහා ලොකු දේවල් නෙමෙයි
උපුටා ගැනීමකි. "පළාත් සභා ඡන්ද හයක් මේ වසරේ පැවැත්වෙයි. ඒ අතරින් පහක්, නියඟෙන් අන්තයට බැටකෑ ප්‍රදේශයන්ය. එම මැතිවරණවලිනුත් ආණ්ඩුව පරදිනු ඇත. එවිට අලූත් ව්‍යවස්ථාවක් පිළිබඳ බලාපොරොත්තු සුන්වී ගෝඨාභය ජනාධිපති වශයෙනුත්, මහින්ද අගමැති වශයෙනුත් පත්වන රාජපක්ෂලාගේ පුනරාගමනයකට පාර විවර වෙනු ඇත. ඒ වෙනුවෙන් ගෝඨාභය තමාගේ ඇමරිකානු පුරවැසි භාවය ‘කැපකරනු නොඅනුමානය’. එය, තවත් සැණකෙලියක් වනු ඇත. ඇමරිකානු තානාපති කාර්යාලයට යන එන පෙළපාලි, ඔහු තම ‘ගැලවුම්කරුවා’ වශයෙන් බෙරිහන්දෙන වියරු ආධාකරුවන් රොත්තකින් සමන්විත වනු ඇත. ඒකාබද්ධයෙන් ඉදිරි මාස 6 ඇතුළත දැවැන්ත ජනරැලි මාලාවක් පැවැත්වීමට යයි. ඒවාට අමතරව නිමක් නැති විරෝධතා සංවිධාන කෙරෙනු ඇත. ඒ වැඩේට ඔවුන් අති දක්ෂයෝ වෙති. 2015 ජුලි 14 වැනි දා කරන ලද කතාවක, රාජපක්ෂ පාලනය හැඳින්වීමට ‘රාජාණ්ඩුව’ යන වචනය සිරිසේන ජනාධිපති දෙවරක්ම පාවිච්චි කෙළේය. සිරිසේන සහ රනිල් තමන්ගේ අබලන්ව ඇති ගේදොර වහ වහා පිළිසකර කර නොගත්තොත්,"රාජපක්ෂ රාජාණ්ඩුව"යළි බලයට පැමිණෙනු ඇත. ජනාධිපති මහින්ද කෙනෙකුගේ පාලනය අසත්පුරුෂ වූ බව අපි දනිමු. එහෙව් එකේ, ජනාධිපති ගෝඨාභය කෙනෙකුගේ පන්තියම කෙසේ වනු ඇත් ද?"
දැන්වත් මිනිස්සු ඉල්ලපුව කරන්න නැතිනම් ඊලග ඡන්දෙ....
ආධාර,... පොහොට්ටුව!! ඔන්න ඔබේ වාරය..
මොනවාහරි හොඳ දෙයක් කරලා රට පොඩ්ඩක් ගොඩ ගන්න... පොහොට්ටුවෙනුත් සුබපැතුම් !!!
උපුටා ගැනීමකි. *කල්ලතෝනි කොල්ලය* 2014 වනවිට මැදමුලන පවුල් පාලනය අවසන් කිරීමේ කතිකාවක් රටපුරා ව්‍යාප්ත විය. මෙහි පෙරගමන් කරුවන් වූයේ යට කී කල්ලතෝනි කල්ලියයි. චන්ද්‍රිකා විදේශ ඔත්තු සේවා සමග සම්බන්ධ වී පොදු අපේක්ෂකයෙකු ගෙන ආවේය. පොදු අපේක්ෂකයාගේ දේශපාලන කූඩාරම රනිල් අතින් නිම වූයේය. මහරජා සිය මාධ්‍ය සවිය යොදා පොදු අපේක්ෂකයා මාකට් කලේය, ඇලොසියස් රවි කරුපයියා සමග එක්වී මුදල් පොම්ප කළේය. මැදමූලන පවුල් පාලනය අවසන් කරමින් කල්ලතෝනි පිල ජයගත්තේය. කල්ලතෝනීන්ගේ අය බව සක්සුදක් සේ ඔප්පුකරමින් රට කොල්ලකෑමට පටන් ගත්තේය. රනිල් සමග එක්වූ ඇලෝසියස් මහ බැංකුව කොල්ල කෑවේය. සිරිසේන සමග එක්වූ මහරජා අතට අසූවූ දෙය හොරා කෑවේය. යහපාලනය ලෙසින් හැඳින්වූයේ කල්ලතොනි දෙපාර්ශවය කල මංකොල්ලයයි. චන්ද්‍රිකා -රනිල් ඉන්දියාව සමග එක්ව ෆෙඩරල් සිතියම ඇන්දේය. එකෙක් පරයමින් අනෙකා තරගයට මෙන් රට කොල්ල කෑවේය. කලක් යාමට මත්තෙන් තම ගොඩ වැඩි කර ගැනීම සදහා කල්ලතෝනි කල්ලතෝනීන්ම ගහ මරා ගැනීම ආරම්භ විය.
කලෙකදී රටේ ප්‍රධාන දේශපාලන බලකොටු දෙකම කල්ලතෝනින් සතුවිය. නිදහස් පක්ෂය නීලපෙරුම පන්ඩාරණයගම්ලා සතුවූ අතර, එක්සත් ජාතික පක්ෂය තෝම්බි මුදලියර් ජයවර්ධනලා සතුවිය. නිදහස් පක්ෂය යලි ඩැහැ ගැනීමට චන්ද්‍රිකා ගත් සියලු උත්සාහ ව්‍යර්ථ වී ඇත. කාලයකට එහි අයිතිය මැදමුලනින් ගැලවීම දුෂ්කරය. නමුත් එ.ජා.ප කල්ලතෝනි ග්‍රහණයෙන් මිදෙන සේයාවක්වත් දක්නට නැත. රනිල් – සිරිසේන සමග කල්ලතෝනී කල්ලියට ටිකක් රට උලා කෑමට අවස්ථාව ලැබී ඇත. උපුටාගැනීම අවසන්. තීරණය ඔබම කරන්න.
ආදර පොහොට්ටුව ! ඔන්න ඔබෙ වාරය... පිපෙන්න දසත සුවඳවත් කරමින්...
ඇත්තටම ... මට ලියන්න මොකුත් ඔළුවට එන්නේ නැහැනේ...
2015 ට කලින් ඒවා කොහොමද? ඒවා මතක නැතුව වගේ හැබැට...
රටේ ජනතාව මෝඩයෝ නොවෙයිනේ ... මහත්තයෝ
මෙය මෙහෙමම වෙන බව මාධ්‍යකරුවෙකු වන මා හොඳින්ම දැනගෙන හිටියා ඇමතිතුමෝ. ඔයත් ඔයාගේ අනිත් කට්ටියත්, ජනාධිපතිත් ඒවා දැන සිටියේ නැත. ට්‍රීවිලර් එකක් පදවපු කෙනාව එක පාරටම හෙලිකොප්ටරයක් පදවන්න දැම්මා වගේ ඇමති කෙනෙක් වෙලා හිටපු සිරිසේන මහතාට එක පාරටම ලොකු පුටුව ලැබුණා. ඒ වුණාට අත්දැකීම් මදියි. මීට පස්සෙවත් ඔයාලා කට්ටියම අනිත් අයට ගරු කරන්න. යූඇන්පී ඇතුළු අනිත් පක්ෂ නිසා ඔහොම ඉන්නවා කියලා හිතන්න. මහින්ද මහතාටත් ගරු කරන්න. මොකද අද අපිට මේ හැම දෙයක්ම කරන්න පුළුවන් වෙලා තියන්නේ මහින්ද, ගෝඨාභය, සරත් පොන්සේකා ඇතුළු රණ විරුවන් නිසා බව අමතක කරොත් ඇත්තෙන්ම අප වසලයෝ. එම නිසා කලගුණ මතක තියෙන්න ඕනෑ. විදෙස් මාධ්‍යයේදී තරග විනිශ්චය කරුවෙකු ලෙස මට හොඳ අත්දැකීම් තියනවා. ඇමෙරිකානු ජනතාව තමන්ගේ හමුදා සෙබලාව වීරයෙක් ලෙස ගෞරව කරනවා. සුද්දාගෙන් වුනත් හොඳ දේ ඉගෙනීම වැදගත්. දේශපාලනයේ යෙදෙන අය ආදර්ශයක් වෙනවා නම්, විරුද්ධ මතවාදීන්ට ගරු කරනවා නම් අපේ රට කොතරම් ලස්සන වේවිද?
2015දී ජනතාව ආණ්ඩුවක් හැදුව හොරු අල්ලන්න! හදපු ආණ්ඩුව පිස්සු කෙල කෙල හිටිය අන්තිමට 2018දී හොරු ටික එකතුවෙලා ආණ්ඩුව අල්ලන්න වගේ සෙට් වෙන්නේ!
කොසොල් රජතුමා දුටු සිහින දාසයෙන් සතරවන, අටවන, දහතුන්වන සහ පහළොස්වන සිහින සැබෑ වන්නැයි යන්නේ.
මේ වසර දෙක එකට යනඑක හොදයි.සමගිය හොද දෙයක්.ඒත් වසර දෙක අවසානෙදි අයෙමත් දෙපිල් බෙදිලා කලින් වගේ පිස්සු නැටුවොත් මහජන මතය අනෙක් පැත්තට යාවි. ජනාධිපති වචන පාවිචියේදී වඩා සැලකිලිමත් වීම ඉතා වැදගත්.අගමැති,අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙන්වා දඩුවම් කිරීමටත්,දැනට රදවාගෙන තිබෙන ඔහුගේ මුදල් රාජසන්තක කල යුතුයි. එවිට මහජන ප්‍රසාදය නැවත ලැබෙනවා.විනිසුරුවරුන් එක්කෙනෙක් හෝ කිහිප දෙනෙක් කල වරදට සමස්ත විනිසුරන්ගේ ගෞරවයට රන්ජන් කල හානියට සමාව ගැනීමට ඔහුව යොමුකළ යුතුයි.සමස්ත නීතීඤ ප්‍රජාව ගෙන්ද සමාව ගත යුතුයි.එවිට ජනතා ප්‍රසාදය දිනා ගත හැකියි.රන්ජන් වරදට හොරකමට විරුද්දව සටන්කරන හොද කෙනෙකු බවද සිහිතබා ගත යුතුයි.
එජාප කාරයෝ උන්ගේ ප්‍රතිපත්ති වෙනස් කොරන්නේ නැත. එජාප කාරයෝ අපි යුද්ද අපරාද කලේ නැත කියන්නේ නැත..... රටබෙදන්නේ නැත කියන්නේ නැත. ශ්‍රී ලංකා කාරයෝ එජාප ප්‍රතිපත්ති වලට යට වී රටේ දේපල විකුනන්න කැමතී කියන්න ඕනේ එවිටයි දෙගොල්ලන්ට එකතුවී රට පාලනය කොරන්න පුලුවන්. රුපිය ගොඩ ගන්න මුට් බැරිය අපි තවත් අමාරුවේ වැටෙනවාය.