( තිළිණි ද සිල්වා )
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස කටයුතු කරන අමරි විජයවර්ධන මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් මඟින් නිල වශයෙන් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
අමරි විජයවර්ධන මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම ලිපිය මේවන විටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පිළිගෙන ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති ඉල්ලා අස්වීමේ ලිපියෙන් ඇය දන්වා ඇත්තේ පවතින අසනීප තත්ත්වය හේතුවෙන් තමන් මෙම ධූරයෙන් ඉල්ලා අස්වන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හේතුව ඒකද ?
අසනීපය ගැන කනගාටුයි ඉල්ලා අස්වීම ගැන සතුටුයි.............
අපි දන්නවා අසනීපෙ, දේශපාලන බලපෑම් නේද???අපේ පලවෙනි පුරවැසියා ඡන්දෙට කලින් තීරණ ගන්නේ සුපර් මෑන් වගේ, මිනිස්සුන්ගේ ආකර්ෂණය දිනා ගන්න. නමුත් අපි දැනගෙන හිටිය ගන්න තීරණ වල ඉකමනටම සැර බාලවෙන බව.
යහපාලනයේ පිලි පැනීම නිවැරදි කර ඇත. 1. යුකේ (UK ) ප්‍රශ්නය 2. චීන පෙට්ටි වල බ්‍ර්කේ නැති බවට බොරු කියමින් පරණ කැනඩා පෙට්ටි සමග සෙල්ලම් කරමින් සිටි දුම්රිය රියදුරන් මගීන්ට දුන් වද ද අවසන් කර ඇත. 3. සයිටම් නිසා ,පාරවල්වල රස්තියාදුවන පෙරට්ටුගාමින් ට කොතලාවල වෛද්‍ය පීඨය හරහා පිළිතුරු දී ඇත.
ඔබ නිවැරදි........මේ උන්දැ කටින් ඇපල් හිටවන්න ඔස්තාර්.
බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස්වරයා ලෙස සේවය කළ ක්‍රිස් නෝනිස් මහතාට විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ ඇමතිවරයෙකු ලෙස සේවය කල කෙනෙක් පහරදීමක් කල බවට ප්‍රවෘත්තියක් ප්‍රසිද්ධ වීමෙන් පසු සේවයෙන් ඉවත්වීම නිසා පුරප්පාඩු වූ මහකොමසාරිස් තනතුරට විජේවර්ධන මැතිණිය පත්කළේ වර්තමාන රජය විසිනි. එය දේශපාලන පත්වීමක් බව සැබෑ වුවත් එතුමියගේ ඉල්ලා අස්වීම දේශපාලන වාසි සඳහා යොදාගැනීමේ අමන උත්සාහයක් ඒකාබද්ධ විපක්ෂයට පක්ෂ සමහරු ආරම්භ කර ඇති බව පෙනෙන්නට තිබීම කණගාටුදායක කරුණකි. මීට පෙර ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලයේ ඉහළ සිට පහළ දක්වා පත්කර සිටියේ හිටපු රජයේ ලොක්කන්ගේ හිතමිත්‍රාදීන් බව කවුරුත් දන්නා කරුණකි. වසර දෙකක් වන විජේවර්ධන මහත්මියගේ සේවා කාලය දිගු කිරීමට නොඉල්ලා තනතුරෙන් ඉවත්වීමට ඇය ගත් තීරණය ප්‍රශංසනීය වෙයි. මෙවැනි තනතුරුවලට පත්වෙන බොහෝ දෙනා කරන්නේ එලවන තුරු තනතුරේ රැඳී සිටින්නට උත්සාහ කිරීමයි. මේ පුරප්පාඩුව පිරවීමේදී විදේශ අමාත්‍යංශයේ පළපුරුදු දක්ෂ නිලධාරියෙකු පත්කිරීම අත්‍යාවශ්‍ය වෙයි. දැනට ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලයේ සහකාර මහකොමසාරිස් වරයා ලෙස කටයුතු කරන සුගීශ්වර ගුණරත්න මේ සඳහා සුදුසුම නිලධාරියා බව අපගේ අදහසයි.
දික්කසාද වෙලා හොඳට කාලා බීලා ඉන්න රනිල්ගේ ලගම නැදායෙක්. දැන් ඉතින් හම්බකරගත්තා ඇති කියලා හිතෙන්න ඇති
එතුමිය මේ ප්‍රතිචාර දැක්වුයේ, බ්‍රිගදියර් ප්‍රියංක ප්‍රනාන්දු ට විරුද්ධව ගනිපු ක්‍රියාමාර්ගයට විරෝධතාවක් වන්න ඕනේ. ඒ තමයි නියම නායකයන්ගේ ගතිගුණ. ඒකට දැන් අපිට ඉන්න දේශපාලු නායකයෝ
ලංකාවේ තානාපතිවරු පත්කරන්නේ , අස්කරන්නේ ද්‍රවිඩ ඩයස්පෝරාවද?