(දයාරත්න ඇඹෝගම)
රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන සිදු කිරීමට යෝජිතව තිබු පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවිමට තිරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා පැවසීය.
මෙම යෝජිත ජල ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමට විරෝධය පල කරමින් රාජාංගනය ප්‍රදේශයේ ගොවින් පිරිසක් ඉකුත් 28 වැනි දින තඹුත්තේගම නගරයේදි දැවැන්ත උද්ඝෝෂණයක නිරත විය.
මෙම යෝජිත ජල යෝජනා ක්‍රමය පිලිබඳව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නියාක මහතා මෙසේ පැවසිය.
‘‘ මෙම ජල යෝජනා ක්‍රමය පුද්ගලික අංශය මගින් සිදු කරන ව්‍යාපෘතියක් නොවෙයි මෙය රජයේ ව්‍යාපෘතියක්.පසුගිය 2011 වසරේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ජාතික ජල සම්පාදන මණ්ඩලය වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව සිදු කරන ව්‍යාපෘතියක්.
මෙම ව්‍යාපෘතිය රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන තඹුත්තේගම නගරය සහ ඒ අවට පදිංචි පුද්ගලයන්ට පානිය ජලය ලබාදිමේ ව්‍යාපෘතියකි.
මෙම ජල ව්‍යපෘතිය මගින් රාජාංගනය ජලාශයේ වතුර නැතිවෙයි . ගොවිතැනට වතුර හිඟ වෙයි කියලා මේ ගොවි ජනතාව සිතා සිටිනවා . එහෙම වෙන්නේ නැහැ . නියමිත ජල කලමණාකරනයක් අනුවයි මේ ව්‍යාපෘතිය කරන්න සැළසුම් කර තිබෙන්නේ.
අනෙක් කාරණය මේ ජල ව්‍යාපෘතිය නිම වෙන්නේ 2021 දි.මේ වන විට සිදු වෙමින් පවතින්නේ මිණුම් කටයුතු පමණයි.
කෙසේ වෙතත් නැවත මේ සම්බන්ධයෙන් සියලු දෙනා එක්ව සාකච්ඡා කර විසදුමක් ලබාගන්නා තෙක් ජල ව්‍යාපෘතියේ කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර ගෙන තිබෙන ඒ මහතා පැවසීය.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු හරි කුහකයි එහෙමත් නැත්නම් දේශපාලකයෙක්ගේ උසිගැන්වීමක්, තමන්ගේම අල්ලපු ගමේ මිනිහට වතුර ටික දෙනවට මෙච්චර මරාගන්නේ මොන එකටද?
පසුගිය දින කිහිපයේ ඇතිවූ සිදුවීම් සහ ඊට අදාළව පළවන සමාජ ජාලා පුවත් පෙන්වන්නේ ලංකික ජන විඥානය ගොඩගත නොහැකි තරම් අබාධිත තත්වයකට පත්ව ඇති බවයි. මේ අවාසනාවන්ත තත්වය යුද්ධයේ අවසාන අදියරෙන් පසු ශීග්‍රයෙන් වැඩි මෙනින් පවතින බව පෙනෙයි. වෙන රටක් සොයාගෙන යාමට කාලය පැමිණ ඇත.
කණගාටුවෙන් වුනත් කියන්න ඕනේ මේ තත්ත්වයට හේතුව දේශපාලකයෝ සහ නිලධාරීන් පසුගිය දශක කිහිපයේ ජනතාවට බොරු කියමින් ඔවුන් රැවටීම නිසා....... ජනතාව ඔවුන් කරන කියන සෑම දෙයක්ම දිහා බලන්නේ සැකයෙන්, එම නිසා සුළු හෝ සැකයක් ඇති වුනොත් ඔවුන් පාරට බැස නිතිය අතට අරන් උද්ගෝෂණ කිරීමටත් ප්‍රචණ්ඩව හැසිරීමටත් හුරුවී ඇත....
F C I D එකට පුළුවන් රාජාංගනය කියන වචනේ මුල් අකුරු දෙක රාජ නිසා මේකට රාජපක්ෂලා සම්බන්දයි කියල තවත් පරීක්ෂණයක් ආරම්භ කරන්න.......
මේවා මිනිසුන්ට පැහැදිලි කලාද කලින්? විශේෂඥ උපදෙස් ගත්තද ?
රජයේ නිලධරීන්....... මෙය රජයේ ව්‍යාපෘතියක් නම් ව්‍යාපෘතිය ගැන ජනතාව දැනුවත් නොකළේ ඇයි? රටට අවශ්‍ය ව්‍යාපෘති කාලයක් තිස්සේ සැලසුම් කරලා එලියට එද්දී දේශපාලුවන්ගේ උවමනාවට හා ජනයාගේ නොදැනුවත් කමට මෙහෙම අකුලා ගන්න නම් රජයේ නිලධාරීන් මොකටද.?
බෞද්ධ අපිට නැහැ නේද අර ලිව් ඇන්ඩ් ලෙට් ලිව් කියන ගුණ ධර්මය?
ඉතින් එක කෙලින්ම ජනතාවට කියල පටන් ගත්තනම් ප්‍රශ්යනයක් ඇති වෙන්නේ නෑ නේ.......රජයේ නිලධාරීන්....... මෙය රජයේ ව්‍යාපෘතියක් නම් ව්‍යාපෘතිය ගැන ජනතාව දැනුවත් නොකළේ ඇයි? රටට අවශ්‍ය ව්‍යාපෘති කාලයක් තිස්සේ සැලසුම් කරලා එලියට එද්දී දේශපාලුවන්ගේ උවමනාවට හා ජනයාගේ නොදැනුවත් කමට මෙහෙම අකුලා ගන්න නම් රජයේ නිලධාරීන් මොකටද.?
එක හුවක් ගැහුවම පාරට දක්කන්න පුළුවන් නරි රැලක් ඉන්න රටක ගොබ්බයින්ට මොන ජල ව්‍යාපෘතිද? පිරිසිදු වතුර වෙනුවට මත් වතුර දුන්න නම්, තව හයියෙන් හු කියන්නත් පුළුවන්නේ??
මේ අය කියන්නේ ඇත්තද කියලා හොයලා බලන්න වෙනවා. තමන්ට පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියකට විරුද්ධ වෙන්න තරම් මෝඩ මිනිස්සු ඉන්නවා කියලා විස්වාශ කරන්න බැහැ.සමහර නිලධාරින් ඉන්නවා දේශපාලකයන් හා එක්වෙලා රටේ ජාතික සම්පත් විකුණන්න බඳු දෙන්න කුමන්ත්‍රණ කරන
දැන් එතකොට අර පොලිසියෙන් අත්අඩංගුවට ගත් අයට මොකද වෙන්නේ?
අනුමත කරල තියෙන්නේ 2011. මැනුම් කටයුතු ආරම්භය 2018. ව්‍යාපෘතිය 2025 දී වගේ මුල්ගල තියලා 2030 විතර දියත්කරල 2040දි විතර ජනතාවට පවරල දෙන්න නේද හිතාගෙන ඉන්නේ. ඔන්න රජයේ නිළධාරීන්ගේ කාර්‍යක්ෂමතාව. ඉතිං මිනිස්සු සැකකරල එක ගල් ගහන එක අරුමයක්ද?
ජවිපයේ අය මේකට කොහෙන් හරි ගෑවිලා ඉන්නවා ශුවර්...
උතුරේ විද්‍යා ඝාතන සිදුවීම වෙලාවෙ ආරක්ෂක අංශ වලට විරුද්ධව මේ විදිහටම හැසිරුණා හැමෝම දැක්කා. හැබැයි ආපහු පෙරළා පහරදෙනවා කවුරුවත් දැක්කෙ නැහැ. ඒත් දකුණේ එහෙම වුනොත් නීතිය වෙනස් බව ඊයේ ඔප්පු කලා
FCID එකට තියෙනවා ඕන තරම් රාජපක්ෂලාගේ හොර ගනු දෙනු අල්ලන්න අවශ්‍යනම්! නමුත් ඩීල් නිසා ඔවුනට කරන්න දෙයක් නැහැ!
අපේ රටේ කැලණි ගගේ වතුර මොනතරම් අහකට ගලාගෙන යනවද? උමඟක් ගහලා වතුර රජරට ගෙනියන්න ව්‍යාපෘතිය හැදුවනම් විතරයි.......මේවා පිස්සු වැඩ...
රොෂාන්, ආණ්ඩුව කියන හැම කුණු ගොඩම ගෙඩිය පිටින් කටේ දා ගන්නේ නැතුව දුප්පත් ගොවි සංවිධාන ඇගේ අමාරුවට මේ උද්ගෝෂණය කරනවද කියල හොයලා බලන්න. මේ මිනිස්සු පැහැදිලිව කියනවා රාජාංගනය වැවේ විශාල ජල ධාරිතාවක් නැති නිසා වැවෙන් මේ වැඩේට වතුර ගත්තොත් කන්න වගා කරන්න වතුර නැති වෙයි කියලා. ඒ ගොල්ලෝ පැහැදිලිව කියනවා රාජාංගනය වැවෙන් වාර්ෂිකව විශාල වතුර ප්‍රමාණයක් "නීලබැම්ම" වැවට ප්‍රයෝජනයක් නොගෙන ගලා බහින නිසා මේ වැඩේට පහල තියන "නීලබැම්ම" ජලාශයෙන් වතුර ගන්න කියලා. නැතුව "අපි වගා කරනකම් උබලා තිබහේ හිටපල්ලා" කියලා නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා වගේම අලුත් "නීතිය සහ සාමය" සම්බන්ධ පුද්ගලයාටත් ජනතා හඬ නොතේරීමයි. කොච්චර ජනතාවට තැලුවත් ජනතාව පහුගිය 10 වෙනිදා තේරෙන භාෂාවෙන් ආණ්ඩුවට උත්තරයක් දුන්නේ ඔන්න ඔය නිසයි...
මේවා පිටුපස අවස්ථාවාදී දෙශපාලකයෝ පිරිසක්මයි සිටින්නේ.
මෙව්වා අකාර්යක්ෂම නිලධාරීන් නිසා සිදුවෙන දේවල්. මේ වගේ දෙයක් කරද්දී මිනිස්සුන්ව හරියට දැනුවත් කරලා, අදාල ප්‍රදේශයේ ගොවීන්ට කතා කරලා ඒ ගොල්ලන්ගේ අදහස්වලට ඇහුම්කන් දීල හරියට ප්ලැන් එකකට වැඩ කරන්න ඕනේ.
අපේ රටේ බහුතරයකට නිවැරදි මග පෙන්වනවාට වඩා, මහ පාරට එන එක, හරිම පහසුයි. අනික ඉතින් පිරිසිදු වතුරට වඩා, මඩ වතුර බිව්වාම, බුද්ධිය උනත් වර්ධනය වෙනවා කියලා මේ රටේ ප්‍රබුද්ධ දේශපාලකයෝ පවා, කියලා ඇතිනේ?
ඕක මහින්ද රජතුමා කලානම් එතුමා පරාක්‍රමභාහු රජතුමාටත් වඩා උඩින් පිළිගනීවි. බොන්න වතුරදෙන එක නවත්වන්න කියන ගොවිතැන් කරන්නේ මොකටද? බොන්න හොඳ නැත්නම් කන්නත් හොඳ නැනේ .
ටයි දාගෙන ආවට වැඩක් නැනේ . කලින් මේවා ගම්මුත් එක්ක සාකච්චා කරලා කරන්න එපාය.
නියඟය නිසා කන්න තුනක් කුඹුරු වැඩ කර ගන්න බැරුව මුළු අනුරාධපුර දිස්ත්‍රික්කය සහ යාබද දිස්ත්‍රික්කය කිහිපයක දහස් ගණනක් ගොවීන් සහ එම පවුල් වල ජනතාව ආර්ථික අහේනියෙන් පෙළෙනවා මේ දුෂ්ට දේශපාලුවන්ටත් ඔවුන්ගේ අම්බරු නිලධාරීන්ටත් පෙනෙන්න්නේ නැහැ. මෙවරත් මහවැලි කලාපවල ගොවීන්ට ජලය දී තිබෙන්නේ කුඹුරුවලින් බාගයක් වැඩකර ගන්නයි. එහෙම තියෙද්දී සුපිරි ජල වියාපෘති ගැන ජනතාව දැනුවත් නොකර හිටිගමන් ජනතාවගේ වතුර ටික උදුරා ගන්න ගියහම මෙහෙම උද්ගෝෂණ සිදුවෙනවාමයි. අනික පැවති රජයත් මේ රජයත් කරන තරමක් කලේ ජනතාව ගොනාට අන්දන වංචනික වැඩමයි. දේශපාලුවන් සහ ඔවුන්ට කඩේයන දුෂිත නිලධාරීන් ගැන ජනතාවට විශ්වාසයක් නැහැ. මෙහිදී පක්ෂ පාට බේද වලින් තොරවම ජනතාව උද්ගොෂණයට බැහැලා තියෙන්නේ එම නිසයි.
රටක ස්වභාවික සම්පත් අතුරින් වටිනාම සම්පත වන පානිය ජලය විදේශික රටකට තම හුදු පටු අරමුණ වන කොමිස් ලබාගැනීමේ චේතනාවෙන් තුට්ටු දෙකට විකුණා දැමීමට ඇති අයිතිය කුමක්ද ? රටක ස්වභාවික සම්පත් එම රටේ පුරවැසියාගේ පරම අයිතිය වේ .
මේකේ වරද රජයේ ප්‍රාදේශීය ලේකම්. මේ නිලධාරීන්ට දුර්වල කළමනාකරණයක් තියෙන්නේ. මේ ලේකම් මහජන සම්බන්ධතා නැති කෙනෙක් බව පේනවා.
රජයේ නිලදාරීන් ප්‍රජාව දැනුවත් නොකිරීම් මෙම ගැටුමට හේතුව , දිස්ත්‍රික් ලේකම් තුමා ද ඇතුළුව .
ඔන්න පොහොට්ටුවෝ සංවර්ධනේ කකුලෙන් අදින්න පටන් අරන් ..
2011 මේක සැලසුම් කරල තිබුණේ ගොවිතැනට වතුර නොගන්න වැවක් පාවිච්චි කරල කරන ජල ව්‍යාපෘතියක් විදියට. අපි හැමෝම දන්නවා රාජාංගනය පැත්තේ නියඟය කාලයට වතුර ටිකක් හොයාගන්න තියන අමාරුව. ඒ නිසා මේ මිනිසුන්ගේ එකම ආදායම් මාර්ගය වන ගොවිතැනට අවශ්‍ය ජලය ලබාගන්නා වැවක් වන රාජාංගනය වැවට අත නොතියා අතිරික්ත ජලය එකතුවන වෙන වැවකින් තමයි මේක කරන්න සැලසම් කරල තිබුණේ 2011. දැන් කාට උවමනාවට ඒ සැලසුම් වෙනස් කරල ද අපි දන්නේ නෑ. කොහාමත් මේ රජයෙන් ජනතාවගේ සෙත සඳහා කියල වෙන්නේ අපේ තියන දේවල් වෙන අයට විකුණල පාලකයො සැප විදින එක. අපි නම් දන්න විදියට දැන් තියන සැලසුම චීන කොම්පැනියකට මේ වැවේ වතුරවලින් බොතල් ජල ව්‍යාපෘතියක් කරන්න කියලයි ආරංචිය. ඉතින් මිනිස්සුන්ගේ අවිස්වාසෙ ගැන පුදුම වෙන්න දෙයක් නෑ. අනික 2011 නම් සැලසුම් කලේ මේ වෙනකම් මොන එකක් කලාද ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකර.
අසාර්ථක වෙනකොට පසුගිය රජය පටන් ගත් එකක්. සාර්ථක උනොත් අපේම එකක් .
කොහොම වුණත් අහිංසක මිනිසුන්ට පොලිසියෙන් ගහන්න හොඳ නැහැ.