රංජන් කස්තුරි
අද (18) මධ්‍යම රාත්‍රීයේදී පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව හෙට (19) පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වනු ඇති බවද වාර්තා වේ.
පවතින දේශපාලන ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා එලෙස සැසිවාරය කල්දැමුව හොත් ජනාධිපතිවරයා නියම කරන දිනක (උපරිම මාස දෙකක් ඇතුළත ) දෙවැනි සැසිවාරය ආරම්භ කිරීමට හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම උනොත් බැදුම්කරය සහ අල්ලස් දුෂණ කෙරුවාවල් ඔක්කොම යට යයිද?
එහෙම උනොත් බැදුම්කරය සහ අල්ලස් දුෂණ කෙරුවාවල් ඔක්කොම යට යයිද?
අවසනයෙ මෙ දේ වෙන බව අපිට නම් හිතුන.
අගමැති සහ කතානායක ජනාධිපතිවරයා හමුවීමෙන් පසු පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීම අත් හිටුවා තිබේ. අමාත්‍ය සංශෝධන ගැනද සාකච්ඡා කෙරුණි. පසුව එජාප කණ්ඩායම සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට අගමැතිවරයා සහ කතානායක වරයා සහභාගීවුහ. අගමැතිවරයාට බහුතර බලය පිලිබඳ අවිශ්වාසයක් නොමැති අතර ජනාධිපතිවරයාද රනිල් වික්‍රමසිංහගේ අගමැතිධූරය පිලිගෙන තිබෙන බව අවසන් සාකච්ඡාවෙන් සහතික විය. පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයාට විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට නීතිමය ඉඩ කඩක් නැත. විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ යුත්තේ අගමැතිවරයාට එරෙහිව නොව ආණ්ඩුවට එරෙහිව ය. ඒ අනුව ආණ්ඩුවේම සිටින අයට ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනා ගෙන ආ හැකිද යන්න ගැටළුවකි.
එතකොට බැඳුම්කර විවාදය??
මහා තැන මිනීමරුවන්ගේ හා රට කොල්ලකාපු හොරුන්ගේ ගැටයට අහුවෙලා වගෙය්.
සිරිසේන මහත්තයා නම් නියම පොරක්.. අගමැතිටත් කතානායකටයි පාර්ලිමේන්තුව කල් නොදාන බවට පොරොන්දු වෙලා රෑ වෙනකොට පොරොන්දුව කඩනවා.. මෙහෙම නායකයෙක් එක්ක රටක් කොහේ යන්නද? වල පල්ලට යනවා මිසක්..
රටේ ප්‍රශ්න විසදගන්න මාස දෙකක් බලාගෙන ඉන්න වෙනවා මේ කාලකන්නින්ගේ ප්‍රශ්න විසඳගෙන ඉන්න තුරු. මෙහෙමත් දේශපාලනයක් ....
ආන්ඩුවට බහුතරය පෙන්විය නොහැකිනම් පාර්ලිමේන්තුව විසුරුවාහැර මහා මැතිවරණයක් පැවැත්විය යුතුය.
රටේ දැවෙන ප්‍රශ්ණ වලට කල්මරමින් ඉන්න එක මේ නායකයන් දෙදෙනාගේම පොදු ලක්ෂණයක් වෙලා.මේ මැතිවරණ පරාජයටත් හේතුව ඒකයී,රටේ එදිනෙදා දැවෙන ප්‍රශ්ණ වලට විසදුම් නොදී උද්ඝෝෂණ,වැඩවර්ජණ සහා මාරාන්තික උපවාසවලට යනකම් මේ දෙන්නා ඔහේ බලාගෙන හිටියා.එහෙම වෙනකොට රටේ ආණ්ඩුවක් නැතිබවක් හැගෙනවා.රටේ පාලකයෝ බුද්ධිමත්නම්,විචක්ෂණශීලී නම් ප්‍රශ්ණයක් ඇතිවෙන්න කලින් එවැනී තැන් සොයාබලා විසදුම් දීමට හැකිවිය යුතුයී.
මේ ප්‍රවෘත්තිය පට්ටපල් බොරු වෙලා ඉවරයි නේද දැන්? ඇයි ඉතින් මේක ඉවත් කරන්නේ නැත්තේ හෝ සමාව ඉල්ලන්නේ නැත්තේ..? ඔයගොල්ලන්ගේ බොරු බලන්නද අපි ඉන්නේ..?
ඉස්සර රට අස්ථාවර කිරීමට තැත්කලේ ත්‍රස්තවාදීන් නමුත් දැන් රට අස්ථාවර කිරීමට තැත් කරන්නේ ජනතාව විසින් ජනතා සුභසිද්ධිය සඳහා තෝරාපත්කරගත් ජනාධිපතිතුමා ඇතුළු මහජන නියෝජිතයින්ද කියා ප්‍රශ්නයක්...
සමහරු කියනවා. ජනාධිපතිතුමාට හිටපු ගමන් අගමැති එපාවුණේ ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පැරදුණු නිසාය. 2020 ජනාධිපතිවරණය රනිල්ගේ උදව්වෙන් දිනන්න බැහැ. එනිසා දැන්මම පොහොට්ටුවට එකතුවෙලා පොහොට්ටුවේ ඡන්දවලින් 2020 ජනාධිපතිවරණය දිනාගන්න.19වෙනි සංශෝධනය අනුව මහින්ද මහතාටත් නැවත වාරයක් ජනාධිපති තනතුරට ඉල්ලන්න බැරිනිසා නිකම්ම චාන්ස් එක ලැබේයි කියා සිතනවාලු..