අජන්ත කුමාර අගලකඩ
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථීක කලමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) පැවැති කැබ්නට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ගත වු කාල සීමාව තුළ දී එම ආර්ථික කමිටුවෙන් කිසිවක් ක්‍රියාත්මක වී නැති බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ යැයි එම ආරංචි මාර්ග කියයි.
වොග්ස් වැගන් වාහන නිෂ්පාදන ව්‍යාපෘතිය,හොරණ ටයර් නිෂ්පාදන කම්හල ආදිය පසුගිය කාලයේ කීවද ඒවා රට නොමග යවන සුළු ප්‍රකාශ පමණක් වී යැයි ද ජනාධිපතිවරයා කී බව වාර්තා වේ.
ජර්මනිය,කටාර් රාජ්‍ය ඉන්දියාව ආදි රට වලින් ආයෝජකයින් ඉදිරිපත් වුවද එම ආයෝජන ඇද ගැනීමට ආර්ථික කලමනාකරණ කමිටුව සමත් නොවු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටයර් කම්හලක් පටන් ගත්තනේද ඊයේ පෙරේදා හැබැයි එඔකොම අපෙන් හොරකම් කරපු ධනය වෙනත් නමකින් අවට
මොන කමිටු දැම්මත් රාජ්‍ය සේවයේ සිටින නිලධාරින් අලුතින් යමක් හිතන හෝ තිබෙන දෙයක් වෙනස් නොකරගත හැකි සේවකයන් තමා සිටින්නේ.උදාහරණයක් විදියට දුම්රිය දෙපාර්තමේන්තුවේ සුදුජාතිකයන්ගේ පාලනකාලයේ සිට පවතින ප්‍රවේශ පත්‍රය තවමත් තියාගෙන ඉන්නවා. අසල්වැසි ඉන්දියාවේ දුම්රිය (විදුලි කෝච්චිය) ප්‍රවේශ පත්‍රය පරිගණක ආශ්‍රයෙන් නිකුත් කරන අතර අවශ්‍යනම් ස්වයංක්‍රිය ස්වයන්සේවා වශයෙන්ද ලබාගත හැක.අපි තවම ලෝකයේ හොඳම රබර් ,මිනිරන් තියාගෙන පැන්සල් ඉන්දියාවෙන්ද,මකනය චිනෙන්ද ගෙන්වනවා.ඉතාලි ටොපි,බැංකොක් ඇඳුම්වලට අපි ආසාවෙන් ගෙන්වනවා.
අගමැතිගේ කමිටු තොගයෙන් එකක් තමයි ඕක. හැමදේටම කමිටු කමිටු. යූ. එන්. පී. එක ඇතුලෙත් ඔය වගේම කමිටු හැටක් හැත්තෑවක් විතර තියෙනවා..
ඔය වගේ ඇත්ත කියනවනම් කොච්චර හොඳද...!
මේ වගේ ගොන් රාජක කෙනෙක් ඉන්න රටකට ආයෝජන ඊවිද ? රජයක් වුනාම මිනිස්සු බය වෙන්න ඕන ආණ්ඩුවකට ? මේ හැම එකාම කියන කියන විධිහට නටන්න ගන්න ආණ්ඩුවක් නේ
මොලේ පැදෙනකොට පෙරහැර හිගින්.
ලක්ෂ 10 යකට රැකියා දෙන්න පොරොන්දු උනා . කෝ රැකියා? කෝ බ්‍රසේලේට් ? කෝ ටැබ් ?
ගොවීන්ට පොහොර ටික ගන්න වෙලාවට මුදල් ලබා නොදුන්න ඇමති, සමෘධි වැඩි කරන්න ඉඩ නොදුන්න ඇමති, සහල් මිල අඩු කිරීම සඳහා සහල් ආනයනය කරන්න යුඑන්පී ඇමතිවරයා යෝජනා කරද්දී එම කැබිනට් පත්‍රිකාවට විරුද්ධ වෙලා සහල් මෝල් කරුවන් පොහොසත් කරන්න මග හදපු ඇමතිවරු ගැන මොනවත් කියන්නේ නැහැ.
ජනාධිපතිතුමා බලයට පත් උනේ පොදු අපේක්ෂකයෙකු වශයෙන් නිර්පාක්ෂිකව සිටිමින් , සියලුම දුෂිතයන්ට දඬුවම් ලබාදී, විධායක ජනපතිකම අහෝසි කර, නැවත කිසි දිනෙක ජනපති පදවියට ඉදිරිපත් නොවෙනවා යන කරුණු පදනම් කරගෙන බව අද බොහෝ දෙනෙකුට අමතකයි . දැන් එතුමා ශ්‍රීලනිප සභාපති. තමන්ව බලයට පත්කළ එජාපය තම විරුද්ධවාදීන් වෙලා . ඊළඟට දඬුවම් ලැබූ දුශිතයෝ කෝ ? ඔවුන්ට දඬුවම් දෙනවා කියා බලාපොරොත්තු වෙන්නේ කොහොමද ?
වැඩක් වෙන්නේ නැත්නම් වැඩක් වෙන විදියට අධීක්ෂණය කරන්න නේ ඕන.
අගමැතිට ඕනේ උනේ සංචාරක කර්මාන්තය සහ කර්මාන්ත කලාප ඇති කරන්න. එයට කලින් මේ රටේ අනාදිමත් කාලයක සිට පවතින කෘෂිකර්මාන්තය ගැන බැලුවේ නැහැ. වෙලාවට පොහොර ටික දුන්නේ නැහැ. බිස්නස් කාරයින්ට සහන දුන්න ගම්මිරිස්, කරුංක පිටරටින් ගෙන්වල ප්‍රති අපනයනය කළා. දේශීය ගොවියාට අසරණ උනා. බිස්නස් කාරයා රජ උනා. මේ වැඩ වලින් වාසි ලැබුනේ දෙශපාලුවන්ටමයි.
ලස්සන කතා හැමදාම අහනවා. ඒත් රට එතනම නේ....
දැන් කළමනාකරණය කරන්න තරම් ආර්ථිකයක් නැති එකේ කමිටු මොකටද?
අගමැතිතුමාගේ ඔක්කොම පොරොන්දු ඔය වගේ තමා , කරන්න පුළුවන් ද බැරිද කියලවත් හොයන්නේ නැතිව යන යන තැන ගිහින් සුරඟන පොරොන්දු දෙනවා. පහුගිය මැතිවරණය කාලේ හැමෝටම නොමිලේ වයිෆයි දෙනවා කියුවා. දැන් එයාටවත් එ්ක මතක නැතිව ඇති...
මේක කළින්ම ගත්තු බොහොම හොඳ තීරණයක්...
මේකත් අර ඇස්බැස්ටෝස් අහෝසිකළා වගේ වේවිද?
අගමැතිගේ සියලුම සැලැස්ම අතේ පුපුරනවා. නමුත් කපටිකමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව පමණක් රැකගෙන ඉන්නවා.
මේ සංදර්ශනවලට ජනතාව රැවටෙනු එපා. ජනතාව නොමග අරිනවා.
පක්ෂ නායකකම එක දිගට තියාගෙන ඉන්න එක හැර අගමැතිතුමාට වෙන කරන්න පුළුවන් දෙයක් නැහැ.
මේකට හේතුව අදක්ෂ නායකත්වයයි.
එදාවේල දේශපාලනය කරන ග්‍රාමසේවක කෙනෙකුට ආර්ථික කමිටු කන්නද බොලන්ලා...
ටයර් කම්හලක් පටන්ගන්න හොරණින් දුන් ඉඩම ජනාධිපතිතුමාගේ නියෝගයක් මත තහනම් කළා කියා පුවත්පත් මගින් දුටුවා.