(අමල් වික්‍රමරත්න)
බැඳුම්කර වංචා විමර්ශන සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට දිවයිනට පැමිණ නැතැයි වාර්තා වේ.
ඉකුත් පෙබරවාරි (2) දෙවැනි දා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝගයක් ලබාදෙමින් පැවසුවේ දැනට සිංගප්පුරුවේ සිටින හිටපු මහ බැංකු අධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙබරවාරි 15 දිනට ප්‍රථම ප්‍රකාශයක් ලබා දිය යුතු බවයි.
ඒ සදහා ජාත්‍යන්තර පොලීසිය මගින් නොතීසි යැවීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කරන ලදී.ඊට අමතරව අර්ජුන් මහේන්ද්‍රන් මහතා දිවයිනට පැමිණියහොත් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වන ලෙසට ආගමන හා විගමන පාලකවරයා වෙත දැන්වීමට නියෝග කෙරිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.