(අමල් වික්‍රමරත්න)
බැඳුම්කර වංචා විමර්ශන සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට දිවයිනට පැමිණ නැතැයි වාර්තා වේ.
ඉකුත් පෙබරවාරි (2) දෙවැනි දා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝගයක් ලබාදෙමින් පැවසුවේ දැනට සිංගප්පුරුවේ සිටින හිටපු මහ බැංකු අධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙබරවාරි 15 දිනට ප්‍රථම ප්‍රකාශයක් ලබා දිය යුතු බවයි.
ඒ සදහා ජාත්‍යන්තර පොලීසිය මගින් නොතීසි යැවීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කරන ලදී.ඊට අමතරව අර්ජුන් මහේන්ද්‍රන් මහතා දිවයිනට පැමිණියහොත් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වන ලෙසට ආගමන හා විගමන පාලකවරයා වෙත දැන්වීමට නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම විවහා මගුල් උත්සවය ඉවර නැතිව ඇති, ඒක ඉවර උනාම පොරොන්දු උන විදියට අගමැතිතුමා එයාව ගෙන්වලා දෙයි.
අහිංසකයෙකුට කරන හිරිහැරයක්. ඇත්ත හොරු නිදැල්ලේ
අගමැතිතුමා විස්වාසවන්තව ප්‍රකාශ කළා මෙයා ගැන. දැන් එය මොනවාද කියන්න තියන්නේ. ඉල්ලා අස් වෙනවද අස් කරනකම් ඉන්නවද. .
අගමැතිතුමා සම්පුර්ණ වගකීම බාරගන්නවා කියල පාර්ලිමේන්තුව ඇතුලේ බෙරිහන්දෙනවා මම අහගෙන. මෙහෙම කියන්නේ ජනාධිපති කොමිසම දාන්න කලින්ද කොහෙද මට මතක තියෙන විදියට. දැන් හොදම වෙලාව ඒ වගකීම් ගන්න හැටි මහජනතාවට පෙන්වන්න.
සත්‍යපාල, ඔබ කියන දේ හරි. මට හිතෙන්නේ මිනිහ මනමාල ජෝඩුවත් එක්ක හනිමුන් ගිහින් වෙන්න ඇති. පස්සේ ඒවි. බලාගෙන ඉන්න.
එයාලා එනකල් අරයව ඇතුළට ගන්න කියන්නකෝ පුලුවන්නම්......එකට හවුලේ වැඩේ දීපු කට්ටියනේ අප්පා...............
බුදු සර් එන්න නං එපා අවොත් අපි සේරම කපෝති!!!
අවුරුදු තුනක දීගය තව පැය කිහිපයකින් අවසන්වුවොත් බානම කොටුකරගන්න පුලුවන්වෙයි
ඕක ඉතින් අහන්න දෙයක්ද? පර දේශක්කාරයින්ට රට පාලනය කරන්න දුන්නාම අපේ රටේ නීතියට ගරු කරයිද?
ඇප වුණු කෙනාව ඇතුළට දැම්මොත් නේද යහපාලනය අර්ථාන්විත වෙන්නේ? සදාකාලිකව බලය තියාගන්න පුළුවන් කියලා හිතන් හිටපු අයට හොඳ පාඩමක්... පක්ෂයක් වගේ නෙමෙයි, රටක නායකත්වය බලෙන් තියාගන්න බෑ කියලා ලොකු ලොකුවට හිතන් ඉන්න ඈයින්ට දැන්වත් තේරුම් ගියොත් ලොකු දෙයක්. ගමේ පොලිසියේ මනුස්සයාගේ වරදට පොලිසියට කටඋත්තර දෙන්න ආවේ නෑ කියලා බිරිඳ කුදලන් ගිහින් රිමාන්ඩ් කරලා බන්ධනාගාරත් කළ පොලිසියක් තියෙන රටේ අපිට කියන්න තියෙන්නේ "අහෝ දෙවියනි ඔබ මැව් රටේ දුප්පතුන්ට හා පෝසතුන්ට ඇති නීතිය අනර්ඝයි!" කියලා තමයි.
නිකන්ද මුන්දෑට "සුත්තර පුංච" කියන්නේ...? " යාළුවාව ගෙනාවේ නිකමට නොවේනේ. රටට හෙන හතම වැදුණත් කමක් නැහැ, මම "බලය නමැති" පුටුවේ සැමදාම ඉඳලා නේ...
අශ්වයා යන්න ඉස්තාලේ ඇරලා දීලා දැන් කියනවා අශ්වයා පැනල ගිහින්ලු. අපහු එන්න කිව්වට එන්නේ නැතිලු. නිකන් සුරඟන කතාවක වගේ දැන් ඔය සල්ලිත් නැතුව ඇති.
අශ්වයා ගිහින්ලු කවුද ඉස්තාලය ඇරලා දුන්නේ එතකොට.
රනිල් ලොක්කා කිව්වනේ, මහේන්ද්‍රන් ගැන මම වග කියනවා කියලා.. කෝ දැන් වග කියන්නේ කව්ද? මිනිසුනේ ඉක්මණින්ම මෙයා ඇතුළටම දාන්න.
අධිකරණ වල ඇති ණය පැහැර හැරීම්, ණයකරු අතුරුදන් වීම හා අධිකරණය මග හැරීම යටතේ ඇපකරුවන්ට එරෙහිව ඇති සියලු නඩුවලින් අගමැතිතුමාගේ හැසිරීම ආදර්ශයට ගෙන සියලු ඇපකරුවන් නිදොස් කර නිදහස් කරන මෙන් ඉල්ලා සිටිමු. ඇපයට අත්සන් කලේ ණයකරු ගැන පූර්ණ විශ්වාසයෙන් හා යහපත් චේතනාවෙන් බවත්, ඔවුන් කිසිවිටෙක විශ්වාසය කඩකරයි කියා නොසිතූ බවත්, ඇප වූ පසු ඔවුන් ගැන විශ්වාසය තබා ණය ආපසු ගෙවීම නිසියාකාරව කරන්නේදැයි සොයා නොබැලු බවත් අධිකරණයට පවසා කිසිදු දඬුවමකින් තොර සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට සියලු දුප්පත් හා මධ්‍යම පාන්තිකයින්ටත් වාසනාව ලැබේවා !
අර්ජුන මහේන්ද්‍රන් ගෙන්න ගන්නද? කරන්න තියෙන්නේ එක දෙයයි. අපි අගමැතිතුමාට කියමු එයා මහ බැංකු අධිපති ධුරයට නැවත පත් කරන්න කියලා. ක්ෂණයෙන් ඒවි...!!
අනේ.. බය වෙන්න දෙයක් නෑ. හොර බොරු නැති, අපේ ගම්වල හැදුනු වැදගත් මිනිස්සු. ඔය ඉතින් රට රාජ්ජේ බලාගෙන එයි. ඒ වැදගත් මහත්තයා එනකන්... මේ අපේ ඈයින්ට ඉවසන්න බෑනේ. පව් අර අවංක මනුස්සයා... අනික ඉතින් අගමැතිතුමා කිව්වනේ.. ඒ සියලු වගකීම් ගන්නවා කියලා..
මුළු රජයම විනාශයටම ඇදලා දැම්මා. මේ අයට රජකාලේ දඬුවම් තමයි දිය යුත්තේ...
අගමැති රනිල් උත්තරීතර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළානේද... මහේන්ද්‍රන් නැවත ලංකාවට පැමිණීම වගකීම එයා බාරගන්නවයි කියලා.
සිංගප්පූර්වල ඇති... මුළු ලංකාවේම සල්ලි ටික බෑණාට දුන්නු මනුස්සයා මාරු වුණා. මේකට වගකියන්න ඕනේ අගමැති තුමා... අඩුම තරමේ ජාතියෙන් සමාව අරගෙන අගමැතිකමෙන් ඉල්ලා අස්වෙන්න තිබුණේ... ඒකවත් කළේ නැති අගමැති.. බයනැති අගමැති...
සාමාන්‍ය ක්‍රමය නම් මෙවන් විදේශිකයෝ නඩුව ඉවරවන තෙක් රිමාන්ඩ් භාරයේ (රජය භාරයේ) තබා ගන්නවා. මේකත් අශ්වයා ගියාම ඉස්තාලේ වහනවා වගේ වැඩක්.
මතක නැති වෙන්න ඇති...