ආරියරත්න රණබාහු
බැඳුම්කර හා වංචා විමර්ශන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය බදාදාට (21) කතානායක කරු ජයසුරිය මහතා කල් තැබිණි.
බරපතල වංචා විමර්ශණ සම්බන්ධ වාර්තාව සිංහල භාෂාවෙන් පමණක් පැවතිමට එම්.ඒ.සුමන්තිරන් මහතා විරෝධය පළ කිරිම මෙයට හේතුව වේ.
ඒ අනුව අද පාර්ලිමේන්තුව විනාඩි 40 ක කාලයකින් අවසන් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිද පාර්ලිමේන්තුව රැස් නොකර ඉන්න...........
එහෙනම් මොන භාෂාවෙන්ද තියන්න ඕන ? ඔක්කොම භාෂා වලින් ද?
පුදුමාකාර නොසැලකිලිමත් රැලක් අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ඉතින් අපේ රටට කවදා හරියයිද ?
අපරාදේ අපේ සල්ලි...
අද පාර්ලිමේන්තුවේ ඉන්නා එක් කණ්ඩායමක උත්සාහය වන්නේ හොඳින් හෝ නරකින් හෝ මහින්ද රාජපක්ෂ නැවත බලයට පත්කිරීම බව හොඳින්ම පෙනීයයි. ඒකාබද්ධය පාර්ලිමේන්තුවේ ඉල්ලාසිටි විවාදයද එවැනි අසාර්ථක උප්පරවැට්ටියකි. නමුත් අවසානයේ ඔවුන්ට කථිකයන් නොමැතිව ඉල්ලු විවාදය කල්තියා අවසන් කිරීමට සිදුවිය.
ඔය බැඳුම්කරයට අන්තිමට කොහේවත් නැති අපි වැරදි කාරයෝ වෙයිද දන්නේ නැහැ . ඇයි පුදුම දේවල් නේද දැන් සිද්ධ වෙන්නේ ?
දැන් ඔය හමුවෙන්න මහජන මුදල් කෝටි කියක් වියදම් උනාද ? එතකොට මිලකල නොහැකි මිනිස් ශ්‍රමය කොච්චර නාස්ති උනාද ? එතකොට රෑන පාරේ ඉගිල්ලෙනකොට සාමාන්‍ය ජනතාවගේ ගමන් බිමන් පමාවිමට මේ අය ගත්ත පියවර මොනවාද ?
අද අපි එනකොට පාරවල් වල දිගට වාහන පෝලිම්, මම හිතුවා අද පාර්ලිමන්ට් ඇති කියල ඒගොල්ලන්ට යන්ඩ ඉඩදීලා අපිව නවත්තගෙන ඉන්නවනේ බොරැල්ලේදී. ඒගොල්ලෝ ගිහිල්ල විනාඩි හතලිහෙන් ඉවරකරලා මුකුත් නොකර ආයෙත් යනවා. මේක මහා අපරාධයක් යහපාලන ආණ්ඩුව එනකොට කිව්වේ මේවා නැති කරනවා කියලනේ.
අපේ පාර්ලිමේන්තුවෙන් සිදු වන්නේ මහජන මුදල් කාබාසිනියා කිරීමක් පමණි. රටේ කිසිම ප්‍රශ්නයකට විසදුමක් නැහැ.
කල් ගත්තා බොහොම වැඩියි. ඕක ඉවර කරන්න තිබුණේ තප්පර හතළිහෙන් .