උපාලි ආනන්ද
පුද්ගලික ආයතනයක් විසින් රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන සිදුකරිමට යෝජිත පානිය ජල ව්‍යාපෘතියට විරෝධය දක්වමින් ගොවින් විශාල පිරිසක් අද (28) තඹුත්තේගම නගරයේදි පොලිසියේ අණ නොතකා සිදුකළ දැවැන්ත විරෝධතා පෙළපාලියකට කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කොට ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.
මෙම විරෝධතාවය අතරතුර තඹුත්තේගම පොලිසියේ දේපල වලට පහරදීම අලාභ සිදු කිරීම ඇතුලූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පුද්ගලයින් 59 දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී තිලිණ හේවා පතිරණ මහතා ලංකාදීපයට පැවසීය.
නීති විරෝධී ලෙස මහජන සාමය කඩවන අයුරින් පාදෙණිය අනුරාධපුර ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධ පමුනුවමින් කලහාකාරී ලෙස හැසිරී තඹුත්තේගම පොලිසියේ දේපල වලට හානි කළ බවට මෙම පුද්ගලයින්ට චෝදනා එල්ල වී තිබෙන බව සඳහන් කළේය.
සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව හෙට (1) තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද හෙතෙම ඒ මහතා කීවේය.
ඡායාරූප - දයාරත්න ඇඹෝගම



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර ටිකත් විකුණන්නද යන්නේ? ලැජ්ජයි හලෝ ලැජ්ජයි.. ඔයිට වඩා හොඳයි අම්මා, අප්පා විකුණන් කෑවා නම්...
වැවේ ජලය විකුණන් කන්න යන ව්‍යාපාරිකයා කවුද? මොනවා කරන කෙනෙක්ද?
යහපාලනයේදීත් මෙහෙම දේවල් වෙනවා එහෙනම්...
මේ රටේ ජාතික සම්පත් තියෙන්නේ බලයට පත්වන දේශපාලකයන්ට විකුණාගෙන කන්න හරී විදේශිකයන්ට කුළියට හෝ බද්දට දෙන්න නොවේ.රටේ ජීවත්වන ජනයාගේ සුබසිද්ධිය හා ප්‍රෙයා්ජන සදහා බව මේ කාළකණ්නි දේශපාලන නරුමයන්ට නොතේරීම ජාතියේ අවාසනාවක් වන අතර තමන්ට අයිති හා තමන් මෙතෙක් කලක් බුක්ති වින්ද වැවේ වතුර අද මංකොල්ල කන්න ආ හොරුන් ඵරෙහිව ඒ ජනතාව පාරට බැස්සම ඒ මිනිස්සුන්ට අත්අඩංගුවට ගන්න අත් අඩංගුවට ගත් මිනිසුන්ට තිරිසන් ආකාරයට පහාර දෙන්න මහජන මුදලින් යැපෙනවා කියන පොලිස් සුනකයන් ඇති අයිතිය කුමක්ද ? රටේ තියන දුෂිත ආයාතනය වන මේ පොලිසිය අල්ලස් ගැනිම කප්පම් ගැනීම හෙරොයින් වෙලදාම කසිප්පු වෙලදාම ගණිකා මඩම් යනාදිය පවත්වා ගැනීම සදහා වක්රව මෙන්න කෙලින්ම දායකවී සිටින බහුතරයක් සිටින ආයාතයක් වන අතර ඔවුන් රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරිම හෝ සාධාරන මහජන අභිලාශයන්ට ගරු නොකරන අමනයන් බව නැවත වරක් සනාත කර ඇත.
ආණ්ඩුවේ ඉන්න ලොක්කන්ට තේරෙන්නේ නෑ ජනතාවගේ ප්‍රශ්න.... මිනිස්සු වතුර නැතුව දුක් විදිනවා........ තියෙන වතුර ටික විකුණනවා.....