(ඩයනා උදයංගනී)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය ඇමතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ තාවකාලිකව බවත් ඉදිරියේදී වෙනත් අයකු වෙත එම ඇමති තනතුර පිරිනැමෙන බවත් ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක මහතා කියයි.
ශ්‍රීලනිප කාර්යාලයේදී අද දහවල් පැවැති මාධ්‍ය හමුවකදී දිසානායක මහතා මේ බව කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා කොහේ ඉඳලද එළියට ඇවිත් තියෙන්නේ?
මේ රජය කරන මෝඩ ක්‍රියාවලින් පැහැදිලිව පෙනෙන්නේ ලංකාව මහා විශාල ආර්ථික ප්‍රපාතයකට මුහුණ දෙන වගයි.
තාවකාලිකව නම්, එහෙම දෙයක් කියන්න ඕනේ.. එක්කෝ ජනාධිපති, එහෙම නැත්නම් අගමැති.
ටික කාලෙකට කිව්වේ ඉතුරුවෙලා තියෙන අවුරුදු දෙක පිරිමහගන්නද? අර වංචා, දූෂණ කරලා ඉන්න ටික බේරගන්න. ඊට පස්සේ මහමැතිවරණයෙන් ආණ්ඩු මාරු වුණාට පස්සේ සියලු හොරු, දූෂිතයෝ, මිනීමරුවෝ නිදොස් කොට, නිදහස් කර, ඉතුරු වෙලා තියෙන සියලු සාක්කි සහ තොරතුරු සම්පූර්ණයෙන් විනාශ කරලා දාන්නද?. නරකම නැහැ ටිකිරි මොලේ.
ඇයි ඔබතුමා නීතිය හා සාමය අමාත්‍යංශය අලුත් බිල්ඩිමකට එහෙම ගෙනියන්න හිතේ තියනවද?
අනේ පුඵවන්නම් ජනාධිපතිතුමාත් ටික දවසකට ග්‍රාමසේවක කරන්නකෝ..
මේක හරියට සෙල්ලම් කැබිනට් එක වගේ. හරියට පුංචි කාලේ හොරා පොලිස් සෙල්ලම වගේ. අපි දන්නවා මේ රජයත් තාවකාලික බව...
මේ කරන ගොන්කම් ඉවර වන්නේ රටම ඉවර වුණාමද?
එතකොට නීතිය සහ සාමය ක්‍රියාත්මක කරවන ස්ථාන ගොඩක් තියේවිද? රටට දෙයියන්ගේම පිහිටයි.
මම හිතන්නේ එයාලා ඉල්ලනවා ඇති.... හොරු ටික බේරන්න.
ජනාධිපතිතුමා ඡන්දෙට කලින් කිව්ව කඩු කතාවෙන් ගම්‍ය වුණේ ඔහු ඡන්දෙන් පසුව තම බලතල උපරිමයෙන් ක්‍රියාත්මකව හොරු අල්ලන බවයි. එතුමාට අවශ්‍යතාවයක් තිබෙනවා නම් මෙම අමාත්‍යාංශය එතුමා යටතේ තබාගෙන නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණා. නැත්නම් ෆොන්සේකා හෝ පාඨලි වැනි කෙනෙකුට මේක දෙන්න තිබුණා. මෙම තත්වය තුලින් පෙනෙන්නේ 2015 ජනාධිපතිවරණයට කලින් ඔබතුමන්ලා දුන් පොරොන්දු මෙන් මෙවර ජනතාවට දුන් පොරොන්දුත් කිසිවක් ඉටු නොවන බවයි... එමනිසා අපට ඔබතුමන්ලා පිළිබඳ බලාපොරොත්තු සියල්ල අවසන් කර 2020 දී වෙන කණ්ඩායමක් වෙත බලය ලබාදීමට සිදුවන බව කණගාටුවෙන් වුවත් ප්‍රකාශ කළ යුතුයි.
වසන්ත සේනානායක කිව්ව එක අැත්ත. කැබිනට් සංශෝධනය කොමඩියක්. 2015 කෙටි ජනාධිපතිවරණ කාලයෙදි සිරිසේනගේ බෝල කතාවලට ජනතාව රැවටුණා. වසර තුනයි ගියේ, අද වෙනකොට සිරිසේනට වැඩ බැරි බව ඔප්පු වෙලා ඉවරයි. තක්කඩි කතා ක්‍රම සහ විධි ජනතාව අනුමත නොකරන බව පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් තහවුරු වුණා. බලයෙන් මත් වෙච්ච දුමී වගේ සිරිසේනගේ ගෝල බාලයින්ට ඒක තේරෙන්නෙ නැහැ. ඒ අය ගැන කියන්න තියෙන්නේ “සැපයක් යයි කකුළුවා දිය කෙළියේ” යන්නයි.
මේ ගොල්ලන් රට කෝලම් මඩුවක් කරගෙන. රටේ ජනතාව සූදුවක් කරගෙන. රට ප්‍රපාතයට ඇද දමනවා.
අපේ අගමැතිතුමා බලයට කෑදර කෙනෙක් නෙවෙයි. අපි දන්නවා එතුමා අගමැතිකම වගේම ඔය ඇමතිකමත් ඕනෑම වෙලාවක අත අරින්න සූදානම් කියලා.
මේ රටට දැන් තියෙන ප්‍රශ්නය රටට නායකයෙක් නැති කමයි. එමනිසා ඉක්මණින් ජනාධිපතිවරණයක් පවත්වා රටට නායකයෙක් පත් කරගැනීම ඉක්මණින්ම කල යුතුයි. ඉන්පසු අනෙක් ප්‍රශ්න විසඳාගත හැකියි.
හැට පැන්න විශ්‍රාම වයස පසුකල මුත්තලා පාලනය කරන රටක් වෙලා තියෙන්නේ මේක...
ඔහොම ගියොත් තවත් රට අගාධයට යනවා. මේ විහිළුකාර වැඩවලින් වෙන්නේ රටේ ජනතාව රවට්ටන එකයි. ඇයි ඉතින් හොරු තවත් හොරෙකුට ඇමැතිකම් මාරු කරකර ඉඳියි. රටේ ජනතාවට වන සෙතක් නැහැ. හැබැයි මහත්තයෝ මිනිස්සු රැවැට්ටුව කාලෙ නම් ගියා.
දුමින්ද, ඔබලා කියන හැම දෙයක්ම ජනතාව බාර ගනියිද? හැබැයි ජනතාව හරක් නෙමේ කියන එක ඔබලාට පෙන්නුවා. ජනාධිපති කියන තනතුර හෑල්ලු කරපු එකම පුද්ගලයා මේ පුද්ගලයා නේද? මීළඟ ඡන්දයකදී පොළියත් එක්ක දෙන්න අපි සුදානම්...
මේ වගේ කෙනෙක්ද මහලේකම් කරලා ඉන්නේ? සිරිසේන, මේ කෙනා බිල්ඩිමකට ගෙවපු ගණන දන්නේ නැද්ද? ගොවියා බඩේ ගින්දරේ. මේක මහදවල් මංකොල්ල කනවා දැක්කේ නැද්ද? එ්කත් පත්තරෙන් එනකන් හිටියද? ජනතාවනි, ඔබලා ඡන්දය දුන්නේ මෙහෙම මන්ද බුද්ධිකයින්ටද?
මෙයා දැන්ද නැගිට්ටේ?
නිවට දේශපාලකයන් බලය සහ මුදලට ඕනෑම තුප්පහි වැඩක් වුවද කරනවා. මුදල් වංචාව, අව භාවිතය, බොරුව, හොරකම කියන සෑම අංශයකින්ම උඩින්ම ඉන්නවා. මේ රටේ විතරක් නොවෙයි මොහු ඕස්ට්‍රේලියාවේ ඉන්න දවස්වල මොහුගේ පියාගේ බල පුළුවන්කාරකම පෙන්නලා ලංකාවෙන් ඉගෙන ගන්න ගිය ශිෂ්‍යයින්ට තර්ජනය කරලා මුදල් ගරාගත් බව රහසක් නොවෙන බව ඕස්ට්‍රේලියාවේ සිටින අපේ මිතුරන්ගෙන් දැනගන්න ලැබී තියෙනවා. එ් නිසා ජනතාව මේ ප්‍රෝඩා කාරයින්ගෙන් ප්‍රවේශම් වී මොවුන් පලවා හැරිය යුතුයි.
පාර්ලිමේන්තු කැබිනට් එක කියන්නේ කොමඩියක් නොව, එය කොමඩ් එකකි. ඒ වනාහි වැසිකිළියකි.
අයියෝ මෙයා පීචන්, මෙයා කියන ඒවා කවුද ගණන් ගන්නේ? ගොවියන්ට වෙලාවට පොහොර ටික දෙන්න බැරිවුණාට සබිතාගේ රාජගිරියේ බිල්ඩිමෙන් ගොඩ ගියා. සිරිසේන මහත්තයා පරදින්න ලොකුම පිළිලයක් වුණා. ලොකු ටෝක් දෙන්නේ නැතුව පාඩුවේ ඉන්න බලන්න සායම දිය කරගන්නේ නැතුව. තමන්ගේ අාසනෙත් පරාදයි නේද?
සරත් ෆොන්සේකා මහතාව බහුතර ශ්‍රී ලාංකීය ඡන්ද දායකයින් යෝජනා කරනවා.
සරත් ෆොන්සේකා මහතාව බහුතර ශ්‍රී ලාංකිකයින් අපේක්ෂා කරයි.
කෝ බුද්ධිකට තැනක්? හොරුන්ට පමණද? සජිත්ව නායකයා කරමු. නවීන්ටත් තැනක් දෙමු.
හා! බොහොම හොඳයි.
තමන්ගේ හිතවතෙකුට කොස් ගස් කීපයක් කපාගෙන යන්නට වුවමනා වූ විට රජය මගින් සතියකට බලපත්‍ර නොමැතිව කොස් ගස් කපා ප්‍රවාහනයට පුළුවන් බව ප්‍රකාශ කලේ... මේ ශ්‍රී ලංකාවේ බව කරුණාවෙන් සලකන්න.
මේ රටේ මිනිස්සු විශාල විශ්වාසයක් තියලා තමයි යහපාලන රජය ගෙනාවේ. බැඳුම්කර ප්‍රශ්නය තිබුණත් විශේෂයෙන් එජා පාක්ෂිකයන් තවමත් අගමැතිතුමාව විශ්වාස කරනවා. මේ වගේ තාවකාලික නොගැලපෙන තීරණ වලින් වෙන්නේ අගමැතිතුමාත් කොලේ ඉරාගෙන ඇඟේ හලාගන්න එකයි. මෙවැනි අදූරදර්ශී වැඩ නිසා තාවකාලික වෙන්නේ මේ රජයයි. මෙම අමාත්‍යාංශයට ගැලපෙන ෆීල්ඩ් මාෂල්ව ඇයි පත් නොකරන්නේ. ඩීල් නිසාද නැත්නම් අලුත් හොරු ටිකත් අහුවෙයි කියලද?
වැඩක් කරන්නේ නැතුව දිගටම මහින්දට බැන්න එක විතරයි කළේ.. අර ෆොන්සේකාට ඔය ඇමැතිකම දුන්නොත් ඔහෙලා ඊළඟට පරදින්නේ ඇපත් නැති වෙන්නයි. මහින්දගෙන් පලි ගන්න ඔහෙලාට ඕනෑ වුණාට විපක්ෂයේ මිනිහෙක් වත් කැමති නෑ ඒකට.
පොඩ්ඩක් හිතලා බලන්න. දැන් ඉන්නේ යුද හමුදාවට නායකත්වය දීපු සරත් ෆොන්සේකාමද කියලා. දේශපාලනේට ආපු දවසේම එයා නැතිවුණා.
මොකටද අනේ ඡන්දයක් තිබ්බේ? සල්ලි, කාලානේ අපරාදේ...
හරි රටක නම් ඇමති මොකාවුනත් අදාල නිලධාරින් නිතිය හරියට ක්‍රියාත්මක කරනවා. එවිට ඇමති නවුරු වුනත් නිතියට පිටින් උඩින් යටින් පනින්න බෑ. මේ රටෙ පක්ෂවලට බෙදිලා හොරකමි කරලා හොරැ හොරැන්ව රකිනවා.
දුමින්ද පෝර ටික කලට, වෙලාවට හරියට බෙදන්න. ගොවියාට සහනාධාර සලසන්න. වගකීමකින් කටයුතු නොකළොත් පොහොට්ටුව සියල්ලම යටකරගෙන යයි.
මේක පෙරපාසල වගේ උනානේ අර විමල් වීරවංශ කිව කතාව හරි දියවන්නාවෙම තියාගෙන ඉන්න ඕන 225 ම ජනතවටම ස්වය කරලම මැරිලා යනකම්ම කෑම බිම තියලා ඔක්කොම දිය වන්නවෙන් පිටට එන්න දෙන්න හොද නෑ ජනතාවට සේවය කරන්න්න නේ ඇවිත් තියෙන්න්නේ.
මේ ලෝකේ හැමදෙයක්ම තාවකාලිකයි. කමක් නැහැ.. සරත් ෆොන්සේකා ජෙනරාල්තුමාටම දෙමු. හොරු අල්ලන්න.