ආරියරත්න රණබාහු
පවතින දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් විවාදයක් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (19) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඒ සඳහා මන්ත්‍රීවරු 20 කගේ අනුමැතිය ලැබී ඇති බවද ඔහු කීවේය .
එවැනි විවාදයක් කීරිම ගැන සභාවේ යෝජනාවක් නැතැයි සභා නායක කී අතර . සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ සභාව විනාඩි 10කට කල් තැබිණි.
පවතින දේශපාලන වාතාවරණය ගැන විවාදයක් පැවැත්වීමට පාර්මේන්කුවේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය විය.
ඒ අනුව අද සවස 4 සිට 7 දක්වා එම විවාදය පැවැත්වෙන බව කතානායකවරයා දැනුම් දුන්නේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට රට පාලනය කරන්න පුළුවන්ද ? පාලකයෝ ඉන්නේ රටට සහ එහි වැසියන්ට සේවය කරන්න මිසක් ඒ ගොල්ලන්ට තියන නායකත්ව ප්‍රශ්න විසඳ විසඳ ඉන්න නෙවෙයි නේද . උතුරු නැගෙනහිර මිනිස්සුන් නියඟයෙන් පීඩාවට පත් වෙලා . ඒවා, වගේ වගක් නැහැ .
මේ හොරු මිනීමරුවෝ රජකරන විපක්ෂය හදන්නේ මේ සුළු මැතිවරණය දඩ මීමා කරගෙන රට අවුල්කරන්න.
පාර්ලිමේන්තුවේ ඉන්න මහින්දගේ වහල්ලු 20 කගේ උවමනාවට පාර්ලිමේන්තුව විවාද දෙන සිරිතක් නැහැ. කෝ දැන් බහුතරය පෙන්වනවා කිඋව නේද ? බහුතරය පෙන්වල රනිල් අයින් කරලා මහින්දට අගමැතිකම අරන් දෙන්න තිබුනන්නේ , මෙයාලා උත්සාහ කරන්නේ රට අස්ථාවර කරලා නැවත කෙසේ හොරකම් කරන්න බලය ගන්නයි
ගමේ අය පක්ෂ, පාට වලට බෙදිලා මරාගන්නවා. දැන් පේනවා නේද ඡන්දෙට කලින් දූෂකයින්, හොරුන් හිරේ යවනවා කියපු උදවිය අද එකතු වෙන්න රෑ දවල් කතා කරනවා. මේ අය හිතන්නේ ඒ අයගේ පැවැත්ම ගැන විතරයි. මේ දේශපාලකයින්ට ප්‍රතිපත්තියක් තියා ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ. අවාසනාවකට ජනතාවත් තාම මේ අය දිහා කට ඇරගෙන බලන් ඉන්නවා.
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වලා රනිල් ගෙදර යවන්න. බොරු වැඩ නොකර.... ඔබලාට ඕනෑ රට අවුල් කරන්නයි. වෙන දෙයක් නෙවෙයි. වෙන කිසි කෙනෙකුට රට කරන්න නොදෙන එක තමයි ඔබලාගේ ප්‍රතිපත්තිය...
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වලා රනිල් ගෙදර යවන්න. බොරු වැඩ නොකර. ඔබලාට ඕනෑ රට අවුල් කරන්න. වෙන දෙයක් නෙවෙයි. වෙන කිසි කෙනෙකුට රට කරන්න නොදෙන එක තමයි ඔබලාගේ ප්‍රතිපත්තිය...
"පාර්ලිමේන්තුවේ ඉන්න මහින්දගේ වහල්ලු 20කගේ වුවමනාවට පාර්ලිමේන්තුව විවාද දෙන සිරිතක් නැහැ." අනික් පැත්තේ පොල්පිත්තටත් ඡන්දෙ දෙනවා කියන්නේ රනිල්ගේ වහල්ලු නොවෙයිද? ඔබ මෙතන තප්පුලෑවට වැඩක් නැහැ. වෙන්න ඕනෑදේවල් පාර්ලිමේන්තුවේ වෙනවා. අපිට ඕනේ එජාප 2014 එහාට පෙරලලා දාන්න. රටේ ජනතාවගෙන් 68% කියනවා එජාපය එපා කියලා. තව මොනවද ඉතින් කතා ...
ඕස්ට්‍රේලියාවේ හිටියත් චන්දනට අපේ රටේ දේශපාලන වාතාවරණය ගැන හොඳ අවබෝධයක් තියන හැඩයි. අපට කවදා රටට ආදරය කරන පාලකයින් ලැබෙයිද? එතකල් ඔහේම ඉන්න. මෙහෙ එන්න හිතන්නවත් එපා.
කොහොමත් 94 ම අ.පො.ස. අසමතුන්නේ !
මෙතන තියෙන අවුල මේකයි. ප්‍රාදේශීය සභා ඡන්දය කියන්නේ සාමාන්‍ය ජන්දයක් වුණත්, මෙවර ඡන්දයේදී 80%කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමත් ඉන් ඉතිහාසයේ පළමු වතාවට පවතින නව රජයක් අන්ත පරාජයට පත්වීමත් සාමාන්‍ය දෙයක් නොවීමයි. ඉන් හැඟෙන්නේ වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල බොහෝ වෙනස්වීම්වලට ලක්විය යුතු බවයි. එසේ වෙනස් කිරීමට පවතින රජය කටයුතු නොකරන්නේ නම්, තව වසර දෙකකින් ඔවුන් සියල්ලන්ම දේශපාලන කුණු බක්කියට වැටීමට නියමිතය. එය ඛේදවාචකයක් විය හැකිය.
එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් හදනවා කියලා කෑ ගැහැව්වේ එක්සත් ජාතික පක්ෂය... ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදනවා කියලා කෑ ගැහැව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ පිල මිසක් මහින්දගේ වහල්ලු නෙමෙයි. දැන් නැත්නම් හරියට හොයල බලන්න... ඔය කට්ටිය මහින්ද හොයාගෙන විජේරාමෙට අවා මිසක් මහින්ද ඩාලි පාරේ ගියේ නැහැ ...කොහොම වුනත් හවුල් ආණ්ඩු අවුල්ම විතරයි. කවදාවත් ප්‍රශ්න නැතිව ගෙනියන්න බැහැ. රට අස්ථාවර නොවී ගෙනියන්නත් බැහැ ... අන්තිමට වෙන්නේ වහල්ලු හොරාකාපු මහබැංකුවේ සල්ලි ටික අතුරුදහන් වෙන එක විතරයි.
කොහොමත් දිනේෂ්ලා කළේම රට ආපස්සට යන තැනට කටුතු කිරීම පමණි. එයාලගේ බලයට පත්වීමේ සටන හැර සාමාන්‍ය ජනතාවගේ ගැටළු ගැන හොයන්න බලන්න ඉදිරිපත් වුනේ නැහැ. එහෙම කව්රු හරි කරන්න හැදුවත් මොන විදියකින් හරි වළක්වන වැඩ කටයුතු කරන කට්ටිය තමයි ඔය දඟලන්නේ. මෙයාල ඉන්න කල් මේ රටට හරියන්නේ නැහැ කිසිදවසක...
ඒකාබද්ධ විපක්ෂය කෑ ගහනවා වගේම හොඳට බලන්න ඔය ගොඩේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නවද කියලා. ෂුවර් එකටම නැතුව ඇති. මොකද මෝඩ රැල අවුස්සලා පැනලා දුවලා ඇති.
හොරු ටික බලයට කෑදරකමින් බලය අතට ගන්න හදනවා. පළාත් පාලන මැතිවරණයකින් අගමැති මාරුවෙන්නේ කොයි රටේද?
බමුණුආරච්චි, ගැතිකම් නවතමු.
ඔය දඟලන්නේ නඩුවලින් බේරුමක් නැති හොරුන්ට බේරීමට මඟක් හදා ගන්න. මේ රටේ ඉන්න මොලයක් නැති අයට මේවා නොතේරෙන්නේ ඔවුන්ගේ නිවටකම නිසා. රට නැවත වලපල්ලටම තමයි යන්නේ...
රටේ මෝඩයෝ නියෝජනය කරන, රජ මෝඩයන් ඉන්නේ පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂයේය.
113 හදන්න මෙච්චර උනන්දුවෙන් පැය ගණන් දින ගණන් සාකච්ඡා කරන අය රට හදන්න ඔය සාකච්ඡා ටික කළා නම්... මෙය ශ්‍රී ලංකාවේ ජන මාධ්‍යයටත් අදාළ වේ.
ඕක හැමදාම උණුසුම් වෙනවා එහෙම වුණා කියලා රටටවත්, රටේ ජීවත්වෙන ජනතාවවත් සෙත සැලසෙන්නේ නැහැ. ඇත්තටම ජනතාව පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ තමන්ගේ ප්‍රශ්න කතාකරන නියෝජිතයෝ නොවෙයි. ඒ වෙනුවට ඒ අයගේ ප්‍රශ්න කතාකරන නියෝජිතයින් තමන්ගේ පංගුව ලොකුකර ගන්න කරන අරගලයෙන් තමයි ඕක හැමදාම උණුසුම් වුනේ!
පොහොට්ටුවක් කරලා තියන දෙයක්..,
ඒකාබද්ධ විපක්ෂයේ ඒකායන අරමුණ රට ව්‍යාකූල සහ අස්ථාවර තැනකට ගෙනගොස් කෙසේ හෝ රාජ්‍ය බලය මහින්ද රාජපක්ෂ වෙත ලබාදීමයි. පාර්ලිමේන්තුවේ සම්මුති ආණ්ඩු ගිවිසුමේ නිල කාලය දැන් අවසන් වී තිබේ. එජනිසය නිල වශයෙන් සම්මුති ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් කැබිනට් මණ්ඩලය 30 කට සීමා කරමින් බහුතර බලයක් පෙන්වා එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව තවදුරටත් ගෙනයා හැකිය. එසේ වන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට කළ හැකි දෙයක් නැත. ජනාධිපතිවරයාටද කළ හැකි දෙයක් නැත. නමුත් අද රටට අවශ්‍ය එවැනි පැලැස්තර දැමීමක් නොවේ. ස්ථාවර ආණ්ඩුවකි. වත්මන් අගමැතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳවද විවිධ චෝදනා ඇත. සමනල සංධ්වනියක් තුරුළු කරගෙන ඔහු තව වසර දෙකක් අගමැති තනතුරේ හිටියොත් 2020දී මහින්ද රාජපක්ෂ පාර්ශවයට බලය අල්ලාගැනීමේ හැකියාව වැඩිවනු ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන බැසිල් රාජපක්ෂගේ නිවසේද, නව අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන පැජට් පාරේ ජනාධිපති නිවසේද දින ගණනාවක සිට නැවතී ඉන්නා බවද කියති. පාර්ලිමේන්තුව කැඳවන්නට ඇත්තේ ජනාධිපතිවරයාටය. ඔහු එහිගොස් මේ අවුලෙන් රට බේරා ගැනීම සඳහා කරන්න යනදේ ගැන පැහැදිලි විවරණයක් රටට ලබාදිය යුතුය.
මොනවද සාකච්ඡා? ඊයේ හවසත් කිව්වනේ බහුතරය පෙන්නනවා කියලා. ඉතින් පෙන්නලා ආණ්ඩුව ගන්නකෝ. දිනේෂ් වුණත් බියඇති කෙනෙක්... බන්දුලගේ නෑයෝනේ. එකම වල්ලේ බයිලා කාරයින් තමයි.
මහරගම ඡන්ද ප්‍රතිපලය බලන්න. මුළු ඡන්දය ගැනම, ඡන්දය දීපු මිනිස්සු ඡන්දය දීපු විදිය, ඒකෙන්ම බලාගන්න පුළුවන්. තමන් ඡන්දය දුන්නේ කාටද කියල දන්නේ නැති අයත් ඉන්නවා එහෙ. කාගේ හරි අරමුණක් ඉෂ්ට කරගන්න මිනිස්සු අන්දපු ඡන්දයක් මේක. දැන්වත් මිනිස්සුනේ ඇස් අරින්න. නැත්නම් ලංකාවම ඉවරවෙයි.