රංජන් කස්තුරි
රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවට බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන් පැමිණ නොතිබිණි.
බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බවට ප්‍රතිචාරයක් පැතිර ගොස් තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කැමති වුණත් අකමැති වුණත් පිළිගන්න ඕනෑ සත්‍යය තමා මහින්ද මහතා යටතේ ජනාදිපතිවරණයක් යලිත් ජයගත නොහැකි බව. එසේ නම් කල යුත්තේ රාජපක්ෂවරුන්ගෙන් තොරව පොහොට්ටුව ප්‍රතිසංවිධානය කිරීමයි.
දෙන්නා එකතු වෙලා පොතක්වත් ලිව්වා වත්ද?
සූත්තර පුංචා මොනවා හරි කරන්න වගේ...
බල්ටියක් ගහන්න වගේ... ඇමති කමක් නැතුව බුද්ධික දුකෙන් ඉන්නේ. ලොක්ක සැලකුවේ නැහැ. එහෙම වුනොත් දොස් කියන්නත් බැහැ.
සුජීව බැඳුම්කරයෙන් බේරෙන්න ආණ්ඩුවට පනින්නද හදන්නේ? බලමු මෛත්‍රිගේ යහපාලන තීරණය කොහොම වෙයිද කියලා.. මහජනතාව අවධියෙන්..
කටකතා දවසේ පුවත වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මේ නාඩගමේ ප්‍රධාන චරිතය කිසිම ප්‍රශ්නයක් සිදුවී නැතුවාසේ ගොළුවත රකිමින් කල් මැරීමය. ඒ අවුඅස්සේ එක එක්කෙනා තමන්ට බඩගෝස්තරය සපයන්නන්ගේ පරමාර්ථ ඉෂ්ඨ කරගැනීමේ ඒකායන අරමුණෙන් එකම කාරණාව පිළිබඳව දවස පුරා එකිනෙකාට පරස්පර තර්ක ඉදිරිපත් කරමින් මහජනයා ගේ ඉස්මොළ කුරුවල් කිරීමේ අමන උත්සාහයකද යෙදී සිටිති. මේ සියලුම දෙනා ඉදිරිපත් කරන්නේ ගොබ්බ තර්ක බව කියන අයද ඇත. නමුත් එවන් ගොබ්බ තර්ක දැන් ශුභාරංචි බවට පත්වෙමින් පවති. මූසිලගේ ගුණමකුකම් කෙරෙහි හටගත් වික්ෂෝපයෙන් එදා ගුත්තිල පඬිතුමා වතුරේ ගසාගෙන යන ලී කොටයක් ගැන කිව්වා යැයි සඳහන් කවියක් මෙහිදී අපට සිහිපත් වෙයි. බලයට, ධනයට කෙළහලමින් හතර අතේ දුව පැන ඇවිදින නූතන මූසිලයෝ හැම පැත්තේම ඉන්නා බව දැන් දැන් ප්‍රත්‍යක්ෂ වෙමින් පවතී. මේ අතරේ ඉන්නා සුදනන් කවුද? දුදනන් කවුද? කියා හෙට අනිද්දාම දැනගන්නට හැකිවෙනු ඇත. මේ උදාවී ඇත්තේ කවුරු කවුරුත් මුවහත් දැලිපිහි තලවලින් කිරිපැණි අනුභව කරමින් ගෙවන අමුතුම ජාතියේ සංක්‍රාන්ති කාලයකුයි.
එක හාදයෙක් නම් තව අලුත් පොතක් ලියන්න කරුණු හොයන්න හතර වටේටම දුරකථන ඇමතුම් ගන්න ගිහින්. පොතේ මාතෘකාව "තමන් උපන් බිමට හෙන හත ගැහුවත් කමක් නැත මම බලයේ සිටින්නේ කෙසේද" . ඉතාමත්ම කාලෝචිත මාතෘකාවක් පොත හොදින් විකිණේවි. ඉතින් මේ පුද්ගලයා කෙසේ හෝ සුත්තර පුංචාව ගැන ගුණ වයාවි.
දිනපු ගමන් තඹ කන්ටේනර් වගයක් ටැක්ස් නැතුව බේරන්න ගිහිල්ල අහුවුණා නේද? ඡන්දෙ කාලේ නම් කිව්වේ "අපි හොරු නෙමෙයි" කියලා. ඒ වුණාට බැඳුම්කරෙන් සහසුද්දෙන්ම ඔප්පු වුණානේ.
බුද්ධික එජාපයට ඔබ වගේ අය ඕනෑ. නමුත් සූට් නොවෙන අය ගෙදර ගියදෙන්...
රටේ ප්‍රධාන පුවත් මේවාද? එක එක්කෙනාගේ බහුභූත.. අපිට පාන්ද?.
රනිල්ගේ නායකත්වය යටතේ සුදුස්සන්ට තැනක් නැහැ. බුද්ධික අවංකවම වැඩ කරන කෙනෙක්. නමුත් එතුමාට තැනක් නැහැ. රනිල් වටේ ඉන්නේ දූෂිතයින්. දැන් ආරංචි වෙනවා රවී, කබීර්, මලික් ගැන...
කවුරු ආවත් වැඩක් වෙන්නේ නැහැ. ලංකාව කවදාවත් ගොඩ ගන්න බැහැ. එහෙම වෙන්නේ රටට ආදරය කරන නායකයන්, මිනිසුන් හිටියොත් පමණයි. කොච්චර කවුරු කෑ ගැහැව්වත් වැඩක් වෙන්නේ නැහැ. තියෙන ණය ගොඩෙන් බේරෙන්න කවදාවත් බැහැ. එකම දෙයක් වෙනවා. සියලුම මන්ත්‍රීවරු ගොඩ යන එක විතරයි වෙන්නේ...