(මනෝප්‍රිය ගුණසේකර)
පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රම සිංහ මහතා අතර එකඟතාවයක් ඇති බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරණයට බලපෑ හැකි ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ බවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂි දීමට අධිකරණයේ පෙනීසිටන ලෙස දැනුම් දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට යළිත් වරක් සිතාසි නිකුත් කළේය.
ලබන ජූලි මස 24 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් මෙලෙස සිතාසි නිකුත් කළේ මීට පෙර නිකුත් කළ සිතාසි වලට අනුව ජනාධිපති හෝ අගමැති අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි. -
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙදෙනාම ජනපති සහ අගමැති හිටපු පාලකයින්ට දොස් කිව්වේ අරලියගහ මන්දිරයේ ඉඳන් නඩු තීන්දු සකස්කලයි කියලා. එහෙම කියමින් මේ දෙදෙනාම මීට පෙර නිකුත් කළ සිතාසිවලට අනුව අධිකරණය මගහැරිලා තියනවනේ. බලනකොට දෙගොල්ලන්ම එකයි.
ගෝඨා... හැම දිනම ඇමෙරිකාවේ සිට හරි ඇවිත් නඩු වලට මුහුණ දෙනවා. කෝ මේ අපේ වීරයෝ? නීතිය අව නීතිය වෙලා.
මේ දෙන්නම "හොරුත් සමග හෙළුවෙන්" අනේ මන්දා මෙහෙමත් පාලකයින්... කවුරුවත් නැහැ කරත්තේ බඳින්න. ඒ තරමට මේ බාන පහළයි.
රනිල්ගෙයි, සිරිසේනගෙයි සූත්තර වැඩ කියවන්න අමුතුම තාලේ මොලයක් තිබිය යුතුයි. ඇතුලෙත් ගැට, පිටත් ගැට... මේ සියල්ලටම උත්තර අපි අනිත් ඡන්දෙදි සපයමු. සහෝදර, සහෝදරියනේ, බල තණ්හාවෙන් මත් වෙලා ඉන්න මේ යුගලයට දැන් රට, ජාතිය ගැන හැඟීමක් නෑ. නිවටකම උතුරලා. බොරුවට ආයුෂ කොටයි. හැමදාමත් ජනතාව රවටන්න බෑ. රැවටෙන්නෙත් නෑ.
වනචාරීන් අතර ගිවිසුමක් ඇතිකරගත් බව දැන් හොඳින් පැහැදිලි වෙනවා. රට සංවර්ධනය වෙනුවට රට විනාශයට ගෙන යන අයුරු දැකීමෙන් එය තහවුරු වෙනවා. මෙවැනි පාලකයින් පලවා හැරිය යුතුමයි.
උසාවි යන්න කොහෙද වෙලාවක් තිබෙන්නේ? මේ දෙන්නට රටේම තිබෙන මගුල් ගෙවල්, මළ ගෙවල්, විවෘත්ත කිරීමේ උත්සව වැනි වැදගත් දේවල්වලට සහභාගි වෙන්න යන්න තිබෙනවනේ... අන්තිමට උසාවියෙන් තිස්ස නිකන්ම නිදහස් වේවි!!!
අධිකරණය මග හැරියා කියලා අත්අඩංගුවට ගනීද දන්නේ නැහැ...
බයනැති අගමැති, වැඩ බැරි ජනපති... කොහොමද මේක?
මේ වනවිට ඔය කියන ගිවිසුම ඇත්ත එකක් බව සනාථ වෙලා ඉවරයි