( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කර ඇතැයි කියමින් තමන්ට එරෙහිව අල්ලස් කොමිසම පැවරු නඩුව විභාගයට ගැනීම අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කළේය .
අල්ලස් හෝ දූෂන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මෙහි වගඋත්තරකරු ලෙස නම් කර සිටිති.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.
නීතීඥ සනත් විජේවර්ධන මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.
ගාලූ වරායේ නවතා තිබූ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය ලබාදීම තුළින් ශ්‍රී ලංකා රජයට බිලියන 11.4ක පාඩුවක් කරන ලදැයි කියමින් අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙත්සම්කරුට එරෙහිව නඩු පවරනු ලැබීය.
මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බවට පෙත්සම්කරුවන් ඇතුළු පිරිස මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළත් එම මූලික විරෝධතාවය ඉවත දමනු ලැබීය.
එම නියෝගයෙන් අගතියට පත් පෙත්සම්කරු ඇතුළු පිරිස ඊට එරෙහිව කොළඹ මහාධිකරණයට ප‍්‍රතිශෝධන අයදුමක් ඉදිරිපත් කෙරිණි. එම ප‍්‍රතිශෝධන පෙත්සම ද ප‍්‍රතික්ෂේප කෙරිණි.
ඉන් අගතියට පත් පෙත්සම්කරු විසින් මෙම ප‍්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කෙරිණි.
වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද අදාළ නඩු විභාගය මෙම පෙත්සම් විභාගයට ගෙන අවසන් වනතුරු නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , මූලික විරෝධතාවය ප‍්‍රතික්ෂේප කිරීම ගත් තීරණය අහෝසි කර එය පිළිගැනීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි වෙන මුකුත් එපාද?
මම කියන්නෙත් මේ නඩුව ඉවත් කල යුතුයි කියලයි. මොකද ඇවන්ගාඩ් එකෙන් කලේ යුද්ධය සඳහා ඍජුව දායකත්වය දීලා සේවයෙන් ඉවත්වුණා. අපේ රණවිරුන්වන්ට ඔවුන් කල සේවයට සරිලන මාස්පතා ස්ථීර ආදායමක් ලැබෙන කර්තව්‍යයකට ඔවුන්ව යොදාගෙන ඔවුන්ටත්, රටටත් මුදල් ඉපයීමයි. මේ ආයතනය නිසා විශ්‍රාමික රණවිරුවන්ගේ පවුල් රජයට බරක් නොවී යැපුණා. අනික මේ ආයතනය මෙතුමා බිහිකළ ආයතනයක්. එහි ව්‍යුහය ගැන කිසිම හැඟීමක්, රණවිරුවාගේ අනාගතය ගැන තක්සේරුවක් නැති පිරිසක් මෙතුමාව අපකීර්තියට පත් කර, මෙතුමාට නින්දා කිරීම උදෙසා තමයි මේ ආයතනයට විරුද්ධව නඩු දැම්මේ. මෙය ඇත්තෙන්ම අසාධාරණයි.
නඩු විභාගයට ගැනීම අත්හිටුවන ලෙස ලංකාවේ සියලුම අධිකරණ වලින් සියලුම චූදිතයන් ඉල්ලන්න. ගොඨාභය යනු පිටසක්වලින් පැමිණි කෙනෙක්ද? ඔහුට ලංකා නීතිය වලංගු නැතිද? ඇමෙරිකන් පුරවැසියකු නිසාද? මෙවැනි හොරුන්ගේ අයැදුම්පත් අධිකරණය බාර ගන්නේ ඇයි? රන්ජන් රාමනායක හරි නේද?
එහෙම ඉල්ලන්නට නීතියේ ප්‍රතිපාදන තියෙනවද? නීතියේ ප්‍රතිපාදන තියෙනවා නම් හැමෝටම පුළුවන් වෙන්න ඕනෙනේ නඩු වලින් බේරෙන්න.
මේ විදිහට ඕනෙම කෙනෙකුට මේ වරම ලබාගන්න පුළුවන්ද? එහෙම වුණොත් උසාවි වලට නඩු නැතිව යාවිනේ පෙරකදෝරුවන් බඩගින්නේ...
නඩු දාන්න එපා කියලත් නඩු දාන්න පුළුවන්ද?
එහෙම කරලා එළියට ඇවිත් පත්තරේට කියනවා හොරකරලා නම් නඩු දාලා පෙන්නන්නලු. මේවා හොඳයි කිසිවක් හොයන්නේ නැතිව අන්ධයෝ වගේ මේ වගේ හොරුන්ට කඩේ යන අයට නම්...
අඹ වල්ලක් කැඩීම, පොල් ගෙඩි කිහිපයක් සොරකම් කිරීම වගේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ නඩු විතරක් අහල මේවගේ ලොකු ගණන් වල ඒවා අහන්නේ නැතිවම ඉවත දාන්න.
අපිටත් එහෙම පුළුවන්ද?
අනේ ඔය නඩුනම් දැන් වැඩකුත් නෑ. පිළුණු වෙච්ච කතන්දර.
ඔව් ඉතින් කරන්න.. මේ අයට හොඳයි. නඩු අහන්න නරකයි. හමුදාවේ පඩිය විතරක් ගත්ත පාරම්පරික ව්‍යාපාර, වතුපිටි නොතිබ්බ අය කෝටිපතියෝ වුණෞ කොහොමද? වැරැද්ද මේවාට දඬුවම් දෙන්න යන ප්‍රමාදයයි. හොරු නොදන්නවට ඒ අය හොරු බව අපි දන්නවා.
නඩුවක් අහන්නත් ඉස්සර තුන්මුනින් දහඩිය දමාගෙන නටන මේ නාඩගම මොකද්ද? වැරද්දක් කරලා නැත්නම් ඇයි මෙච්චර බය? මේ නඩුව නම් ඇහිය යුතු නඩුවක් බව දැන් හිටන්ම පේනවා. රජයේ කිසිම ප්‍රධානියෙක් හෝ විසින් ගෝඨාභය ආරක්ෂා නොකළ යුතුයි!
හොරාම තමන්ට නඩු දාන්න එපා කියන ලෝකයක්... මොන විහිළුවක්ද?
හොඳ පූර්වාදර්ශයක් වෙයි. නඩු වලින් බේරෙන්න පුළුවන් ක්‍රමයක් වෙයි නේද?
එයා හිතාගෙන ඉන්නේ එය වෙන්ඩ රජා කියලනේ...
ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගම වගේ ව්‍යාපාරයක් මීට ප්‍රථම තිබුණද? එසේ නම් පාඩුව බැලිය හැකිය..
ප්‍රවෘත්ති පල කිරීමේදි සවිස්තරව පල කළා නම් හොඳයි. නැත්තන් එක පැත්තකට කඩේ යනවා කියල පේනවා.
අයියා තවම රටේ රජකම් කරනවා කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ.
මේවා හොඳයි දකුණු ඉන්දියානු චිත්‍රපටි තිරකතාවකට ! දැන් ඔය විදියටම බැඳුම්කර වංචාවේ සැකකාරයන් නඩුව කල් දමන්න කිව්වොත් කරාවිද?
නඩුවලට තිබෙන බය නෙමෙයි. බොරු නඩු වලට රිමාන්ඩ් කරලා මාස ගණන් ඇප නැතිව හිරේ තියාගෙන, අන්තිමට කරපු වැරැද්දකුත් නැහැ. නඩුවට වූ දේකුත් නැහැ... වෙන්නේ ඒකයි.
මේ කට්ටිය කමෙන්ට්ස් කරලා තියෙන්නේ හරියට අැවන්ගාඩ් කියන එකෙන් මොකද වුනේ? ඒවාගෙන් රටට වූ කීර්තිය, සිදුවූ අවාසිය මොකක්ද...? හැම මගුලටම රාජපක්ෂවරු හිරේ දැම්මම, නඩු දැම්මම අායෙත් බලයට එන්න ලැබෙන්නේ නැතිවෙයි. නඩු දාන අයට ඡන්ද වැඩිවෙයි... මිනිස්සු සතුටුවෙයි කියලනේ ඔය කරන්නේ.. ගිය අවුරුදු තුනේම ඔය විදියට නඩු දැම්මා හිරේ දැම්මා ගොඩක්ම ඔප්පු කර ගන්න බැරි බොරු චෝදනා ..ඉතින් ඡන්ද අඩු වුණාද? නැහැනේ ...2015ට වඩා වැඩියි නේ... මේ විදියටම කරගෙන යන්න ඔය එක්සත් ජාතික පක්ෂය ගත්තු ලක්ෂ 39 ලක්ෂ 25 ට බහින්නේ ගෝඨාභය මහත්තයාට මොනවා හරි වෙච්ච දවසට .... මේ මිනිස්සු නැත්නම් අද ක්‍රියාත්මක වෙන්නේ පිටසක්වලින් වගේ ආපු මිනීමරු නීතිය.. ඔය කමෙන්ට්ස් කරන අයට, කමෙන්ට්ස් කරන්න වෙන්නේ මිස්ටර් ප්‍රභාකරන් කියලා විතරයි .. දැන්වත් මේ ඡන්දෙන් පාඩමක් ඉගෙනගෙන ගරුකළ යුතු අයට ගරු කරන්න ඉගෙන ගන්න.. බොරුව දිනන්නේ නැහැ.
පුංචි ඡන්දෙන් පස්සේ ආණ්ඩුව දැන් බයවෙලා.. එයාලගේ පදේට නටයි කියලා හිතනවාද දන්නේ නැහැ.
අනේ මෙහෙමත් විකාර.. නිවැරදි නම් මෙතරම් බය කුමටද?
අයියා අවුරුදු දෙකකට කලින්ම යවලා දායි කියලා කවුද හිතුවේ? සරත් ෆොන්සේකාව කුදලාගෙන ගිය හැටි හීනෙනුත් පේනවා ඇති නේද? අෂ්ඨ ලෝක ධර්මේ කැරකෙනවා කියන්නේ මේකටයි.
කමෙන්ට්ස් කරලා තියන අය සොරෙකු බවට පත්කරලා ඉවරයි. මේක තේරුම් ගන්න ඕනෑ. සමාගමක්, අලුත් ප්‍රොජෙක්ට් එකක් ඉදිරිපත් කරලා රජයෙන් බිස්නස් එකක් කරන්න අවසර ඉල්ලනවා. ඒකට අවසර දුන්නාම කාටවත් කියන්න බැහැබිස්නස් එක රජය කළා නම් රජයට ලබා ගන්න තිබුණා.... දැන් කම්පැණි එකක් කරන නිසා රජයට පාඩුවුණා කියලා. එහෙනම් සියළු බිස්නස් ආණ්ඩුව කරන්න ඕනෑ.
ඇයි, වරදක් කරලා නැත්නම් ඕව `බොරු චෝදනා` නම් උසාවියේදී කරුණු ඉදිරිපත් කරලා නිදහස් වෙන්න බැරි? ඇයි, උසාවියට බයද?
මෙතුමා රට බේරගත්ත නිසා මෙතුමාට නඩු පවරන එක සදාචාර නැහැ.
හිරේ යන්න වෙනබව දැනගෙන පණ බයෙන් ඉන්නවා. පත්තර ඉස්සරහ නම් බොරු සිංහයෙක්...
නොදන්නා නිසයි අහන්නේ. මේ නඩුව ඇසුවොත් ගෝඨාභය මහතාට තම නිර්දෝෂී බව ඔප්පුකරන්න බැරිද? අමාත්‍යාංශ ලේකම්වරයකුට ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන්ද?
එක එක නඩුවෙන් නම ඉවත් කරගන්න පුලුවන්නම් හොඳයි, අන්න පොලිස් ලොක්ක ලසන්තගෙ මරණය ගැන හුඟක් දේවල් කියල තියෙනව කියල ආරංචියි.
අෂ්ඨ ලෝක ධර්මේ කැරකෙනවා
අර මගෙත් තියෙනවා බයිසිකලේ හෙල්මට් නැතුව ගියා කියල නඩුවක් දාල , දැන් මමත් ඉහල උසාවියකට ගිහින් එක දාන්න දෙන්න එපා කියල ඉල්ලලා නඩුවක් කතා කරලා බලන්න ඕනේ ....
ලාබ පාඩු කොම වෙතත් මෙයාලා හොදට හම්බ කරගත්තා.නීති විරෝදී ලෙස ආයුධ එක එක්කෙනා අතට ගියා.ආණ්ඩුවට කොමත් පාඩු තමයි මෙයාල සේරම කලේ.එත් දැන් ගොඩක් අයට අයේ මෙයාලව ලොකු වෙලා.මෙය ඇතුළු රාජපක්ෂ රෙජීමය .අනේද කියන්නේ.රටක ත්‍රස්තවාදය නැති කරන එක රජයක යුතුකම.හැමෝම හැම රජයක්ම යුද්ධ කළා.ජීවිත ගොඩක් නැති උනා.
මගේ නෝනා නඩු දාන්න යනවලු නඩත්තු ඉල්ලලා.ඊට කලින් මම නඩුවක් දානවා නඩු දාන්න එපා කියලා.
කෝටි ගණන් විදේශ විනිමය ගෙනාපු සමාගම. දැන් නාවික හමුදාව අරගෙන අදායම අඩු වුනා. ඕක රටක නාවික හමුදාවකට කරන්න බෑ... හරියට හොයල බලනවා. නීතියේ ප්‍රතිපාදන නිසා තමයි නඩු එපා කියන්නේ... කාටවත් එකට ඇගිලි ගහන්න බෑ. ඒක ලංකාවේ නිතිය. මේ මනුස්සයා නීතියෙන් හැංගිලා නෑ.
මාධ්‍යවේදීන් ඉදිරිපිටදී හිනාවෙලා ප්‍රශ්න මොකුත් නැතිවා වාගේ පෙන්නුවාට මොකද අධිකරණය ඉදිරියේදී ඔප්පුවන යම් වරදක් සිදුවී තිබෙන බව මේ හැසිරීම් විලාශයෙන් පෙන්නුම් කැරෙනවා. ඒ නිසා තමයි මේ ඔක්කොම් උප්පරවැට්ටි දමන්න බලනේ. අනික් අතට, යමෙක් හෝ යම් කණ්ඩායමක් හෝ කිසියම් වරදක් සිදුකර ඇතිබවට ලැබෙන තොරතුරක් හෝ අනාවරණය වීමක් හෝ නිසා ඒ පිලිබඳ වරද හෝ නිවැරැද්ද හෝ සොයා බැලීමට අධිකරණය හමුවේ විමසීමට එරෙහිව ආඥාවක් ඉල්ලන්නේ ඇයි? මේක වක්‍රව යම් උපාය මාර්ගයකින් වැරදි යටපත් කිරීමට යෙදෙන ප්‍රභල උත්සහයක් බව ඒත්තු ගැන්වෙයි. කලින් අත්අඩංගුවට ගැනීමෙන් වලකින්න නියෝගයක් ගත්තා. දැන් නඩු අහන්න එපා කියල නියෝගයක් ඉල්ලනවා. මේ වැරදි පූර්වාදර්ශ උපයෝගී කරගෙන ඒ අඩි පාරේ කීප දෙනෙක්ම ගොඩ යන්න උත්සහ කළා මතකද? නායකයෝ හැසිරෙන්න ඕන මෙහෙමද? පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් සියල්ල යටපත් කර ගොඩ යන්න පෙරමග සැකසීමක් වගෙයි. 2020 දී මෙවන්නන්ටද රට භාර දෙන්න කියන්නේ ?
මෙතන හොරා හොරා කියන අය පොලිසියට ගිහින් කට උත්තයක් දෙන්න කෝ. අපිට වද නොදී
මෙයාට තියෙන චෝදනා මොන තරම්ද....එක සැරයක් ශ්‍රී ලන්කන් ගුවන්යානයක ගමන වහාම කැන්සල් කරලා ඒ ගුවන් යානය මගින් නොමැතිවම ස්විට්සර් ලන්තයට යවනුලබුවා මෙයාගේ බිරිඳට " බල්ලෙක් "ගෙනෙන්න...මේවා දුෂණ නොවෙයිද....
සරත් ෆොන්සේකලා වගේ නෙවෙයි මෙයා බයයි. එකනේ රට පනින්නේ. පත්තර වලට නම් චන්ඩියා වගේ කියනවා හොරකම් කරලා තියෙනවානම් නඩු දාලා පෙන්නන්න කියලා.
එය ඇමෙරිකානු පුරවැසියෙක් නිසා නඩු දැමීමට පෙර ඇමරිකන් රජයෙන් අවසර ගතයුතුයි. ඩොනල්ඩ් ට්‍රුම්ප්ට පුළුවන් මෙයාව නිදොස් කොට නිදහස් කරන්න කියල ශ්‍රී ලංකා රජයට නියෝග කරන්න.
යකෝ මේක මාර ඉල්ලීමක්. හැබැයි !අයියන්ධි මැරෙන සැටි පෙන්වමි' කියල මද්දුදුම බණ්ඩා කිව්වලු.
ඇයි නඩුවලට ඔච්චර බය වරදක් කරලා නැත්නම් බය නැතුව නඩුවට ඉදිරිපත්වෙන්න .මට හිතාගන්න බැහැ මේ යුද්දය අවසන් කරන්න දායක උන නායකයෙක්ද කියල S F කියන කතා ඇත්ත වගේ .
ගෝඨාභය කියන්නේ සංකීර්ණ චරිතයක්. දේශප්‍රේමිත්වය ඔහු ළඟ නොතිබුනා නොවේ. ශ්‍රී ලංකා වැසියන්ට ඇත්තෙන්ම රට බේරා ගත් නායකයෙක් අවශ්‍ය නම් තෝරා ගත යුත්තේ බොරු කියන මහින්ද නොව කෙලින් කතා කරන ගෝඨාභයයි. එහත් ඒ ගෞරවයෙන් වැඩි කොටසක් හෝ 50% අයිති විය යුත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාටයි. අසල්වැසි රටක තානාපති වරයෙක් හා රාජපක්ෂ පවුලේ ඥාතියෙක් ගෝඨාභය හා සරත් ෆොන්සේකා අතර තිබු සුසංයෝගයට ඊර්ෂ්‍යා කර ඒ දෙදෙනාවත් ජෙනරාල් ට විරුද්ධව ජනාධිපති මහින්දවත් කෙටෙව්වා. එහි ප්‍රතිපලය ඉතාමත් ඛේදනීය වුනා. ජාතිය විසින් එක්ව පිදිය යුතු යුද හමුදා පති වරයා සිත් පිත් නැති අන්දමින් සිර ගත කළා. ජාතිය දෙකඩ වුනා. සතුරන් ජය පැන් බීවා. රඛ්නා ලංකා හා ඇවන්ගාඩ් සංකල්ප නරක දේවල් නොවේ. නමුත් රඛ්නා ලංකා ආයතනයට හමුදාවේ ආයුධ ලබා දීමත්, එහි ආරක්ෂක භටයින්ට යුද හමුදාව මගින් පුහුණුව ලබා දීමත් නොකට යුතුව තිබුනා. එය තම නිළය අයුතු ලෙස ප්‍රයෝජයන ගැනීමක් යන්න අවිවාදාත්මකයි. මෙහි කිසියම් දෙයක් සැඟවීමට උත්සහයක් දැරූ බවට හෙළිවූයේ රඛ්නා ලංකා ආයතනයෙන් ඇවන්ගාඩ් ආයතනය ට ලබා දුන් ආයුධවල අංක මකා දැමීමයි. ඉතිරි හරිය නීති අංශ වලට බාරයි.
අැවන්ගාඩ් කරපුදේ හරිද කියල බලන්න නඩුවක් අහන්නම ඕනිනේ. උසාවිය හරි වෙරදී තීරණය කරයි. මොකද එකට බය? මොනවවත් හන්ගපුදෙවල් තියනවද? ඔයාට විරුද්දව නඩු අහන එකත් පව් සිද්ද වෙන පාපයක්ද? එහෙම කියනවනම් රාජපක්ෂලාට විරුද්දව නඩු අහන්න එපා කියල පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ල සම්මත කරගන්න. හෙට අනිද්දා කියාවි ලසන්තගේ නඩුවත් අහන්න එපා කියල.
අනේ මටත් තියනවා කෙහෙල්කනක් හොරකම කරා කියල දාපු නඩුවක්. එකනම් රු400ක් තමා වටින්නේ.ඔයාගේ නඩුවත් එක්කම මගේ නඩුවත් අහන්න එපා කියල කියන්නකෝ.
කොමෙන්ට්ස් දාන සමහර අය මොනවද වෙන්නේ කියල දනී නැත්ද එක්කෝ දන්නේ නේ වගේ පෙන්නනවද? ගොටභය කොහොම හරි හිරේ දැම්මොත් ඊළඟ ජනාධිපති මැතිවරණයට ඉල්ලන්න බැරි කරන එකයි මේ වයේ අරමුණ. එතකොට රනිල්ටයි, සිරිසේනටයි වාසි වෙයි කියලයි මේ ගොල්ල හිතන්නේ. ගොට වැනි මිනිසුන් රටේ පිනට පහල උන බව නොතේරෙන මිනිසුන් ඉන්නේ රටේ අවාසනාවට. කුහකයෝ නම් කොහොමත් ඉන්නවා.
ගෝඨාභය මැතිතුමා 30 වසරක් පැවති කුරිරු යුද්ධය නිම කිරීමට දුන් නායකත්වය ගැන සලක බලා මෙවැනි නඩු පැවරීම් නොකළ යුතුයි.
මේක , මේ රටේ ජනතාව තාමත් අදුරේ අතගාන පිරිසක් ඉන්නවා .. අන්න ඒ මිනිසුන්ගෙන් . බලයට පත්වූ නායකයින්ට මෙය හොදයි. මොකද ඔය මිනිසුන් ඉදිරියටත් කරන්නේ අපේ රටේ අර අහිංසක ජනතාව මුලා කරගෙන .. මෙහි වැජබිලා. මේ රටේ ජනතාවගේ මුදලින් යැපෙන්නයි.මොකද මේ රටට වෙලා තියෙන්නේ මුලිකවම ඕකයි. උන් දන්නවා .. මොනවගේ බොරුවක් කීවොත්ද මේ ජනතාව මොහුන්ගේ පැත්තට යොමුකරවගන්නේ කියල... විශේෂයෙන්න්ම , මහින්ද රාජපක්ෂ , ඇතුළු ඔය පවුලේ අය..මොකද ඔය යු .එන් . පි එකේ ඉන්න . ඔය මෝඩ මහත්තය කරන අමන වැඩ .. වලින් ප්‍රතිපල ගන්නේ කව්ද අන්න ඒ අයයි. ඉතින් ඕක ජනතාවට තෙරුම්කරලා දෙන්න බැ... මගේ මතය ගෝටාබය නොවෙයි . මොන ජගතා වුනත් , වරදට දඩුවම් දිය යුතුයි .ජනාධිපති කෙනෙක්ගේ වගකීම තමයි , රටට පිටතින් හෝ ඇතුලතින් පැමිණෙන ඕනෑම බලවේගයකට මුහුණදීලා රට බේරගන්න එක , එක මේ පුල පුලා කිවයුතු දෙයක් නොවෙයි. ඇත්තෙන්ම කියනවනම් , මොකද මාත් හරිම කැමතියි . ඔය මහින්ද , මහත්තයටයි , ගෝටබයටයි, නමුත් අපි ඔහුන් කෙසේ හෝ බලයට පත්කරහම. එතනින් අපි නොදැනුවත්වම පාතාල කල්ලි ගොඩනැගිල . එතන එ්කදිපතිතාවයක් ගොඩනැගෙනවා. .. නැත්නම් මේ අවස්ථාව රටට අනිවාර්යෙන් අවශ්‍ය කාලයක් . ..
ලංකාවේ ජනතාවට ගැලපිල යන්නේ ගෝඨාභය වගේ ජනාධිපති වරයෙක්. 2020 පත් කරගමු.
යුද්ධයේ ලොකුම වීරයා වූ සරත් ෆොන්සේකා මහතාව බිම දිගේ ඇදගෙන ගොස් හිර කලේ බලු කුඩුවකටත් අන්ත ටකරන් වහපු තැනක. එතුමාට කන්න දුන්න බත් පිඟානේ කුඹි. නිදාගන්න දුන්නේ සිමෙන්ති පොලව, ඒ නිසාම එතුමාගේ අභ්‍යන්තර තුවාල පැසවන්න ගත්තා. එලියට පැමිණි විට හමුදාවේ පොඩ්ඩෝ දාලා හු කියෙව්වා. කවුද ඔහුව මෙලෙස ටික ටික මරන්න ලැස්ති වුනේ? එතුමා කල වැරැද්ද යුද්ධය දාලා ගොස් නැවත පැමිණි කෙනෙක්ට සර් කිව්වේ නැති එකද?
මෙයාගේ කෙරුවාවල් අපිත් බලාගෙන තමයි ඉන්නේ. ආයෙත් මෙහෙට පනියි වගේ. මෙයා කොහොමත් බයයි නඩු වලට.
මෙච්චර බයයි නම් මේ දේවල් නොකර ඇමරිකාවටම වෙලා ඉන්න තිබුනනේ? සරත් ෆොන්සේකාව නොමරා මරුවා. මොන වරදකටද? රට බේරාගත්ත වරදටද හිරේ දැම්මේ?
මේ මිනිස්සුන්ට මේ තරම් appeal කරන්න මුදල් කොහෙන්ද ?. සාමාන්‍ය මිනිහෙකුටනම් මෙහෙම රුපියල් ලක්ෂ ගණන් වියදම් කරලා appeal කරන්න පුලුවන්ද. මේ මුන් හරා කාපු මහජන මුදල් නේද? නැතුව මැදමුලන පොල්වත්තෙන් ලැබෙන ආදායමෙන් නෙවෙයි නේද ?
බොරු නඩු දාල මස ගණන් රිමාන්ඩ් කරලා නඩුව ඔප්පු කර ගන්න බැරි නම්, ඊට පස්සේ කරන්න තියෙනේ නඩු දාපු උන්ව හොයල ඊට උපදෙස් දුන්න උන්වත් එක්ක රිමාන්ඩ් කරලා සියලු දේපල රාජසන්තක කරලා බොරුවට හිටපු කාලේ ඩබල් කරලා හිරේ දාන්න පුළුවන් නීති ගෙන එක. එදාට පුළුවන් බොරු නඩු දන එක නවත්වන්න.
ගෝටාභය මහත්තයා වැරැද්දක් කරල නැත්නම් නීතිය ඉස්සරහට ඇවිත් නිදහස් වෙනවා මිසක් නැට්ට කකුල් දෙක අස්සෙ ගහගෙන හැන්ගෙන එකෙන් යම්කිසි වැරැද්දක් වෙලා තියන බවව්පේනව. උදයන්ග ගෙ කතාවත් මේකම තමය් .
මේ දිහා දේශපාලන කෝණවලින් බලන පුද්ගලයන්ට තම දේශපාලන රුචිකත්වයට අනුව විවිද මත ඉදිරිපත් කල හැක. තමන්ගේ හිතට එකගව මේ දිහා බැලුවොත් නිවැරදි කුමක්ද යන්න වැටහෙනු ඇත.
ඇවන්ගාඩ් එකෙන් ඉස්සර ගෝඨාභයගේ හයිය අරන් කරපු වැඩ කොළඹ සමහරුන්ට නම් රහසක් නෙවේ. පුද්ගලික වාසි වලට නැතුව නීතිවලට යටත්ව මේ අවි ගබඩාව කළා නම් හොඳ ආයෝජනයක්... තිබුණු විදිහට ගියා නම් රජයේ අනුග්‍රහය යතේ මෙහෙයවෙන පාතාලයකුත් වෙන්න බැරි නැහැ.
රටට මෙලෝ සේවයක් නොකල අපතයො කිසිම නඩුවක් නැතුව වැජඹෙද්දී මෙතුමා ගෙ ඉල්ලීම සාධාරණයි.
දැන ගැනීම පිණිසයි අහන්නේ. ඇමෙරිකන් (හෝ වෙනත් රටක) පුරවැසියකුට ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් විය හැකිද? නීතිමය ගැටළුවක් නැතිද?
තමුන් හරිනම් ඇයි මෙච්චර බය වෙලා ?
වැරැදි ඇති.. නැත්නම් මොකද මෙච්චර බය? බලයේ ඉන්නකොට නම් කුඩුකාරයෝ බලන්නත් ගියානේද එළිපිටම...?
තමා නිර්දෝෂී නම් අධිකරණයට ඇයි ඔයතරම් බය? උසාවියෙන් නිදොස්වී නිදහස් වුනාම කොයි තරම් අගේද?
මටනම් තේරෙන්නේ නැහැ ඇයි ගෝඨාභය මෙච්චර බය කියල. නීති සංගම් වලටත් කොන්දක් නැහැ.
මෙයා බයයි..!
තමා වරදක් කර නොමැතිනම් මේ බයට හේතුව කුමක්ද? සරත් ෆොන්සේකාට කරපු දේවල්වලට දෙවියන්ගෙන් දඬුවම් ලැබීම කාටවත් වළක්වන්න බැරිබව ලෝකයාට දැනගන්න පුළුවනි.
උන්නැහේ අපේ රටේ ජනාධිපති හැටියට? බුදු අම්මෝ !! අඩු ගානේ ඉඩි අමීන්, ජුවන් පෙරොන්, මාර්කෝස්, පොල්පොට්, චෝචේස්කු වගේ කෙනෙකුවවත් හොයා ගන්න බැරිද?