(විනිතා ගමගේ)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්, ඇමති, සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. මෙම සාකච්ඡාව මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පැවැත්විණ.
මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවෙන් පසුව සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ගිය බවත් මේ වන විට ජනාධිපතිවරයා සමග සාකච්ඡාව ආරම්භ වී ඇති බවත් පැවසේ. මෙම කණ්ඩායමට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිළ යන මහත්වරුද ඇතුළත්වන බව වාර්තාවේ.
මෙම සාකච්ඡාවේ අරමුණ ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබාගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් බවද දැනගන්නට තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරය හොබවයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙදාගැනීමේ සාකච්චාවක් වෙන්න ඇති.
මොකා මොනවා බෙදා ගත්තත් අපට අදාළ නැත, නමුත් මුලික දේවල් වියයුත්තේ මවුබිමේ ආරක්ෂාව, මවුබිමේ දියුණුව බවය. රටද ආදරය කරන පුරවැසියන් හැටියට අප කිසිවකු හොරු සමග හෙළුවෙන් සිටීමට කිසිසේත්ම කැමති නැත.මොකා බලයට ආවත් අපට නම් කම් නැත, රටේ ආරක්ෂාව ,දියුණුව මුලටම තිබියයුතුය.පළමුවත් රට දෙවනුවත් රට තුන්වනුවත් අපගේම මවුබිමය.
එතකොට දැං හොරු අල්ලන්නෙ පොලිසියෙන්ද?
එතකොට දැං හොරු අල්ලන්නෙ පොලිසියෙන්ද?
ඇයි රවිචන්ද්‍ර පේන්නැද්ද මේ කට්ටිය හදන්නේ අලිබබා සහ හොරු හතලිහ ගොඩ දාගන්න නේ.
පරගැති හොර දෙටු රනිල් පන්නන්න ඒකාබද්දයේ මංත්‍රි 53ම දොල පිදේනි, තනතුරු කිසිවක් නැතිව නොසැලී මහින්ද සමග එකට හිට ගන්න එක ගැන ඉතාම සතුටුයි. පාර්ලිමේන්තු ඡන්දයක් ගන්න මුක්කු ගැසීම හැර අගමැති, අැමතිල හෝ නව අාණ්ඩුව ගැන වග කීමක් තමන්ට නැති බව මහින්ද ජනතාවට පැහැදිලි කල යුතුය.
ජනාධිපතිතුමා කඩුව ගෙන ඔහුගේම ගෙල සිදගත්තේය. ජනතාව දුන් පණිවිඩය කුමක්ද?
හැංගි හැංගි වෙස් බැන්දට නටන්නේ එළියෙනේ !
අපේ රටේ දේශපාලකයෝ මනුස්ස කමටත් නින්දාවක්. මුන්ට චන්දෙ දෙන උන්ටයි ගහන්න ඕන.
ජනාධිපතිවරයා දැන් කල යුත්තේ එක පෙළට හිට ගන්න බැරි තමන් සමඟ ඉන්නා මැති ඇමැතීන් මඩු වලිගයෙන් තළා හෝ අසිපතින් කොටා හෝ එක මතයකට ගෙන ඒමය. දැන්වත් පක්‍ෂයේ සිටිනා ජාතිවාදීන්, ප්‍රගතිශීන් මෙන්ම වැටඋඩ ඉඳගෙන කටකැඩිච්ච කතා කියන ද්‍රෝහීන්ද කපා කොටා වෙන්කර ගත යුතුය. බුදුන් වහන්සේ මුලින්ම බන කිවේ සිත එකඟ කල තපසුන් පස් නමකටය.