(වන්නි රොමේෂ් මධුෂංඛ)
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ මහතා ශ්‍රීලංකාවට ගෙන්වූවේ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් බවට යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අද(24) වවුනියාවේදී පැවසුවේය.
වන්නි ආරක්ෂක සේනා 56 සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් යුද හමුදාපතිවරයා එලෙස පැවසුවේය. රුපියල් මිලියන 24 ක වියදමින් 56 සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය ඉදිකර තිබිණ.
නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් යුදහමුදාපති වරයා මෙසේද කියා සිටියේය.
‘රටේ යුද හමුදාපති හැටියට ඒ නිලධාරියාගේ ආරක්ෂාවට මම වගකියන්න ඕන මේ නිලධාරියා වෙනත් රටක ඒ රටේ නීති පද්ධතියට යටත්ව රාජකාරි කරන අතරේදී යුදහමුදාපති හැටියට හෝ වෙනත් අධිකරණයක විශ්වාසය තියන්න බැහැ ඔහුගේ ආරක්ෂාව තහවුරු වෙයි කියලා.“
“ඒ ගැන සාකච්ඡා කරන්න මම ඔහුට එන්න කිව්වා. ඔහු දැන් ඇවිල්ල ඉන්නවා. දැන් මම ඉන්නේ කොළඹින් පිට. නමුත් මම ඉදිරියේදී ඔහුත් සමග සාකච්ඡා කරනවා“
ඔහු කරපු දේ හරිද වැරිද කියල තීරණය කළ යුතුව ඇත්තේ වෙනම කෙනෙක්. නමුත් ඒ නිලධාරියා මෙහෙ ඇවිත් ඉන්නේ ඔහුගේ කාලය ඉවර වෙලා නෙමෙයි. අපි සාකච්ඡා කරන්නේ ඔහුගේ ආරක්ෂාව කොහොමද අපි සපයන්නේ කියලයි. ඒ වගේම මේ අවස්ථාවේදී ඒ සිද්දියෙන් අයින්වෙලා ඉන්න එක සුදුසුයි කියා මම හිතනවා“
“ඒ වගේම කනගාටු වෙනවා, මේ රටේ ජනතාව අනවශ්‍ය බියකට මේක කාරණාවක් කරගෙන තියන එක ගැන. මේ වගේ සිද්ධි ඕන තරම් වෙලා තියනවා නමුත් රණවිරුවන් දඩමීමා කරගත නොගත යුතුයි. මේ රටේ පාලනය නෙමෙයි මේක කරන්නේ. මේක එක්තරා සිදුවීමක් විතරයි“










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් දැනගෙන හිටියා ඔහු එහෙ තියාගන්නේ පෙබරවාරි දහය ඡන්දෙ ඉවරවෙනකම් විතරයි කියලා...
සංහිඳියාව කියකියා ඩයස් පෝරාව සතුටු කරන්න.
එතුමා ඒ තම උරහිසේ තිබුණු සිංහ කොඩිය අභිමානයෙන් පෙන්වන ඒ රූප රාමුව දස දහස් ගණනින් මුද්‍රණය කරලා රාමු කරලා සෑම නිවසකම ප්‍රදර්ශනයට තැබිය යුතුයි කියල මම යෝජනා කරනවා. ඒ වගේම අපිත් ඒ ඉරියව්වෙන් ඒ අභිමානවත් විදියේ සෙල්ෆි ඡායාරූප ගන්න ඕනෑ කියලා මට හිතෙනවා.
ඉතින් මේවා විශ්වාස කරන්නත් මෝඩ මිනිස්සු ඉන්නවනේ ලංකාවේ. එතකොට ඡන්දෙන් ඉස්සෙල්ලා ගෙන්නන එක නතර කලේ රජයේ ආරක්ෂාවට වෙන්න ඇති.
බයියෝ ගැන දුකත් හිතෙනවා.
ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අභියස එල්ටීටීඊ හිතවාදීන් විසින් විරෝධතාවක් පැවැත්වූ අවස්ථාවේදී එතනට පැමිණි ඊනියා දේශප්‍රේමින් කියාගන්නා දෙතුන් දෙනෙකු විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු උසිගැන්වීම නිසා සිදුවූ එක් වැරදි දෙයක් උලුප්පා දක්වමින් අන්තර්ජාලයේ ගෙනගිය අසාමාන්‍ය ප්‍රචාරය නිසා අද එතුමා මෙවන් අසීරු තත්වයකට මුහුණ පාසිටියි. එංගලන්තයේ නීතිය අනුව රාජතාන්ත්‍රික මුක්තිය නොමැති ස්ථානයක සිට එතුමා කර ඇත්තේ වරදක් ලෙස ඔප්පුවන්නට හේතු ඇති නිසා තවදුරටත් එතුමා එම රටේ නැවතී සිටීම නුවණට හුරු කරුණක් නොවන්නට ඉඩ තිබුණි. එතුමා අප රටතුල සේවය කල සෑම තැනකදීම සියලු ජනකොටස් සමඟම සුහදව කටයුතු කල ගුණගරුක නිලධාරියෙකි. එතුමා මුල්ලන්කෝවිල් කඳවුර භාර නිලධාරියා ලෙස සේවය කල කාලයේ එක්තරා මැතිවරණ අපේක්ෂකයෙකු හට ඡන්දය දෙන ලෙස ජනප්‍රිය ගායකයෙකු හමුදා සාමාජිකයින් දැනුවත් කිරිමට ගත් උත්සාහය නැවත්වීම නිසා පැය කීපයක් ඇතුලත වැඩ තහනමට ලක්වූ නිලධාරියෙකි. අද වැඩිපුරම ඔහු වෙනුවෙන් කිඹුල් කඳුළු සලන්නේ එදා ඔහුගේ සේවය තහනම් කල අවස්ථාවේ හුරේ දැමු විසිල් ගැසූ කණ්ඩායමයි. අන්න එහෙමයි අපේ රටේ නුතන දේශප්‍රේමය...
ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අලස සේවකයෝ කියන්නේ ඔහු ආපසු එන බවකි. දෙමළ ඩයස් පෝරාවේ ඉන්න අයට වඩා අන්ත අය මේ ආණ්ඩුවේ ඉන්නේ. ප්‍රියන්ත ප්‍රනාන්දු කියන්නේ අපිට වීරයෙක්... ඔහු ආරක්ෂාව සපයන්නෙක්. ඔහුගේ ආරක්ෂාව ගැන ඔහු බලා ගනී. ප්‍රියන්ක අදත්, හෙටත් අපිට නම් වීරයෙක්. මේවා මේ විදිහට ගියොත් සිංහල පිරිමින්ට ගවුම් අන්දන්න තමයි වෙන්නේ. එජාපයෙන් කියන්නේ පචම තමයි.
මැරුවත් "සාදු" කියන අරුම පුදුම සංහිඳියාව. ඕවා කියන්න ඔයාලගේ වගේම මොළ තියෙන බයියන්ට...
ආරක්ෂාවට ඉන්න තැන මාරු කරනවා නම් හමුදාකමින් ඇති ඵලය කුමක්ද?
මේ සිද්ධිය වීඩියෝ කරපු එක්කෙනා අනවශ්‍ය කොටස ඉවත් නොකර අන්තර්ජාලයට දමපු එකයි වරද... ඒක තමයි මේ පැටලිල්ලේ මුල. ඒ ගැන වෙනම පරික්ෂණයක් තියන්න ඕනේ කරපු දේට. වෙන කවුරුවත් ඒ ගැන පොටෝ එකක් වත් දාල නෑ. අපේම කෙනෙක් තමයි ගින්න පත්තු කරලා තියෙන්නේ.
එංගලන්තේ නැති ආරක්ෂාවක් අපේ රටේ කොහෙද?
සියල්ල ඉතාම කනගාටුදායකයි.
දැන් එතකොට "බුරුවන් තේරීමේ මහා තරගය" ඉවර වෙනකම් මෙම නිලධාරියාගේ ආරක්ෂාව ගැන අල්ලපු රටේ හමුදා ප්‍රධානිය වෙන්න ඇති බලලා තියෙන්නේ නේද? බලන්නකෝ එ්කෙත් වැඩේ හැටි... ලක් පුරවැසියන් සියල්ලෝම කොන්ඩේ බැඳලද ලිහලද?
හමුදාපතිතුමාට අනුව බ්‍රිතාන්‍යය රජ්‍යතන්ත්‍රීකයින්ට අනාරක්ෂිත රටක් ???
ඇත්තටම විදේශ රටවල තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට හමුදාවේ අය පත් කිරීමේ තේරුම කුමක්ද? ඇත්තටම ඒ අයගෙන් වෙන සේවය කුමක්ද? මෙහෙම තනතුරු පටන් ගත්තේ පහුගිය ආණ්ඩුවෙන් ඒ කීප දෙනෙක් සතුටු කරන්න .
යුද්ධේ දවස් වල මුලු ආම් එකම නිවාඩු යවල ගෙවල්වල තියාගන්න තිබ්බ ආරක්ෂාවට
මෙවැනි නිවට නියාවෙන් තමයි එල්ටීටීඊ සමඟ සාම ගිවිසුම වේලාවෙත් අපි හිටියේ කමක් නැහැ මේවා වගේද සංහිඳියාව
හැබෑට ?
මෙහි ඇති සියලු අදහස් වලට ගරු කරමි. නමුත් සිදු වූ සිද්ධියත් සමග දැන් ඔහුට ලන්ඩනයේ තනිව ගමන් යාම අනතුරුදයකා නොවේද. යම් අනතුරක් වුනොත් මේ අයගේ අදහස් දැන්ම දැන ගන්න මම කැමතියි
මහේෂ් සේනානායක මෙතරම් පච උනේ කොහොමද....? එහෙම බලද්දී ට්‍රෙවිස් සින්නය්යා මහත්මයා, සරත් ෆොන්සේකා මහත්මයා උදාර නායකයෝ.
මේකෙ අදහස් දාන ගොඩක් අයට ජාත්‍යන්තර නීති ගැන දැනුමක් නැහැ වගේ. මොහු කල දෙය අපට වීර කමක් වුනාට ඒ රටේ එය වැරැද්දක්. ඒ නීතියට අනුව ඔහුව අත් අඩන්ගුවට ගන්න පුලුවන්. අන්න ඒකෙන් බේරගන්න තමයි ඔහුව ගෙන්නල තියෙන්නෙ.
එහෙම තර්ජන තිබුණට එහෙම කරදර කරලා ඩයස්පෝරාව අනා ගන්න යන්නේ නෑ. උන් සුදු හමටබයයි....
හරි වැරැද්ද මොක උනත් අන්තිමට නැති උනේ ලංකාවේ මිනිස්සුන්ගේ අභිමානය. ඒ වෙනුවෙන් පෙනී ඉන්න කවුරුත් නෑ.
බලාගෙන ගියාම එංගලන්තෙත් අනාරක්ෂිත රටක් නේ....
ජනාධිපති ,ජාත්‍යන්තාරේ දිනුව කියන්නේ , මොන ---තදද ?
බයක් වෙන්න දෙයක් නැහැ , ජනාධිපති ,ජාත්‍යන්තරේ දිනලා ඉන්නේ.
මෙම බ්‍රිගේඩියර්වරයා මෙරටේදී කටයුතු කරනකොට දමිල ජනතාව සමග බොහොම සහයෝගයෙන් වැඩ කටුතු කල කෙනෙක් බව අදහස් පල වුනා. රජතාන්ත්‍රික මටමින් බලන කල මෙතුමා අතින් අත්වරදක් සිදු වෙලා කියලයි අදහස් පලවෙලා තියෙන්නේ . එමනිසා මෙම ප්‍රශ්නය රජතාන්ත්‍රික මට්ටමින් මෙතුමටත් රටටත් හානියක් නොවන විදිහට විසදාගත යුතුය . යුද හමුදාපතිතුමා ප්‍රකාශ කරනව මේ වගේ සිද්ධි ඕන තරම් වෙලා තියනවා නමුත් රණවිරුවන් දඩමීමා කරගත නොගත යුතුයි කයලා. එය බොහොම බුදිමත් අදහසක් . ඒ වගේම එතුමාට මෙම ප්‍රශ්නය විසදාගැනීමට හැකි වේවා කියල ප්‍රර්ථනා කරනවා . නමුත් මෙම ප්‍රශ්නය දඩමීමා කරගෙන තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට දේශපාලකයෝ උත්සහ කරන බවත් පේනවා .