තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොපැමිණි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය රතු නිවේදනයක් නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කළ පසු එය ජාත්‍යන්තර පොලිසිය මගින් ක්‍රියාත්මක කිරීමට ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය මුලින්ම නිල් නේවදනයක් නිකුත් කර පසුව රතු නිවේදනයක් නිකුත් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
2006 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්රේනයේ යුක්රේන්මාෂි නැමැති සමාගම වෙතින් මිග් ගුවන් යානා හතරක් මිලදී ගැනීම සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතුව තිබූ මිග් ගුවන් යානා හතරක් ඕවර්හෝල් කිරීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට 2015 මාර්තු 10 වැනි දා මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කීවේය.
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මේ ගනුදෙනුවට මැදිහත්ව කටයුතු කර ඇති බව විමර්ශනයේ දී අනාවරණය වීයැයි ද, ඔහුගේ බැංකු ගිනුම් වෙත විදේශ රටවල් වලින් සැකකටයුතු ලෙස විශාල වශයෙන් මුදල් බැරවී ඇතැයි ද ඒ සම්බන්ධයෙන් වීරතුංග මහතාගෙන් ප්‍රශ්න කිරීමට කැඳවූවත් නොපැමිණි බැවින් 2016 ඔක්තෝබර් 20 වැනි දා අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කළේයැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
උසාවි නියෝගයක් අනුව උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිනුම් 16ක ඉදිරි ගනුදෙනු අත්හිටුවූ බවත් ඒ වන විට බැංකු ගිණුම්වල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.7ක ශේෂයක් තිබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
රුසියාවේ තානාපති ලෙස උදයංග වීරතුංග මහතාගේ සේවය 2015 පෙබරවාරි දෙවැනිදායින් අවසන් කර ඇතැයි කී රුවන් ගුණසේකර මහතා ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය භාර නොදී 2015 මාර්තු තුන් වැනි දා ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලකගෙන් සාමාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් ගෙන 2016 ඔක්තෝබර හතර වැනි දා එක්සත් අරාබි එමීර් රාජ්‍යට ගොස් ඇතැයි ආනවරණය වූ බව ද සඳහන් කළේය.
මෙම පරීක්ෂණ සඳහා විමර්ශන කණ්ඩායමක් යුක්රේනයට ගිය ද වීරතුංග මහතා එහි නොසිටි බව ද, තමාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටියත් මූල්‍ය අපරාධ කොට්ඨාසය ප්‍රකාශ නොගත් බවට වීරතුංග මහතා කරන ප්‍රකාශ අසත්‍ය බව ද, ඔහු කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් ලබා දීමට අවස්ථාවක් ඉල්ලා නොසිටි බව ද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පුරවැසියකු වන වීරංතුංග මහතා ශ්‍රී ලංකාවේ පවත්නා නීතියට යටත්ව ක්‍රියා කළ යුතු බවත්, ලංකාවේ අධිකරණ නියෝග වලට අවනතව කටයුතු කළ යුතු බවත්, තමන්ගේ නිර්දේෂීභාව ගැන සමාජ ජාලා වෙබ් අඩවි මගින් ප්‍රකාශ කරනු වෙනුවට ලංකාවේ අධිකරණයට ඉදිරිපත් වී නිර්දේශී භාවය ඔප්පු කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුගේ ගිණුමේ තිබුන ගාන බලනකොට, අනෙක් එවුන්ගේ කොහොමට ඇතිද?ඩේසි ආච්චිලා හැම එකාටම හිටියද දන්නේ නැහැ,
ගිණුම් 16 ක් ඔහුට?මිලියන ගණනක් එම ගිණුම් වල? කව්ද මොහුට මේවාට අත හිත දුන්නේ?පරාජය වුනු අයද දැන් පාලනය කරන අයද ? මට අහන්න තිබෙන්නේ රටේ සම්පත් හොරාගෙන කාපු ,හොරාකන්න අතහිත දීපු එවුන් නැවත බලයට ගෙනෙන්න වලිකන පුද්ගලයෝ කන්නේ මැටිද කියලයි ?
උදයංග වීරතුංග නැවත වතාවක් ආගිය අතක් නැත. මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලීසිය හරහා ලබා ගත් රතු නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව උදයංග වීරතුංග ඩුබායි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට උත්සාහ කර තිබේ. නමුත් ඒ වන විටත් ඔහු පොලීසිය ඉදිරියේ පෙනී සිටීම මගහැර නිවසෙන් පැන ගොස් ඇත. ඒ අනුව ඩුබායි පොලීසිය ඔහු අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙස නම් කර තිබේ. ඩුබායි පොලිසිය දැනුම්දීමට පෙර තමාට විරුද්ධව ජාත්‍යන්තර පොලිසිය රතුවරෙන්තුවක් නිකුත් කර ඇතිබව උදයංග වීරතුංග දැනගෙන ඇත. මෙහිදී පැනනඟින ප්‍රධාන ප්‍රශ්නය වන්නේ රතු වරෙන්තුවක් නිකුත් කල බවක් ඔහුට කල් තියා දැනගන්නට ලැබුනේ කෙසේද යන්නයි.ශ්‍රී ලංකාවේ පොලිසියේ කටයුතු සිද්ධ වෙන්නේ මේ ආකාරයටනම් " හොරුන් සහ දුෂිතයින්" හට දඬුවම් දීමට ගන්නා උත්සාහය ප්‍රමාද වෙන්නේ මන්ද යන්නත් තේරුම් ගත හැකිය. හමුදාවේ හිටිය කෙනෙක් හෝ මොන ජගතෙක් හෝ පත් කලද රාජ්‍ය රහස් මෙලෙස ඉතා ලෙහෙසියෙන් පිටතට ලබාදෙන කවුරුන් හෝ කොතැනක හෝ ක්‍රියාත්මකව ඉන්නාතුරාවට හොරුන්ට දඬුවම් දීම කෙරෙන දෙයක් නෙවන බවනම් කිව යුතුය. වගකිවයුත්තන්ට මේගැන රුදාවක් නැත්නම් අපට කල හැකි බම්බුවක්ද නැත.
ඕව ඔක්කෝම බොරු වැඩ . අපි දැක්කනේ පත්තර වලින් ගිය පාර වෙච්ච දේ.
පොහොට්ටුවෙන් මෙයා ජන්දය ඉල්ලුවනම් උඩින්ම දිනනවා. මෛත්‍රීපාල සිරිසේන _රනිල් ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණයේදී ජනතාව හොඳ පාඩමක් ඉගැන්වුයේ උදයංග වීරතුංග ඇතුළු රාජපක්ෂ පවුලේ උදවිය දඩයම් කරන්න ගිය නිසයි. එජාපයේ අයටත් මේකේ රස දැනුන නිසා තමයි දුෂණ අතින් රාජපක්ෂලා පරාජය කරමින් වාර්තාවක් තියන්න ඕනේ කියල වැඩේට අත ගැහැව්වේ. ඉදිරියේදී ජන්දය පාවිච්චි කිරීමේදී ජනතාවට තෝරා ගන්න වෙන්නේ හොඳම හොරා කවුද කියන එකයි. මුළු රටේම මහා එකාගේ ඉඳන් පොඩි එකා දක්වා ගැහිලි නියාමය ව්‍යාප්ත වුනේ සියලුම සොරකම් වලට හා සොරකම් යට ගැහීමට රාජ්‍ය අනුග්‍රහය ලැබීම නිසයි. ඉස්සර නම් කීවේ මඩ සෝදා ගත් කළ ගොවියා රජකමට වුනත් හොඳයි කියල. දැන් නම් ඉතින් ඇඟේ "මඩ" තියෙන තරමට රජකමට ඇති සුදුසු කම වැඩිවෙනවා.
බැඳුන්කරේ අමතක කොරමු. කෝ අර ඩුබාය් බැංකුවක තිබුන කිව්ව මහින්දගෙ ඩොලර් බිලියන 18ට (මිලියන 18,000 හෙවත් ලක්ෂ 180,000) ඒ මහින්දගෙ මුදල් සම්බාරය අපහු අරන් අාව නම් මුලු රටම ගොඩනෙ. අැයි පරක්කු.
පොහොට්ටවට චන්දය දුන් නෝනා වරුනි මහත්වරුනි මේව බොරුද ? පලිගැනීම්ද ඇයි ඔබ 30 වසරක යුද්ධය පෙන්නපෙන්න හැමදාම චන්දය හොරකම් කරන මේ අයට රැවටෙන්නෙ? යූ ඇන් පී හොඳයයි නොකියමු. වෙනත් පක්ෂ නැතිද? මේ ඔබගේ මුදල් නොවේද?
යුද්ධයේ මුවාවෙන් ගසාකාපු මුදල් වහාම සොයා රටට ගෙන්වාගන්න. මෙයා හිටපු මහරජාගේ ඥාති සහෝදරයා. ඉස්සර ආවේ ගියේ මෝටර් සයිකල් කට්ටකින්. අයියා රජ වුන ගමන් කවුරු කවුරුත් රටට ආවේ ඇයි කියලා තේරෙනවද දැන්?
මේ ප්‍රකාශ තනිකරම මිනිස්සුන්ව නොමග යවන්න කරපු එකක්. උදයංග වීරතුංගට කවදාවත් රතු නිවේදනයක් එල්ල වෙලා නැහැ. ඒ කියන්නේ මෙච්චරකල් අධිකරණය ඉදිරියේ විභාග වුන කරුණු වලට අදාලව රතු නිවේදනයක් නිකුත් කිරීමේ හැකියාවක් ජාත්‍යන්තර පොලිසියට තිබිල නෑ.
ඉන්ටර්පෝල් රෙඩ් නෝටිස් ලිස්ට් එක ලංකාවෙන් ඉන්නෙ 16 දෙනානෙ... කෝ ඉතුරු මිනීමරු එල්.ටී.ටී.ඊ. නායකයෝ?
තාම ඉන්ටර්පෝල් අඩවියේ නම නැහැ. ගිහිල්ල ම බලන්න.
වරදක සැකකරුවෙකුට "මහතා" කියල ආමන්ත්‍රණය කරන්න කිසිම උවමනාවක් නෑ. ඔහු වරදක සැක කරුවෙක්. උසාවි නියෝග කඩ කරලා පැනල ඉන්න කෙනෙක්. ඉතින් කොහොමද මහත්මයෙක් වෙන්නේ? "සැක කාර උදයංග වීරතුංග අත්අඩංගුවට..." කියල ලිපිය වෙනස් වෙන්න ඕනේ කියලයි මගේ අදහස.
රාජිත අමතිතුමාම කියන විදියට ගිය ආණ්ඩුව හොරකම් කලත් යුද්ධය ඉවර කරලා ජනතාවට දැනෙන සංවර්ධනයක් කළා. මිග් යානා වලින් කාගේ සාක්කු පිරුනද අපිට වැඩක් නැහැ ඒවා අරගෙන හරි ප්‍රයෝයනය ගත්ත. තමිල් සෙල්වම්ගෙ සිට සියලුම එල්ටීටීඊ නායකයන්ගේ මර්මස්ඨාන විනාශ කලේ ඒවායෙන්.
මෙයාව මේ පහුගිය ඡන්දෙට ඉස්සෙල්ල ඩුබායි වලදී අල්ල ගත්ත කියල ලොකු සද්දයක් දැම්ම නේද... මොකෝ උනේ පැනල ගිහිල්ලද ඩුබායි පොලිසියෙනුත්.
අපට නාට්‍ය පෙන්වනවා , අශ්වයා අරාබියෙන් පැනල ගියාම ඉස්තාලේ වහන්න හදනවා . මේවා මෙගා නාට්‍ය
උදයංග වීරතුංග නැවත වතාවක් ආගිය අතක් නැත. ජාත්‍යන්තර පොලීසිය හරහා ලබා ගත් රතු නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව උදයංග වීරතුංග ඩුබායි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට උත්සාහ කර තිබේ. නමුත් ඒ වන විටත් පොලීසිය ඉදිරියේ පෙනී සිටීම මගහැර ඔහු නිවසෙන් පැන ගොස් ඇත. ඒ අනුව ඩුබායි පොලීසිය ඔහු අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙස නම් කර තිබේ. ඩුබායි පොලිසිය දැනුම්දීමට පෙර තමාට විරුද්ධව ජාත්‍යන්තර පොලිසිය රතුවරෙන්තුවක් නිකුත් කර ඇතිබව උදයංග වීරතුංග දැනගෙන ඇත. මෙහිදී පැනනඟින ප්‍රධාන ප්‍රශ්නය වන්නේ රතු වරෙන්තුවක් නිකුත් කල බවක් ඔහුට කල් තියා දැනගන්නට ලැබුනේ කෙසේද යන්නයි.ශ්‍රී ලංකාවේ පොලිසියේ කටයුතු සිද්ධ වෙන්නේ මේ ආකාරයටනම් " හොරුන් සහ දුෂිතයින්" හට දඬුවම් දීමට ගන්නා උත්සාහය ප්‍රමාද වෙන්නේ මන්ද යන්නත් තේරුම් ගත හැකිය. හමුදාවේ හිටිය කෙනෙක් හෝ මොන ජගතෙක් හෝ පත් කලද රාජ්‍ය රහස් මෙලෙස ඉතා ලෙහෙසියෙන් පිටතට ලබාදෙන කවුරුන් හෝ කොතැනක හෝ ක්‍රියාත්මකව ඉන්නාතුරාවට හොරුන්ට දඬුවම් දීම කෙරෙන දෙයක් නෙවන බවනම් කිව යුතුය. වගකිවයුත්තන්ට මේගැන රුදාවක් නැත්නම් අපට කල හැකි දෙයක්ද නැත.
රංග, ඔයාලා වගේ මිනිස්සු හින්ද තාම මේ රටේ දේශ පාලුවෝ ඒ අයගේ හෙන්චයියොයි ඇතිවෙන්න හොරකන් කරකර ඉන්නේ...
පෙබරවාරි 4 වැනිදා උදේ හොට් නිවුස් එක වුනේ... උදයංග වීරතුංගව ඩුබායි ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත්තා කියලානේ. පසුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න නියෝජිත පිරිසකුත් එරටට ගියානේ. දැන් මොනවද මේ කියන්නේ?